Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
"එයා මාව හොඳට තේරුම් ගන්නවා, එහෙම ආරංචි එන්නේ නැහැ කියලා විශ්වාසයි..." - අකිල ධනුද්දරගේ බිරිඳ ඇමෙන්ඩා කියයි - Photos

- "එයා මාව හොඳට තේරුම් ගන්නවා, එහෙම ආරංචි එන්නේ නැහැ කියලා විශ්වාසයි..." - අකිල ධනුද්දරගේ බිරිඳ ඇමෙන්ඩා කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,157 Views
එයාව මුලින්ම දකිනකොට ඇත්තටම මට දුක හිතුණා...
 
කලා ක්‍ෂේත්‍රයට ආව නිසා ඒක මඟහැරුණා...
 
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනාගෙන් වැඩිමහල් පුතු තමයි අකිල ධනුද්දර කියන්නේ. අකිල ධනුද්දර කැපී පෙනෙන චරිතයක් බවට පත් වන්නේ සිය කුලුඳුල් රංගනය වූ සිරි පැරකුම් සිනමාපටයෙන්. ඔහු නිවේදකයකු මෙන්ම දක්ෂ රංගන ශිල්පියෙක් ලෙසද ජනප්‍රිය චරිතයක්. පසුගියදා අකිල ධනුද්දර - ඇමෙන්ඩා සමඟින් යුග දිවියටද පිවිසුණා. ඉතින් අකිලගේ අත ගත්ත ආදරණීය බිරිඳ, ඇමෙන්ඩා, අකිල ගැන සතිඅන්ත පුවත්පතකට කියා තිබුණේ මෙහෙමයි...

ඔබයි අකිලයි කොහොමද හමුවුණේ?
 
මගේ යාළුවන්ගේ මාර්ගයෙන් අපි දෙන්නා හමුවුණේ.
 
හමුවෙනකොට ඔහු මොන වගේ කෙනෙක්ද?
 
එයාව මුලින්ම දකිනකොට එයා හරිම කෙට්ටුයි. මට ඇත්තටම දුකක් හිතුණා. මොකද ඒ තරමටම එයා කෙට්ටුයි. (සිනාසෙමින්) එයා හරිම හොඳ කෙනෙක් විදියට තමයි මම හඳුනා ගත්තේ.
 
පෙම්වතා කාලේ අකිල?
 
එයා මාව හොඳට තේරුම් ගන්නවා. එයා මට වඩා හොඳට මාව දන්නවා. ගොඩක් හොඳ ඒ වගේම නිහඬ චරිතයක්. හැබැයි අවශ්‍ය වේලාවට කතා කරනවා.
 
සැමියෙක් විදිහට ඔහු?
 
එයා බැන්දම වෙනස් වුණා කියලා ගොඩක් අය කියනවා. ඒ කියන්නේ එයාට වගකීම් වැඩි වුණා. පෙම්වතා කාලෙත් එහෙම තමයි. වගකීමෙන් වැඩ කළා. දැන් ඊට වඩා වෙනස්. ස්වාමිපුරුෂයෙක් විදියට අනාගතයේ පියෙක් විදියට එයා වගකීමෙන් වැඩ කරනවා.
 
සාමාන්‍ය ජීවිතයේ ඔහු?
 
හරිම සරල කෙනෙක්. හැම කෙනාටම ආදරේ කරන හැමෝම ගැන හිතන හරිම හොඳ හදවතක් තියෙන කෙනෙක්.
 
ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාන විදිය?
 
එයා ජනප්‍රිය නිසා දැන් මාවත් ගොඩක් අය දන්නවා. කොහේ හරි තැනකට ගියත් අපිට විශේෂයෙන් සලකනවා.
 
රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් වගේ විවිධ භූමිකාවල හිරවුණු ඔහුට පවුල සහ ඔබ මඟහැරෙන්නේම නැද්ද?
 
නැහැ. කොයිම වෙලාවකවත් එයාට අපිව මඟ හැරෙන්නේ නැහැ. එයා හැමදේම සැලසුම් කරලා කරන්නේ. එයා හැමෝම ගැන හිතනවා. ඒ නිසා එයා අපිව මඟහැර ගන්නේ නැහැ.
 
අකිල වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?
 
ඔව්. ඇත්තටම එයා වගකීම් සහගත කෙනෙක්.
 
ඔහු ජීවිතය ගැන හිතන විදිහ?
 
