Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
16
මධ්‍යම අධිවේගී මාර්ගයෙන් දේශපාලඥයින් කෝටි ගණන් මුදල් කාබාසිනියා කළ බව විගණන වාර්තාවෙන් හෙළිදරව් වෙයි - Video

- මධ්‍යම අධිවේගී මාර්ගයෙන් දේශපාලඥයින් කෝටි ගණන් මුදල් කාබාසිනියා කළ බව විගණන වාර්තාවෙන් හෙළිදරව් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,443 Views
මෙරට මාර්ග පද්ධතියේ යෝධ පිම්මක් වන්නට තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය තවමත් මෙරට ජනතාවට හීනයක්ව තිබෙනවා.
 
ඒ මෙරට දේශපාලඥයින් තමන්ට ලැබෙන ඕනෑම අවස්ථාවකින් ගසා කෑමට දක්වන කෑදරකම නිසාවෙන්.
 
විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාවට අනුව තවමත් එකදු අදියරක් හෝ වැඩ නිමවා නොමැති මධ්‍යම අධිවේගී මාර්ගය වෙනුවෙන් පසුගිය දෙසැම්බර් මාසය වන විට පමණක් මෙරට ජනතාවට අහිමිව ඇති මුදල රුපියල් මිලියන 2193 ක්.

බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව මෙරට මාර්ග පද්ධතියට සුවිශාල වෙනස්කම් රැසක් සිදුකරමින් අධිවේගී මාර්ග, මෙරට මාර්ග සිතියමට එක්වුණා.
 
ඒ අනුව මේ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය මෙරට මාර්ග පද්ධතියට එක්ව අවසන්ව ඇති අතර කොළඹ - නුවර මාර්ගයේ නිරන්තරයෙන් පවතින අධික රථවාහන තදබදය හේතුවෙන් මෙරට ජනතාව වැඩි බලාපොරොත්තුවක් තබාගෙන සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබදවයි.
 
නමුත් විගණකාධිපතිවරයා සිදුකල විශේෂ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ආරම්භ කර ඇති නිසා එහි ඉදිකිරීම් කටයුතු තවදුරටත් අසාමාන්‍ය ලෙස ප්‍රමාදවන බවයි.
 
එමෙන්ම නිසි පරිසර අධ්‍යනයක් නොමැති වීම හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයෙන් සිදුවන පරිසර හානියද උමා ඔය ව්‍යාපෘතියට දෙවෙනි වන්නේ නැහැ.
 
මධ්‍යම පළාතට අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සදහා 1990 වසරේ සිටම සැළසුම් සැකසුණද වරින් වර සිදුවූ ආණ්ඩු පෙරළිත් සමග එම ව්‍යාපෘති සියල්ල ඇණ හිටියේ මෙම ඉදිකිරීම් සදහා ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන්.
 
විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙලෙස ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙරටට සිදුවූ අලාභය මෙපමණකැයි තක්සේරු කල නොහැකි බවයි.
 
මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් සිදුකළ මෙම විගණනයට හෙළිදරව් නොකෙරුණු තොරතුරු රැසක් ද වනවා.
 
එනම් මෙම ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනයක් සදහා ස්වීඩන් රජය සහ ස්වීඩන් ජාත්‍යාන්තර සංවර්ධන ආයතනය විසින් මෙරටට ලබාදුන් රුපියල් මිලියන 119 ක ප්‍රදානයෙන් රුපියල් මිලියන 85 ක් මාර්ග සංවර්ධන අධිකාරිය වියදම් කල ආකාරය පිළිබදව කිසිදු කරුණක් හෙළිදරව් වී නැහැ.
 
තවද 2003 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු සදහා මැලේසියාවේ පෞද්ගලික සමාගම සමග පැවති ගිවිසුම හා ඔවුන් සමග සිදුකරන ලද ක්‍රියාවලියට අදාළ ගණුදෙණුවල තොරතුරු කිසිවක් ද බලධාරීන් විසින් මෙම විගණනයට හෙළිදරව් නොකිරීමට වගබලාගෙන තිබෙනවා.
 
මැලේසියාවේ පෞද්ගලික සමාගම සමග පැවති ගණුදෙනු කාලය තුළ මෙම කටයුතු සිදුකිරීම සදහා ව්‍යාපෘති කළමණාකරණ ඒකකයක් පිහිටුවා තිබූ අතර
එහි කාර්ය මණ්ඩලය සදහා 2012 වසර අවසාන වන විට රුපියල් මිලියන 284 ක වියදමක් දරා තිබෙනවා.
 
ඒ අනුව ස්විඩන් රජයෙන් ලබාදුන් මාර්ග සංවර්ධන අධිකාරිය ගිණුම්ගත නොකල රුපියල් මිලියන 85 සහ ව්‍යාපෘති කළමණාකරණ ඒකකයේ කාර්ය මණ්ඩලයට වියදම් කල රුපියල් මිලියන 284 එකතුව වන රුපියල් මිලියන 369 ගිණුම්වලින් වසන්කරන ලද වියදමක් බවට විගණනයේදී හෙළිව තිබෙනවා.
 
මේ අතර මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම් කටයුතු ප්‍රසම්පාදන මූලධර්මවලට පටහැනිව රුපියල් මිලියන 158,386 ක මුදලට MCC ආයතනය වෙත ලබාදීමට 2015 ජූලි 06 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට එම මාසයේම 16 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද විගණන වාර්තාවේ සදහන්.
 
ඒ අනුව මේ වන විට යටිමඩි ගැසීම්, ගසාකෑම්, බහිරවයන් විසින් මුදල් ගිලදැමීම් වලින් අඩුවක් නොමැතිව මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ඉබිගමනේ යන්නේ ජනතා මුදල් කෝටි ගණනින් කාබාසිනියා කරමින්.
 
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය උමා ඔය ව්‍යාපෘතියට නොදෙවෙනි බව පවසන්නේ ඇයි?
 
ඒ පිළිබදව අපි හෙට හෙළිදරවු කරන්නෙමු.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,936 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,039 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,459 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  296 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,621 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  334 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  701 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,427 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,659 Downloads



Top 10 Commenters

Latest Comments

Top