Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් බදු ගෙවන මහජනතාවට ශාපයක් වී ඇති ආකාරය - Video

- මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් බදු ගෙවන මහජනතාවට ශාපයක් වී ඇති ආකාරය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,921 Views
මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබදව ජනතාව වැඩි බලාපොරොත්තුවක් තබාගෙන සිටියද මේ වන විට එය ජනතාවගේ හිසමතටම කඩාවැටෙන පිල්ලියක් බවට පත්ව තිබෙනවා.

ඒ අනුව වැඩි වේගයකින් මාර්ගයක ගමන් කිරීමේ සිහිනය කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ අවට ගම්වාසීන්ට තමන්ට බීමට තිබූ ජල බිදද අහිමි කර දැමීමට මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සමත්ව තිබීම ඛේදනීය තත්ත්වයක්.

නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ පවතින අධික රථවාහන තදබදය තුළ කාලය හා ඉන්ධන අපතේ යවමින් සිදුවන නාස්තිය අවම කිරීමට මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මනා පිටිවහලක් වන බවට කිසිදු තර්කයක් නැහැ.

නමුත් බලධාරීන්ගේ අමනෝඥ ක්‍රියාවන් නිසා එවන් වටිනා ව්‍යාපෘතියක් බදු ගෙවන මහජනතාවට ශාපයක් වී ඇති ආකාරය මධ්‍යම අධිවේගය නිර්මානය වන ප්‍රදේශ රැසක අවට දක්නට ලැබෙනවා.
 

මෙහි දැක්වෙන්නේ කුරුණෑගල - මල්ලවපිටිය ප්‍රාදේශිය කොට්ඨාශය අවට පරිසරයට මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් දැන් අත්ව ඇති ඉරණමයි.

නිසි පරිසර ඇගයීමකින් තොරව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ අනිටු ප්‍රතිපල ලෙස මෙම ප්‍රදේශයේ ගම්මාන 19 ක ජනතාවට බීමට ජල බිදක් සොයාගෙන ත්‍රීරෝද රථවලින් ගමන් කිරීමට සිදුව තිබෙනවා.

ප්‍රදේශයේ ජල මූලාශ්‍ර රැසක ආරම්භය වන ජලපෝෂක කදු පන්ති ඉවක් බවක් නොමැතිව කපා දමන අතර ඊට ඉතා වටිනා වෘක්ෂ ලතාද ගොදුරු වනවා.

දැදුරු ඔය පෝෂණය කරන ජල මූලාශ්‍ර අතර ප්‍රධාන තැනක් ගන්නා මඟුරු ඔය ආරම්භ වන්නේද මෙම කදුපන්තියෙන්.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බලමහිමයෙන් අද වන විට මඟුරු ඔය තිබූ ස්ථානයක්වත් සොයා ගැනීමට නොහැකිව තිබෙනවා.

මෙම වනාන්තර විනාශයෙන් ඉහළ තලම්පිටිය, තලම්පිටිය, මහගම, කොහිලේගෙදර ඇතුළු ගම්මාන රැසක ජනතාව කිසිදාක මුහුණ නොදුන් ජල ගැටළුවකට මේ වන විට මුහුණ පා අවසන්.

බීමටවත් ජලය නොමැති පසුබිමක අක්කර සියගණනක කුඹුරු අස්වැද්දීමද ගොවීන්ට සිහිනයක්ව තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී සිය ගොවිබිම් පවා අත්හැර දැමීමට තරම් අවධානමක් ඇති මෙම ප්‍රදේශවල ජනතාවට වගකියන්නට ඉදිරිපත්වන්නේ කවරහුද?

මෙම ව්‍යාපෘතියේ පරිසර හා මුදල් නාස්තිය කොපමනක්ද යත් ව්‍යාපෘතිය ආරම්භ කර වසර 17 ක් ගතව තිබියදීත් නිවැරදි හා පිළිගත හැකි ශක්‍යතා අධ්‍යන වාර්තාවක් සකස්කර ගැනීමට ඊට වගකිවයුතු පාර්ශවයන් අසමත්ව තිබුණද ශක්‍යතා අධ්‍යයන වෙනුවෙන් මේ වන විටත් රුපියල් මිලියන 2193.8 ක මුදලක් වියදම් කර අවසන් කර තිබීම පුදුමයට කරුණක්.

ඒ අනුව විගණකාධිපතිවරයාගේ විශේෂ විමර්ශන වාර්තාවෙන් නිගමනය කර ඇත්තේ නිසි ශක්‍යතා අධ්‍යයන සහ සැලසුම් සකස් කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් ලබානොදීම හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අසාමාන්‍ය ලෙස ප්‍රමාද වී ඇති බවයි.

එමෙන්ම එම වාර්තාවේ දැක්වෙන්නේ ප්‍රසම්පාදන කටයුතු වලදී එවකට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, ව්‍යාපෘති කාර්යාලය යන ආයතන නිසි වෘත්තීය සැලකිල්ලකින් කටයුතු කර නොමැති බවයි.

ඒ අනුව ජනතා බදු මුදල් මිලියන ගණනින් නැති නාස්ති කරමින් සිදුකරන මෙම ව්‍යාපෘතිය පිළිබදව රටේ වගකිවයුතු බලධාරීන් නෑසූ කන්ව සිටින තාක් කල් මෙම ව්‍යාපෘතියෙන් ගසාකන දේශපාලඥයින්ගේ හෙට දවස වඩාත් සුරක්ෂිත යහපත් එකක් වනු නොඅනුමානය.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  862 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,381 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,693 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,168 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,811 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,269 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,725 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  561 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,569 Downloads



Top 10 Commenters

Latest Comments

Top