Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
"මට හිතා ගන්න බැහැ විශාල ගෙඩියක් එහෙම කොහොමද ඉවත් කළේ කියලා.." - උදරය නොකපා කුහර 5ක් සාදා උදරයේ තිබු 1kg ක පමණ ගෙඩියක් ඉවත් කළ විශ්මිත සැත්කම

- "මට හිතා ගන්න බැහැ විශාල ගෙඩියක් එහෙම කොහොමද ඉවත් කළේ කියලා.." - උදරය නොකපා කුහර 5ක් සාදා උදරයේ තිබු 1kg ක පමණ ගෙඩියක් ඉවත් කළ විශ්මිත සැත්කමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,860 Views
වසර කිහිපයක ඉහතදී විවාහක කාන්තාවන්ගේ ගර්භාෂය බිත්තියෙන් පිටත හටගෙන තිබූ සති විසිහයක දරුගැබකට සමාන කිලෝග්‍රෑමයකට අධික බරින් යුතු විශාල ගෙඩියක් උදරය කැපුමකින් විවර නොකරමින් කුඩා සිදුරු පහක් විදඉවතට ගැනීමේ විශ්මිත ශල්‍යකර්මයක් (ලැපරස්කොපික් මයෝමෙක්ටමී) රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය අජිත් කුමාර දිසානාය මහතාට විසින් සිදු කලේය.

අධි තාක්ෂණය උපයෝගිකර ගනිමින් ත්‍රීඩී තාක්ෂණය ඔස්සේ උදරය අභ්‍යන්තරය නිරික්ෂනය කරමින් මහාචාර්ය ඒකකයේ ශල්‍යාගාරයක් තුලදී විශ්මිත සැත්කම සිදුකර තිබුණු අතර මීට පෙර මෙවැනි සැත්කම් 33ක ප්‍රමාණයක් විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදුකර තිබුණත් එදින ඉවත්කරනු ලැබූ ගෙඩිය (ෆ්‍රයිබොයිඩ්) රෝගී කාන්තා උදරයකින් හමුවූ වැඩිම බරෙන් යුතු ගෙඩියකි.එහි බර ග්‍රෑම් 1100 කට අධික වන අතර එය සති 26ක දරු ගැබකට සමාන එකකි.

වසර දහයක පමණ දීර්ඝ පුහුණුවක් ලැබීමෙන් අනතුරුව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජේෂ්ඨ කථිකාචාර්ය අජිත් කුමාර දිසානායක මහතා මීට පෙර ලැපරස්කොපි තාක්ෂණය යොදා ගනිමින් ගර්භාෂ ඉවත් කිරීම් ගර්භාෂ ගෙඩි ඉවත්කිරීම් 33ක් හා පැලෝපිය නාල පරික්ෂා කිරීම් 200 කට අධික ප්‍රමාණයක් සිදුකර තිබුණි.පසුගිය කාලයවන විට පැය දෙකකට ආසන්න කාලයකදී එක් සැත්කමක් සිදුකර අවසන් කිරීමට ඒ මහතා දක්ෂතාවය දක්වා තිබුණත් අති විශාල ගෙඩිය උදරයෙන් පිටතට ගැනීමට ඒ මහතාට පැය හතරක පමණ කාලයක් ගතවී තිබුණි.

ශල්‍ය කර්මයට භාජනයවූ 42 හැවරදි විවාහක කාන්තාව ඇගේ උදරයේ විශාල ගෙඩියක් තිබෙන බවට අනුමානකර ගැනීමෙන් පසුව විශේෂඥ වෛද්‍යවරයා හමුවට පැමිණ තිබෙන අතර සිදුකල මූලික පරික්ෂණ වලදි ගර්භාෂයෙන් පිටත විශාල ගෙඩියක් හටගෙන තිබෙන බව තහවුරු කරගෙන තිබේ.අනතුරුව අනුරාධපුර ශික්ෂන රෝහල් පරිශ්‍රයේ පිහිටි රජරට
විශ්ව විද්‍යාල මහාචාර්ය ඒකකයේ පිහිටි අති නවීන ශල්‍යාගාරයකදී ශල්‍ය කර්මය සිදුකර තිබේ.කාන්තාවගේ උදරයේ මිලි මීටර් පහ බැගින්වූ කුඩා සිදුරු හතරක් හා මිලිමීටර් 12ක කුඩා කැපුමක් මගින් ගස්ලඹු ගෙඩියකට සමාන සති 26ක් පමණ වන දරු ගැබකට සමාන ගෙඩිය ඉවතට ගෙන තිබේ.

