Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
17
අති විශාල සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍යකර්මය අති සාර්ථකව අවසන් වෙයි - Videos & Photos

- අති විශාල සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍යකර්මය අති සාර්ථකව අවසන් වෙයි - Videos & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,365 Views
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ටී.වී. හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා අසිරිමත් සම්මා වායාමය ඓතිහාසික තිස්සමහාරාම සෑ රඳුන් අභියසදී දහස් ගණන් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් අති සාර්ථකව අවසන් වුණා.

සිරිලක බොදු සිසිලෙන් නැහැවුණු පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මතයි හිරු ශ්‍රද්ධාභිවන්දනා තිස්සමහරාම සෑ රඳුන් අභියසින් මෙවර ආරම්භ කෙරුණේ.

මෙම මහා පුණ්‍යකර්මය ඊයේ (16) අලුයම ආරම්භ වූයේ උවැසි උවැසියන්, අෂ්ඨාංග ශීලයේ පිහිටුවමින්.

එහිදී හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ඔස්සේ සජීවීව විකාශය කෙරෙන හිරු ශ්‍රද්ධාභිවන්දනා අසිරිමත් පිං කටයුත්ත පිළිබඳව උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ පිහිටුවීම සිදුකළා. 

හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍ය කටයුත්තට සමගාමීව බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීමේ මහා පිංකම, හිරු ශාසනාවතරණය ඓතිහාසික තිස්සමහාරාම සෑ රඳුන් අභියසදී එදින පෙරවරුවේ සිදු කෙරුණා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක හිරු ශාසනාවතරණය මහා පිංකමේදී මෙවර සඟ සසුනට පූජා කළ කුල දරුවන්ගේ සංඛ්‍යාව 14 ක්.

එහිදී සසුන්ගත කෙරුණු සාමණේර භික්ෂූන් වහන්සේලා වෙත ප්‍රථම අටපිරිකර පූජා කිරීමද ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අතින් සිදු කෙරුණා.

එහිදී තිස්සමහාරාම, සඳගිරි උභය මහා විහාරාධිපති ආචාර්ය, පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන් විසින් අනුශාසනාවක් ද  සිදුකළා.

පූජ්‍ය කරන්දෙණිය - උණගස්වල සිරිනිවේසාරාමාධිපති ශාස්ත්‍රපති පිටිගල ධම්මවිනීත හිමියන් ද අනුශාසනාවක් සිදුකළා.

අඛණ්ඩව 7 වන වරටත් සංවිධානය කෙරුණු හිරු ශාසනාවතරණය තුළින් මේ වන විට සාමනේර හිමිවරුන් 81 නමක් සම්බුද්ධ ශාසනයට දායාද කර තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ සසුනට ඇතුළත් වූ සියළු සාමනේර වහන්සේගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම වන තෙක් සියළු පහසුකම් සැලසීමේ බරපැන දරන්නේ ද ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින්.

අනතුරුව භික්ෂූන් වහන්සේලා 200 නමක් විෂයෙහි මහා සාංඝික දානමය පුණ්‍යකර්මයද ඊයේ (16) දහවල් පැවැත්වුණා.

එහිදී කතරගම කිරිවෙහෙර ඇතුළු පංචමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් මෙලෙස අනුශාසනාවක් සිදුකළා.

මේ අතර, හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍යකර්මයට සමගාමීව ඊයේ (16) පස්රුවේ තිස්සමහාරාම සෑරදුන් වහන්සේ උදෙසා වාදන ශිල්පීන් 250 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පංච මහා තූර්ය නාදයෙන් පුද සත්කාර කෙරෙන මහාභිදාන පූණ්‍යකර්මය පැවැත්වුණා.

එම මාහැගි පුණ්‍යකර්ම අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ලාලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති තිස්සමහාරාම සෑ රදුන් උදෙසා මහා කප්රුක් පූජාවක් ද ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සිදුවුණේ රැස්ව සිටි අති විශාල සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේයි.

එමෙන්ම, තිස්සමහාරාම මහසෑ රඳුන් සුවඳ ධූපයෙන් පිදීමේ මහා පිංකම පැවැත්වුණේ ඉන් අනතුරුවයි.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් තිස්සමහාරාම සෑ රඳුන් උදෙසා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනමක් ද අද පූජා කෙරුණා.

රටට සහ ජාතියට සෙත් පතා සිදුකෙරෙන මහා අධිෂ්ඨාන පූජාව සිදු කෙරුණේ පුජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් විසින්.

හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍යකර්මය අති සාර්ථකව අවසන් වෙයි



හිරු ශාසනාවතරණ මහා පිංකමෙන් තවත් කුල දරුවන් 14ක් සසුන් ගත කෙරේ...



සංඝගත දක්ෂිණාව සඳහා සධාතුක කරඬුව වැඩම වීම...



භික්ෂූන් වහන්සේ 200 නමක් විෂයෙහි මහා සංඝගත දක්ෂිණාවක්...



හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍යකර්මය දී රටට සහ ජාතියට සෙත් පතා සිදුකළ මහා අධිෂ්ඨාන පූජාව



තිස්සමහාරාම රජමහා විහාරයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියනයක අධාරයක් ලබාදීම සහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනමක් පූජා කිරීම



හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍යකර්මය දී ඓතිහාසික තිස්ස මහාරාම සෑ රඳුන් අභියසදී සිදුකළ මහාභිදාන පුණ්‍ය කර්මය



හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍යකර්මය දී ඓතිහාසික තිස්සමහාරාම සෑ රඳුන් වෙනුවෙන්  සිදුකළ සුවඳ දුම් පූජාව



හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍යකර්මය දී තිස්සමහාරාම සෑ රදුන් වෙනුවෙන් සිදුකළ කප්රුක් පූජාව




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,191 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,343 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,146 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,851 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,177 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,801 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,666 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,689 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,642 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,998 Downloads



Top 10 Commenters

Latest Comments

Top