ජීවිතයේ දේවල් ගැන සැහැල්ලුවට හිතන්නේ නැහැ. ජීවිතය ගැන වගකීමෙන් හිතනවා.
 
ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවාද?
 
ඔව්. අපි දෙන්නාම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.
 
ඔහු වැඩිපුරම සතුටු වුණු දවස?
 
මම හිතන්නේ අපි දෙන්නාගේ විවාහය වුණු දවස.
 
ඔහුට ජීවිතයේ මඟහැරුණු දේවල් තියෙනවාද?
 
එයාගේ ලොකුම ආසාව වුණේ දවසක ව්‍යාපාරිකයෙක් වෙන්න. කලා ක්‍ෂේත්‍රයට ආව නිසා ඒක මඟහැරුණා. ඒත් ඒක අතහැරලා නැහැ. තවම ඒකට සූදානම් වෙමින් ඉන්නේ.
 
ජීවිතයේ ජය ගත්ත දේවල්?
 
ප්‍රේක්‍ෂක ආදරය දිනාගෙන අද එයා හොඳ තැනක ඉන්නවා. එයා රංගනයට ඇවිත් ලොකු කාලයකුත් නොවෙයි. එයාට හොඳට රංගනය, නිවේදනය, නර්තනය මේ හැමදේම කරන්න පුළුවන්. එයා කාගෙන්වත් නරකක් අහලා නැහැ.
 
අකිලට දුක හිතුණම?
 
එයා නිහඬයි ඒ වෙලාවට.
 
ලොකු සතුටක් දැනුණාම?
 
ගොඩක් සතුටින් ඒ ගැන කියනවා.
 
තරහා ගියාම?
 
පොඩ්ඩක් බනිනවා ඉතින්.
 
යන්න කැමැතිම තැන?
 
විශේෂ තැනක් නැහැ. කොහේ හරි යන්න හිතුණොත් ඉතින් යනවා.
 
ඔහු වැඩියෙන්ම ආදරේ කරන්නේ කාටද?
 
මම හිතන්නේ මට වෙන්න ඕන.
 
අකිලට නැතිවම බැරි අය කවුද?
 
එයාගේ අම්මා, තාත්තා, අක්කා, මල්ලි, මම. ඒ කියන්නේ එයාගේ පවුල තමයි එයාට නැතිවම බැරි.
 
මොන වගේ විලාසිතාවලටද වැඩිපුර කැමැති?
 
එහෙම විලාසිතා ගැන වැඩිපුර හිතන්නේ නෑ. එයාට ගැළපෙන ලස්සන ඕනෑම විලාසිතාවකට එයා කැමැතියි.
 
ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය?
 
ජනප්‍රිය නළුවා සම්මානය දිනා ගත්ත වේලාව. ඒ වගේම එයාව කෙනෙක් අගය කළත් මොන දේ වුණත් මට එයා ගැන සතුටුයි.
 
ඔහු ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය?
 
එහෙම ඒවා නෑ.
 
හදිසියේ හරි එහෙම ආරංචියක්. ආවොත්?
 
එහෙම ආරංචි එන්නේ නැහැ කියලා විශ්වාසයි.
 
ජීවිතයේ ප්‍රධාන තැනක් දෙන දේවල්?
 
එයා බැඳීම්වලට ලොකු වටිනාකමක් දෙනවා. එයා පුද්ගලයන්ට හරිම ආදරෙයි. එයාලා ගැන ගොඩක් හිතනවා. මවුපියන්ට, යාළුවන්ට පවා ගොඩක් ලොකු තැනක් දෙනවා.
 
ඔහු ඔබට දීලා තියෙන වටිනාම තෑග්ග?
 
එයාව තමයි එයා මට දීලා තියෙන වටිනාම තෑග්ග.
 
විනෝදාංශ මොනවාද?
 
ගේම් ගහන්න ගොඩක් ආසයි. ජිම් යන්නත් ගොඩක් කැමැතියි.
 
ඔහුට ගැළපෙනම නිළිය කවුද?
 
එයා විවිධ අයත් එක්ක රඟපානවා. නර්තනයේ යෙදෙනවා. ඉතින් මට හිතෙනවා එයාට ඕනෑම කෙනෙක්ව ගැළපෙනවා. මොකද එයා ඕනෑම කෙනෙක් එක්ක සහයෝගයෙන් ලස්සනට වැඩ කරනවා.
 
ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  860 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,374 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,683 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,162 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,806 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,265 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,720 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  561 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,567 Downloads



Top 10 Commenters

Latest Comments

Top