Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
16
සුපිරි රංගනයෙන් ලොවක් වසඟ කළ හොලිවුඩ් නළු ක්‍රිස් ප්‍රැට්, සුප්‍රසිද්ධ නළු ආර්නෝල්ඩ්ගේ දියණිය සමඟ විවාහ වෙයි - Photos

- සුපිරි රංගනයෙන් ලොවක් වසඟ කළ හොලිවුඩ් නළු ක්‍රිස් ප්‍රැට්, සුප්‍රසිද්ධ නළු ආර්නෝල්ඩ්ගේ දියණිය සමඟ විවාහ වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,870 Views
හොලිවුඩ් සුපිරි නළුවෙකුගේ විවාහයක් පිළිබඳව මේ දිනවල යම් කිසි කතාබහක් ඇති ව තිබෙනවා. ඒ හොලිවුඩ් නළු ක්‍රිස් ප්‍රැට් පිළිබඳව ඔහුගේ ආදර කතාව වෙනස් ආදර කතාවක්. ඔහුගේ අතිනත ගනු ලබන්නේ සුප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන ආර්නෝල්ඩ්ගේ දියණිය වන කැතරින් ස්වාසර්නේගර් සමගිනුයි. ඔවුන් දෙදෙනාගේ විවාහයේ ඡායාරූපයක් තම සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් විවාහ වූ බව සඳහන් කරනවා.
 
කැතරින් සහ ක්‍රිස්ගේ පෙම් සම්බන්ධතාව බොහෝ කාලයක් පැවති ඇති නමුත් එම පෙම පිළිබඳව බොහෝ දෙනා දැන ගනු ලැබුවේ පසුගිය කාලයේ එළිදැක්වූ හොලිවුඩ් චිත්‍රපටයක් වන Avengers Endgame චිත්‍රපටය මඟිනුයි.
 
එම චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ඔවුන් දෙපල එකට සහභාගී වි සිටියා. එහිදී ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයක් ඇති බවට බොහෝ දෙනා දැන ගන්නා බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබන්නේ.

මොවුන් දෙදෙනා හොර රහසින්ම විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ මෙම වසරේ ජනවාරි 16 වැනිදායි. ක්‍රිස් සහ කැතරින් වැළඳගෙන සිටින ඡායාරූපක් ක්‍රිස්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ වනවිට දැක ගැනීමට හැකියි.
 
එම ඡායාරූපයේ ඇය පැලැඳ සිටින මුදුව ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම වෙනුවෙන් පැලැඳු මුදුවක් බව මේවනවිට බොහෝදෙනා පවසනවා. මේ කාරණාව සත්‍යය බවද පසුගියදා ක්‍රිස් තම ඉන්ස්ටග්‍රෑම් ගිනුම ඔස්සේ පවසා තිබෙනවා. 2018 වසරේදී ක්‍රිස්ගේ උපන්දිනය වෙනුවෙන් ස්ප්‍රයිස් සාදයක්ද ක්‍රිස් සූදානම් කර ඇති අතර එම ඡායාරූපද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර නමුත් බොහෝ දෙනා පවසනු ලබන්නේ ඔවුන් දෙදෙනාගේ පෙමක් පිළිබඳව කරුණු අනාවරණය නොවනු බවයි.

එයට හේතුව වන්නේ ක්‍රිස් සහ කැතරින්ගේ පියා වන ආර්නොල්ඩ් ස්වාසර්නේගර් අතර තිබූ දැන හැඳින ගැනීමයි. පවුලේ හිතවතෙකු ලෙස ක්‍රිස් ස්වාසර්නේගර් පවුල සමග කාලය ගත කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මේ කාරණාව හේතුවෙන් කැතරින් සමගින් කිසිඳු පෙම් හබයක් ඇති කර ගත් සැකය කාටත් ඉස්මතු නොවුන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
 
මොවුන් දෙදෙනාගේ ආදරය ආරම්භ වන්නේ එක් චිත්‍රපටයක් හේතුවෙනුයි. ඒ ක්‍රිස් රංගනයෙන් දායක වූ Jurassic World: Fallen Kingdom චිත්‍රපටයේ මංගල දර්ශනයේදීයි. ක්‍රිස්ගේ හිතවතෙකු සහ තම ක්ෂේත්‍රය තුළ ප්‍රවිණයෙකු වූ ආර්නොල්ඩ් මේ මංගල දර්ශනය සඳහා පැමිණියේ තම දියණිය සහ බිරිඳ සමගිනුයි.. එහිදී කැතරින්ගේ මව වන මරියා ස්ට්‍රිවර් විසින් ක්‍රිස්ට තම දියණිය යෝජනා කල බව පැවසෙනවා.
 
