Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
මුස්ලිම් දේශයක් වෙනුවෙන් මිය යෑම සඳහා ප්‍රතිඥා දුන් පුද්ගලයින් පිරිසක් ගැන හෙළිවෙයි - Video

- මුස්ලිම් දේශයක් වෙනුවෙන් මිය යෑම සඳහා ප්‍රතිඥා දුන් පුද්ගලයින් පිරිසක් ගැන හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,645 Views
මුස්ලිම් දේශයක් වෙනුවෙන් මිය යෑම සඳහා ප්‍රතිඥා දුන් පුද්ගලයින් පිරිසක් සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අනාවරණය කර ගෙන තිබෙනවා.

ඒ ගාල්ලේ දී අත්අඩංගුවට ගත් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් වලදීයි.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙක් වන මොහොමඩ් කාදර් මොහොමඩ් හෂ්මි ගාල්ල මිලිද්දුව ප්‍රදේශයේදී ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගැණුනේ පසුගිය අප්‍රේල් 29 වනදායි.

වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙක් වන ඔහු දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර තිබෙනවා.
 

දින 90 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සැකකරු සුවිශේෂි කරුණු රැසක් අනාවරණය කර ඇති බව විමර්ශන භාර උසස් පොලිස් නිලධාරියෙක් හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා.

සැකකරු අනාවරණය කර ඇති පරිදි ඔහු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධ වී ඇත්තේ සිකුරාදා යාඥ මෙහෙයන් සඳහා ගිය දෙහිවල ප්‍රදේශයේ දේවස්ථානයකදී මුණගැසුණු පුද්ගලයන් පිරිසක් සමග ඇතිකර ගත් මිතුරුකමක් ඔස්සේයි.

බියගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකදී 9 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායම ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග 2017 වසරේ සාකච්ඡාවකද නිරතව තිබෙනවා.

සැකකරු පොලිසියට පවසා ඇති ආකාරයට මුස්ලිම් දේශයක් වෙනුවෙන් මිය යෑම සඳහා ඔවුන් ප්‍රතිඥා දී ඇත්තේ එම සාකච්ඡාවෙදියි.

ඉන් පසුව එම කණ්ඩායම මාතලේ ප්‍රදේශයේ කිසියම් ස්ථානයකදී දෙදින නේවාසික වැඩමුළුවකට සහභාගී වී තිබෙනවා.

සහාරාන් හෂීම් ඇතුලු පුද්ගලයින් 6 දෙනෙකු මෙහෙයවූ එම වැඩමුලුවේදී මෙම පිරිස අවි පුහුණුවක්ද ලබා ඇති බව සඳහන්.

පොලිස් ප්‍රශ්න කිරීම් වලදී හෙලිව ඇති ආකාරයට දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් නැමැත්තාද එම කණ්ඩායමේ සාමාජිකයෙක්.

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී පොලිස් භාරයට ගැණුනු ජංගම දුරකථනය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවා ඇතැයි විමර්ශන භාර උසස් පොලිස් නිලධාරියෙක් හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා.

මේ අතර ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මාසයේ සිදුකල විමර්ශනයක් පිළිබඳ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද අනාවරණය කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  862 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,381 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,690 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,168 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,810 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,269 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,725 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  561 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,568 Downloads



Top 10 Commenters

Latest Comments

Top