Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
පොසොන් උදාවට පින් පෙත් පුරමින් "හිරු ශ්‍රද්ධාභිවන්දනා" පිංකමට සියල්ල සූදානම් - Video

- පොසොන් උදාවට පින් පෙත් පුරමින් "හිරු ශ්‍රද්ධාභිවන්දනා" පිංකමට සියල්ල සූදානම් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

516 Views
පොසොන් පුන් පොහොය දිනය වෙනුවෙන් හිරු ටී.වි. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධාන කරනු ලබන හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා සම්මා වායාමය ඓතිහාසික තිස්සමහාරාම සෑ රඳුන් අභියසදී පැවැත්වෙනවා.
 
සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා පැවිදි කළ කුල දරුවන් සසුනට භාරදීම සහ සම්මා සම්බුදු බුදුරාජාණන්වහන්සේගේ ළලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති තිස්සමහාරාම සෑරඳුන් උදෙසා මහා පිංකම් මාලාවක් එහිදී සිදු කිරීමට නියමිතයි.
 
සිරිලකට බුදුදහම උරුම වූ පොසොන් පුන් පොහොය දිනය වෙනුවෙන් හිරු ශ්‍රද්ධාභිවන්දනා අසදෘෂ්‍ය මහා පුණ්‍යකර්මය මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික තිස්සමහාරාම සෑ රඳුන් අබියසදී.
 
බුද්ධාභිවන්දනාව උදෙසා දැහැමි සිත් පෙරදැරිව හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන හෙට උදෑසන 6.00 ට ආරම්භ වන අතර එය සජීවි ලෙස හිරු ටී.වී ඔස්සේ විකාශය වීමට නියමිතයි.

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කුල දරුවන් පැවිදි කිරීමේ මාහැඟි පිංකම හිරු ශාසනාවතරණය මෙවර හත්වන වරටත් ඓතිහාසික තිස්සමහාරාම සෑ රඳුන් අබියසදී පැවැත්වෙනවා.
 
හිරු ශාසනාවතරණය මහා පිංකමේ දී මෙවර සඟ සසුනට පූජා කෙරෙණ කුල දරුවන් සංඛ්‍යාව 14 ක්.
 
එමෙන්ම භික්ෂූන්වහන්සේ දෙසිය නමක් විෂයෙහි මහා සාංඝික දානමය පුණ්‍ය කර්මයක්ද හෙට දිනයේදී සිදු කිරීමට නියමිතයි.
 
තිස්සමහාරාම සෑරඳුන් වහන්සේ සුවඳ ධූපයෙන් පුද, පංච මහා තූර්ය නාදයෙන් ශබ්ද පූජා පවත්වා, සිදුකෙරෙණ මහාභිදාන පුණ්‍ය කර්මයක්ද හෙට පස්වරුවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
 
එම මාහැඟි පුණ්‍යකර්මයන් අවසානයේ බුදුරාජාණන්වහන්සේගේ ළලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති තිස්සමහාරාම සෑ රඳුන් උදෙසා මහා කප්රුක් පූජාවක් සිදුකෙරෙණ අතර අවසානයේ රටට සහ ජාතියට සෙත්පතා මහා අධිෂ්ඨාන පූජාවක් ද සිදු කිරිමට නියමිතයි.
 
තිස්සමහාරාම සෑ රඳුන් අභියසදී පැවැත්වෙන හිරු ශ්‍රද්ධාභිවන්දනා මා හැඟි පින්කම් මාලාව සඳහා එක්වන සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.
 
හිරු සද්ධාභිවන්දනා වැඩසටහන හේතුවෙන් හෙට දිනයේ තිස්සමහරාම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,388 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,013 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,710 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,728 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,589 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,073 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top