Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
"ජනපති අපේක්ෂකයාට පිහියෙන් ඇන්නේ දේව නියෝගයක් නිසා" - බ්‍රසීල ජනපතිට පිහියෙන් අනී - Photos

- "ජනපති අපේක්ෂකයාට පිහියෙන් ඇන්නේ දේව නියෝගයක් නිසා" - බ්‍රසීල ජනපතිට පිහියෙන් අනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,153 Views
මානසික රෝගියෙකු බවට තීන්දූ වේ...

ඒ තීන්දුවට අභියෝග කරනවා...

පසුගිය සැප්තැම්බරයේ පැවති ප්‍රචාරක රැළියක් අතරතුර බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝට (Jair Bolsonaro) පිහි ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා එම චෝදනාවලින් නිදහස් කරනු ලැබුණි.

ඉහත කී පුද්ගලයා මානසික ව්‍යාධියකින් පෙළෙන්නකු බව අධිකරණය විසින් තීන්දු කරනු ලැබීමෙන් අනතුරුවය.

පිහි ඇනුම සිදු කළ අවස්ථාවේදී චූදිත ඇඩෙලියෝ බිස්පෝ ද ඔලිවෙරා 'ඔහුගේ ක්‍රියාව' පිළිබඳව දැන නොසිටියේය යන්න විනිසුරුවරයාගේ නිගමනය වී ඇත.

එබැවින් බ්‍රසීල නීතිය යටතේ ඔහුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් නොමැති බව අධිකරණය තීන්දු කළේය.

කෙසේ නමුත්, ඔලිවෙරා සම්බන්ධයෙන් පවතින "ඉහළ අවදානම" පිළිබඳ සලකා බලා ඔහු රඳවා තබා අගනිමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස විනිසුරු නියෝග කර ඇත.

එම තීන්දුව අභියෝගයට ලක් කරන බව ජනාධිපති බොල්සොනාරෝ මේ අතර පවසයි.

එවකට ජනාධිපති අපේක්ෂකයා වූ බොල්සොනාරෝ පිහි ප්‍රහාරයෙන් පසු ශල්‍යකර්මයකට ලක් කරන ලද අතර, ප්‍රහාරය පිටුපස දේශපාලන උවමනාවක් සහ තවත් පුද්ගලයන් සිටින බවට චෝදනා එල්ල විය.

පිහි ඇනුමට ගොදුරු වූ හැට හැවිරිදි ජනාධිපති බොල්සොනාරෝගේ බඩවැල්වලට බරපතල හානි සිදු වූ අතර සිරුරේ රුධිරයෙන් 40% පමණ වහනය වී තිබිණි.

ප්‍රහාරෙන් අනතුරුව අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයකු වනජනාධිපතිවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබූ අතර,ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතියට දැඩි හානි සිදුව තිබූ බව වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

ජෙයර් බොල්සොනාරෝ පසුගිය ජනවාරි 01 වෙනිදා ජනාධිපති ධුරයේ වැඩ භාර ගත් අතර, ඔහු මතභේදයට තුඩු දෙන ප්‍රකාශ සිදු කරන දේශපාලනඥයකු ලෙස ප්‍රචලිතය. ඇතැම් විශ්ලේෂකයන් විසින් ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාන කරනු ලැබ ඇත.

"BBC සිංහල "

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,381 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,935 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  1,811 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  2,762 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  4,358 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,812 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,005 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  5,549 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,339 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  8,286 Downloads



Top 10 Commenters

Latest Comments

Top