Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
"අප කීප දෙනා තව කොපමණ වෙලා ජීවත්ව සිටීදැයි කියන්න බැහැ. අවසානය ඉතාමත් ළඟයි...." - සබ්මැරීන් නියමුවෝ 118 දෙනෙකු මරණය පෙනි පෙනී ලියූ සංවේදී සටහන් - Photos

- "අප කීප දෙනා තව කොපමණ වෙලා ජීවත්ව සිටීදැයි කියන්න බැහැ. අවසානය ඉතාමත් ළඟයි...." - සබ්මැරීන් නියමුවෝ 118 දෙනෙකු මරණය පෙනි පෙනී ලියූ සංවේදී සටහන් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,163 Views
ටෝපිඩෝ බෝම්බ පුපුරා ගිය බව විශ්වාස කරනවා..
 
9 වන කොටසේ අප 23 දෙනකු හිරවී සිටිනවා...
 
ලොව බිහිසුණුම සබ්මැරීන් අනතුර ලෙස සැලකෙන්නේ රුසියාවේ කර්ස්ක් KURSK සබ්මැරීනය අනතුරට පත්වීමය. එය සිදු වූයේ යුද සංග්‍රාමයක නියැළී සිටියදී නොව බැරන්ට් මුහුදේ නාවික අභ්‍යාසයක නිරතව සිටියදීය. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ඔස්කාර් වර්ගයට අයත් විශාල සබ්මැරීනයක් වූ කර්ස්ක්හි කාර්ය මණ්ඩලය 118 දෙනෙකි.
 
2000 වසරේ අගෝස්තු 12 වැනිදා කර්ස්ක් සබ්මැරීනය ඇලස්කාවට නුදුරු ගැඹුරු මුහුදු අභ්‍යන්තරයේ කිමිදී සිටියේය. අනතුර සිදු වූයේ සබ්මැරීනයේ වූ ටෝර්පිඩෝ බෝම්බ 5ක් පුපුරා යෑමෙනි. එහි පිපුරුම් ධාරිතාව TNT ටොන් 2කට සමාන විය. පිපුරුම ඇලස්කාවේ භූ මාපාකයන්හි සටහන් වූයේ රිච්ටර් පරිමාණ 4.2ක් වශයෙනි. පිපුරුම එක ළඟ අවස්ථා දෙකකදී සිදු විය. සබ්මැරීනය ගිලී ඇති ස්ථානය නිශ්චිතව සොයා ගන්නට රුසියානු නාවික හමුදාවට පැය 16ක් ගත විය.

එය රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මුහුණ දුන් බරපතළම අවස්ථාවද වූයේය. නාවිකයන් 118 දෙනාම ඛේදජනක ලෙස මරණයට පත් වූයේය. ඔවුන් ගලවා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් ජනාධිපති පුටින් දෝෂදර්ශනයටද ලක් විය. වඩා සංවේදී කාරණය වූයේ බෝම්බ පුපුරා යෑමෙන් පැය 5කට වැඩි කාලයක් නාවිකයන්ගෙන් කොටසක් ජීවත්ව සිටීමය.
 
සබ්මැරීනයේ සිර වූවන් ගලවා ගැනීමට රුසියානු තාක්ෂණය ප්‍රමාණවත් නොවන බව වැටහුණු වහාම විදේශ ආධාර ඉල්ලා නොසිටියේ යැයි පුටින්ට විරුද්ධව චෝදනා එල්ල වූයේය.
 
පසුව බ්‍රිතාන්‍යය හා නෝර්විජියානු නාවික හමුදා රුසියාවේ සහායට ආවේය. ආවරණ කුටීරයක දුර්වල වෑල්ඩින් හේතුවෙන් පෙරොක්සයිඩ් කාන්දු වීමෙන් ගින්නක් හට ගැනීම පුපුරා යෑමට හේතුව වශයෙන්
 
නිගමනය විය. පළමු හා දෙවන මැදිරි අතර පාලන කාමරය හානි වීමෙන් නාවිකයන් 84 දෙනකු ජීවිතක්‍ෂයට පත්ව තිබුණේ පිපිරීම සිදුවීමේදීය. වඩා සංවේදී කාරණය වූයේ පළමු පියවරේදී ජීවිත ආරක්‍ෂා වූ 24 දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ සිටිමින් ඔක්සිජන් අවසන් වීමත් සමඟ පැය 5කට පසුව මියයෑමය. ඔවුන් ජීවත්ව සිටින බව ලෝකයම දැනුවත්ව සිටියේය. එහෙත් නවීන විද්‍යාව ඔවුන්ගේ ජීවිත ගලවා දීමට අපොහොසත් විය.
 
