Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
18
රාජ්‍ය මුදල් අවභාවිතා කළ බව පිළිගත් අගමැති බිරිඳට දඩ නියම වෙයි - Photos

- රාජ්‍ය මුදල් අවභාවිතා කළ බව පිළිගත් අගමැති බිරිඳට දඩ නියම වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views
රාජ්‍ය මුදල් අවභාවිත කළ බව පිළිගත් ඊශ්‍රායල අගමැති බෙන්යමින් නෙතනියාහුගේ බිරිඳට ඇමරිකානු ඩොලර් 15,000ක මුදලක් ආපසු ගෙවීමට සිදු වනු ඇත.

අගමැති නිල නිවසේ කෝකියන් නොමැති බව පවසමින් පිටතින් ආහාර රැගෙන ඒමට ඩොලර් 99,300ක් වියදම් කළ බවට සාරා නෙතනියාහුට (Sara Netanyahu) චෝදනා එල්ල වී තිබේ.

වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරීම යටතේ පසුගිය වසරේ දී ඇයට එරෙහිව නඩු පැවරිණි.

ඇයගේ නීතිවේදියා කියා සිටියේ මෙම නඩුවට අගමැති බිරියගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර පැමිණිලිකරුවන්ට අවශ්‍ය වී ඇත්තේ ඇයගේ සැමියාට අවමන් කිරීම බවය.

ඇය වරද පිළිගැනීම හේතුවෙන් දඩ මුදල් වශයෙන් ඩොලර් 2,777ක් සහ මුළු මුදලෙන් ඩොලර් 12,490ක් ගෙවීමට ඇයට නියම වී තිබේ.

වරද පිළිගැනීම නිසා ඇයට එරෙහිව ඇති චෝදනා අවම වුවත්, අපරාධ වාර්තාවට නම ඇතුළත් වෙනු ඇති බව 'ජෙරුසලම් පෝස්ට්' පුවත්පත වාර්තා කර තිබිණි.

සාරා නෙතනියාහු වරද පිළිගැනීම හේතුවෙන් අධිකරණ ක්‍රියාවලිය පහසු වූ අතර නම් කර සිටි සාක්ෂිකරුවන් අසූ දෙනා ගෙන්වීම ද වැළක්විණි.

"පැමිණිලි පාර්ශවය දන්නවා අදාළ මුදල සහ අපරාධ වරද අතර සම්පූර්ණ අන්‍යෝන්‍ය සම්බන්ධයක් නොමැති බව. නමුත් අධිකරණ ක්‍රියාදාමයක දී සම්පූර්ණ සම්බන්ධතාවක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ," පැමිණිල්ලේ නීතිඥ එරෙස් පාදන් පැවසීය.

අදාළ ආහාර ඇණවුම් සිදු කර විශේෂ අමුත්තන්ට පිළිගන්වන ලද්දේ අගමැති නිවසේ කටයුතු භාර කළමනාකරු විසින් බැවින්, සාරා නෙතනියාහු ඒ ගැන දැනුවත් නොමැති බව ඇයගේ නීතිඥවරයා පසුගිය වසරේ දී අධිකරණය හමුවේ පැවසීය.

අගමැති බෙන්යමින් නෙතනියාහු සිය බිරිඳට එරෙහිව ඇති චෝදනා පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, "සාරා නෙතනියාහු ඉතා බලවත් සහ ගෞරවාන්විත කාන්තාවක්, ඇයගේ ක්‍රියාකාරකම්වල කවදාවත් අඩුපාඩු තිබිලා නැහැ," යනුවෙනි.

නිවසේ සේවය කළ මෙනි නෆ්ටාලිට (Meni Naftali) රැකියා ස්ථානයේ දී පරිභව කිරීමේ වරදට 2016 වසරේ දී ඩොලර් 47,000ක දඩ මුදලක් ගෙවීමට සාරා නෙතනියාහුට සිදු විය. මෙනි නෆ්ටාලිට රැකියා ස්ථානයේ දී නින්දා අපහාස කළ බවට ඉදිරිපත් කළ චෝදනා පත්‍රය අධිකරණය අනුමත කර තිබිණි.

අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද නඩු කිහිපයකට මුහුණ දෙමින් සිටී. අල්ලස් ගැනීම, වංචා සහ විශ්වාසය කඩ කිරීම යටතේ ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නියමිත බව පෙබරවාරි මස ඊශ්‍රායලයේ නීතිපතිවරයා දන්වා තිබේ.

ලබන ඔක්තෝබර් මස කැඳවීමට නියමිත මෙම නඩුවල අවසාන නඩු වාරයේ දී අගමැතිවරයාගේ නීතිඥවරුන්ට කරුණු ඉදිරිපත් කළ හැකිය.

තමන්ට එරෙහිව ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අගමැතිවරයා පවසන්නේ, "දේශපාලන වාසි" ලබා ගැනීම සඳහා මෙම නඩු පවරා ඇති බවය.

"BBC සිංහල"




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top