අධි තාක්ෂනික තියුණු කැපුම් උපකරණයක් වන මොසිලේටරය නැමති උපකරනය උදරය තුලට ඇතුලු කිරිමෙන් පසුව ඉතා ආරක්ෂාකාරීව උදරය අභ්‍යන්තරයේ පිහිටි ගර් භාෂය හෝ වෙනත් අවයවයන්ට කිසිදු හානීයක් සිදුනොවන අයුරින් ගෙඩිය කොටස්කර පිටතට ගැනීම සිදුකර තිබුණි.

වෛද්‍යවරයා විසින් කුඩා කැමරාවෙන් ලැබෙන උදර අභ්‍යන්තර රූප රාමූ රූපවාහීනි තිරය මගින් නරඹමින් ශල්‍යකර් මය සිදුකිරීම විශේෂත්වයකි.

උදරය අභ්‍යන්තරයේ තිබූ විශාලතම ගෙඩියක් ඉවත්කල ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජේෂ්ඨ කථිකාචාර්ය අජිත් කුමාර දිසානායක මහතා.රෝගියාට සිදුකල ශල්‍යකර්මය තමයි මා විසින් සිදුකල විශාලතම ශල්‍ය කර්මය.පැය හතරක පමණ කාලයක් ගතවුණා එම කටයුත්ත අවසන් කරන්න.ඇයගේ ගර් භාෂ බිත්තියට පිටතින් ඇලී තිබුණු ගෙඩිය සති 26ක දරු ගැබකට සමානයි.මේ නිසා ඇගේ උදරය ඉතා විශාල තත්වයක තිබුනේ.

මුලින්ම රෝගීයාට ඇගේ තත්වය හා අවදානම පිළිබදව අවබෝධ කරලා ශල්‍ය කර් මය ආරම්භකරා.අභ්‍යන්තර රුධිර වහනය අවමකරන වැසෝප්‍රසීන් (vasopresin) හෝමෝනය ලබාදුන්නා.නැත්නම් රුධිරය මිලිලීටර් 500-1000අතර ප්‍රමාණයක් වහනයවීමේ අවධානමක් ඇති වෙනවා.නමුත් රුධිරය මිලිලීටර් 300ක් පමණ තමයි වහනයවුණේ.ඒ වගේම ශල්‍යකර්මයෙන් දිනක් ගතවෙද්දී ඇයට සාමාන්‍ය පරිදි ඇදෙන් බහින්න පුළුවන් වුණා.

විශාල කැපුමක් යොදලා මේ ශල්‍යකර්මය සිදුකරනාම් ඇයට දින 90ක් පමණ විවේකිව ඉන්න සිද්ධවෙනවා.ඒ වගේම කාන්තාවක් වන ඇයගේ උදරයේ විශාල කැලලක් ඉතිරිවනවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

ශල්‍යකර්මයට භාජනයවූ 42 හැවරදි විවාහක කාන්තාව වෛද්‍යවරයා විසින් සිදුකල විශ්මිත සැත්කම සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය.

"මට හිතාගන්නත් බෑ එතුමා මේතරම් විශාල ගෙඩියක් කුඩා කැපුම් සිදුරුතුලින් පිටතට ගත් ආකාරය පිළිබදවා.එතුමා ඉතාම දක්ෂයි අභියෝගයන් බාරගෙන කටයුතු කිරීමේ හැකියාවක් තියනවා කියලා මට හැගුණා. මාව ශල්‍යගාරයට ගත්ත වෙලාවේ ඉදන් මගේ හිතේ තිබුණු බිය සැක නැති කරලා ඉතා සුහදශිලිව මගේ රෝගයට ප්‍රතිකාර සිදුකලා.මෙවැනි වෛද්‍යවරුන් අපිට සම්පතක් එතුමාට නිරෝගී සුව පතනවා.."

 යනුවෙන් රෝගී කාන්තාව පැවසුවාය.

මෙම ශල්‍යකර්මය සිදුකිරිම සදහා ජේෂ්ඨ කථිකාචාර්ය ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය අජිත් කුමාර දිසානාය මහතාට නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු වෛද්‍යවරුන් සිවුදෙනෙකු හෙද කාර්ය මණ්ලයේ නිලධාරිනියන් දෙදෙනෙකු හා තාක්ෂන නිලධාරින් දෙදෙනෙකු සහය දක්වා තිබුණි.

මහේෂ් විජේසුරිය



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  868 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,390 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,709 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,172 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,812 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,269 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,730 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  563 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top