නාවිකයන්ගේ බිරින්දෑවරුන්ගේ, දරුවන්ගේ සිත් සනහා ලන්නට ජනාධිපති පුටින් ගත් වෙහෙස අසාර්ථක විය.
 
කර්ස්ක් නාවිකයන් මාරයා අතවනද්දී සිය දරුවන්ට හා බිරියන්ට ලියන ලද ලියුම් සබ්මැරීනය ගොඩ ගැනීමෙන් පසු ඔවුන් අතට පත් විය.
 
මේ එයින් එක් ලිපියකි.
 
කපිතාන් දිමිත්‍රි කොලෙස්කොව්
2000 අගෝස්තු 12
ප.ව. 3.15
 
අද පෙ.ව. 11.30ට කර්ස්ක් මැරීනය අනතුරකට මුහුණ දුන්නා. විශාල පිපුරුම් දෙකක් සිදුවුණා. ටෝපිඩෝ බෝම්බ පුපුරා ගිය බව විශ්වාස කරනවා. යානයේ ඉදිරි පස කොටසේ කුමක් සිදුවීද දන්නේ නැහැ. 9 වන කොටසේ අප 23 දෙනකු හිරවී සිටිනවා. හදිසි ‍දොරටු විවෘත කිරීමට නොහැකියි. දැනට ජීවත්ව සිටින්නේ අප 23 දෙනා පමණක් බව හිතනවා. අප කීප දෙනා තව කොපමණ වෙලා ජීවත්ව සිටීදැයි කියන්න බැහැ. අවසානය ඉතාමත් ළඟයි.
 
අප ඔවුන් සිහි කළ බව අපේ පවුල්වල සමීපතමයන්ට දන්වන්න.
කර්ස්ක් නාවික කණ්ඩායම.
 
රුසියාව නිවේදනය කළේ පිපිරීම සිදු වූයේ අගෝස්තු 11 සෙනසුරාදා පෙ.ව. 11.30ට බවය. කොලෙස්නික් ගේ ලිපිය ලියා තිබෙන්නේ ප.ව. 3.15ට බව විමර්ශන නිලධාරීහු පවසති. එය එසේ නම් පිපුරුමෙන් දිවි ගලවාගත් නාවිකයන් පැය 5කට ආසන්න කාලයක් ජීවත්වී ඇත. එහෙත් රුසියාව ප්‍රථමයෙන් කීවේ පිපුරුමෙන් මිනිත්තු කිහිපයක් තුළ සබ්මැරීනයයේ කාර්ය මණ්ඩයේ 118 දෙනාම ජීවිතක්‍ෂයට පත් වූ බවය.
 
මගේ සැමියා ක්‍ෂණිකව මියනොගිය බව මට දැනෙනවා. එය මට දරාගන්න බැහැ. ඔහු ජීවත්වූ අමතර පැය 5 කාලය ඔහුට මොනවා සිතෙන්නට ඇත්දැයි මට සිතාගන්නට නොහැකියි යනුවෙන් කපිතාන්වරයාගේ බිරිය ඔල්ගා ප්‍රකාශ කර ඇත. පිපිරීමෙන් පසු නෞකාව සමඟ සබඳතා පැවැති බව මුලදී රුසියාව පිළිගත්තේ නැත. නමුත් ඔවුන් පැය 5ක් නාවික හමුදාව සමඟ සම්බන්ධ වී සිටි බව පසුව හෙළි විය. කර්ස්ක් නැවියන්ගෙන් කිසිවකු මුදා ගත නොහැකි බව ජනාධිපති පුටින් පසුව ප්‍රකාශ කළේය. කර්ස්ක් සබ්මැරීන අනතුර ජාත්‍යන්තර අවධානය දිනා ගත් සංවේදී සිදුවීමකි. රුසියානු සබ්මැරීනය පිළිබඳව චිත්‍රපට ගණනාවක්ද පසු කාලයක නිෂ්පාදනය විය.
 
ශ්‍රියානි අජන්තා විතාන
'මව්බිම'


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  696 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,125 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,453 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,085 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,714 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,202 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,517 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  532 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,537 Downloads



Top 10 Commenters

Latest Comments

Top