එතැන් පටන් කැතරින් සහ ක්‍රිස්ගේ පෙම් සම්බන්ධතාව ආරම්භ වූ බවයි වාර්තා වන්නෙ. ක්‍රිස් මීට පෙර විවාහ වී සිටි අයෙකු වන අතර ඒ ඇනා ෆැරිස් සමගින් 2009 වසරේදීයි. ඔවුන් දෙදෙනා දික්කසාද වී ඇත්තේ 2018 වසරේදීයි. 2017 වසරේ සිට මොවුන් දෙදෙනා වෙන් වෙන්ව වශයෙන් ජීවත් වූ බවත් සඳහන්. 2018 මැයි මාසයේ එළිදැක්වූ Jurassic World: Fallen Kingdom චිත්‍රපටයෙන් පසුව ඔවුන් දෙදෙනාගේ ආදර කතන්දරය ආරම්භ වුණා.
 
39 හැවිදිරි ක්‍රිස් සහ 29 හැවිරිදි කැතරින් එකතු වූ 2018 පියවරුන්ගේ දිනයේදී කැතරින්ගේ පියා වන ආර්නෝල්ඩ්ව පුදුම කර තිබෙනවා. පවුලේ විනෝද ගමන් සඳහා මොවුන් දෙදෙනා එක්ව සහභාගී වී තිබෙන බවත් පැවසෙනවා. ක්‍රිස්ගේ පලමු බිරිඳගෙන් අවුරුදු පහක වයසැති පුතෙකු සිටිනවා. ක්‍රිස් තම පෙම්වතියව සිටි කැතරින් සහ තම පුතු සමගද කාලය ගත කර බව පැවසෙනවා.
 
එමෙන්ම ක්‍රිස්ගේ පුතුව කිහිප අවස්ථාවකදීම කැතරින් මුණගැසුනු බවත් සඳහන්. එම මුණ ගැසීම් වලින් පසුව ක්‍රිස්ගේ පුතු සහ කැතරින් අතර විශාල සම්බන්ධතාවයක් හට ගත් බව ක්‍රිස්ගේ පලමු බිරිඳ වන ඇනා ෆරිස් පවසා තිබෙනවා. 2018 අගෝස්තු මාසයේදී ක්‍රිස්ගේ පවුලේ හිතවතුන් සහ කැතරින්ගේ පවුලේ හිතවතුන් එක්ව කැතරින්ගේ සහෝදරයාගේ නිවසේ රාත්‍රී සාදයක්ද පවත්වා තිබෙනවා.
 
2019 වසරේ ජනවාරි මාසයේදී ක්‍රිස් විසින් සම්මුඛ සාකච්ඡාවකදී තමන්ගේ මෙම පෙම් සබඳතාව පිළිබඳව පවසා තිබෙනවා. එහිදී ඔහුගේ අනාගත සැලසුම් පිළිබඳව විමසීමේදී ඔහු පවසා තිබෙන්නේ, තමන් සහ කැතරින් එක්ව තම දෙපලගේ අනාගත සුන්දර කර ගැනීමට වෙහෙසෙන බවයි.
 
එමෙන්ම දරුවන් පිලිබඳව ඇසීමේදී ක්‍රිස් පවසා ඇත්තේ අනාගතයේදී දරුවන් ගොඩක් පිළිබඳව බලාපොරොත්තුවෙන් තම දෙදෙනා සිටින බව සඳහන් කරනවා.
මෙහිදී වැඩිදුරටක් ක්‍රිස් පවසා ඇත්තේ බොහෝ දෙනෙකු ආදර සම්බන්ධතා ආරම්භ කර විවාහ දිවිය දක්වා පැමිණෙ බවයි. නමුත් ඇතැම් විට විවාහයේදී තම තමන්ගේ ජීවිත ගෙවෙනා ආකාර පිළිබඳව පැහැදීමක් නැති නම් ඔවුන් දෙදෙනා කතා කොට තීරණය ගෙන වෙන් වීම ඒ දෙදෙනාටම යෝග්‍ය බවයි ක්‍රිස්ගේ අදහස වන්නේ.
 
කෙසේ වුවත් ක්‍රිස් සහ කැතරින් එක්ව අරඹන මේ නව යුග දිවිය වෙනුවෙන් බොහෝ අය සුබ පතා ඇති අතර, ඔවුන් දෙදෙනා එක්ව අරඹන මේ ගමන බොහෝ ආශිර්වාද ලැබෙනු ඇති බව මොවුන් දෙදෙනාට ආදරය කරන අය පවසනවා.
 
ඩිලාන් ක්‍රිෂාන්ත


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  6,026 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,077 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,834 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  28,259 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,801 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,616 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,176 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,383 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,544 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top