Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
"එක නිර්මාණයක සමලිංගික චරිතයක් ලැබුණා, ඒ චරිතයේ සිප ගැනීමේ දර්ශන සහ බිකිනි ඇඳන් රඟපාන්න තිබුණේ.." - පුජනී භාග්‍යා

- "එක නිර්මාණයක සමලිංගික චරිතයක් ලැබුණා, ඒ චරිතයේ සිප ගැනීමේ දර්ශන සහ බිකිනි ඇඳන් රඟපාන්න තිබුණේ.." - පුජනී භාග්‍යාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,293 Views
"මං උසයි නළුවා කොටයි, ඒ නිසා නිර්මාණ ලැබෙනවා අඩුයි.."

" මට කොල්ලෙක් විහිළු කරලා මං එයාට හොඳටම ගැහැව්වා..."

පුජනී භාග්‍යා කියන්නේ පසුගිය වර්ෂයේ හිරු අවුරුදු කුමරියයි. හිරු අවුරුදු කුමරිය වුණු පුජනිව දැන් බොහෝ දෙනෙක් හදුනනවා. නිර්මාණ කිහිපයකින්ම දකින්න ලැබෙන පුජනිව හුස්මක් තරමට නාට්‍යයෙනුත් දැකගන්න ලැබෙනවා. මේ ඇය ගැනයි

පූජනී රඟපාන්න එන්නේ වයස අවුරුදු දොළහෙදි පමණ. මොකක්ද පූජනී ඒ නිර්මාණය?
දරුවනේ චිත්‍රපටය. මමත් එතැන හිටපු දරුවන්ගෙන් කෙනෙක්. ඔය කලෙදිම සිරිවාසල නාට්‍යයේ ප්‍රධාන ළමා චරිතයත් කළා.

අනතුරුව ඔබ කෙටි කලක් රංගනයට සමුදෙනවා?
ඔව්. අධ්‍යාපන කටයුතු නිසා මඳකට රංගනයෙන් ඉවත් වුණා. පාසලෙනුත් වැඩිය යන්න දුන්නෙ නැහැ.

පූජනීගේ ඉස්කෝලේ?
කැලණිය ගුරුකුල.

ඒ පාසලෙන් ඉගෙන ගත් කලා තරු බොහොමයක් ඉන්නවා නේද?
ඔව්. එහෙම වුණාට පාසලේ විදුහල්පතිනිය මාව වැඩිය කලා නිර්මාණවලට යැව්වෙ නැහැ. අධ්‍යාපනය කඩාකප්පල් කර ගනී කියලා හිතන්න ඇති. මං හරිම දඟයි අයියේ. හරියට ප්‍රින්සිපල්ට මාව නෝට්.

පසුකාලිනව ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණ මොනවද තියෙන්නේ?
නිර්මාණ කිහිපයකට සම්බන්ධ  වුනා.මේ දිනවල මං ඉන්න නාට්‍ය දෙකක් විකාශය වෙනවා. හුස්මක් තරමට නාට්‍යයේත් ඉන්නවා.

ඔබේ උස නිසා නාට්‍ය ගොඩක් මඟ හැරෙනව කියලා ආරංචියි?
මං පහයි අටක් විතර උසයි. නාට්‍යවලට තෝර ගත්තට පස්සේ ඒකෙ ඉන්න නළුවන් අනුව මාව ඒවායින් ඉවත් කරන්න සිදු වුණා. මං උසයි නළුවා කොටයි. ටෙලි නාට්‍යවලින් එහෙම බාධක තියෙන නිසා සිනමාවට තමයි ආස.

දැනට චිත්‍රපටවලට කතා කරලා තියෙනවද?
චිත්‍රපට තුනක රඟපෑවා. රෙවලුෂන් බැක් ටු ස්කූල් සහ ගුත්තිල.

පූජනී ලැබෙන සෑම ආරාධනයක්ම බාර ගන්නවාද?
නැහැ. මට ගැළපෙන ඒවට විතරයි යන්නේ.

ගැළපෙන ඒවා කියලා කිව්වේ?
මට සිනමා නිර්මාණ කිහිපයකටම කතා කළා. එකක තිබුණා සමලිංගික චරිතයක්. සිප ගැනීමේ දර්ශන සහ බිකිනි ඇඳන් රඟපාන්න වෙනවා. මට එහෙම කරන්න බැහැ. ඉතාමත් සුදුසු මගේ නමට හානියක් නොවන චරිතවලට පමණයි මං යන්නේ.

ඔබ ජනප්‍රියයිද?
අනේ නැහැ. මං එහෙම ජනප්‍රිය වෙන්න තරම් නිළියක් නෙවෙයිනෙ. සමහර විට පාරෙ යද්දි මිනිස්සු ටිකක් වෙලා බලාගෙන ඉන්නවා නම් අන්න මං හිතනවා මාව අඳුරගෙන කියලා.

නවක නිළියො ගැන සමාජයේ ඇතැම් අය බලන්නේ අමුතු ඇසකින් නේද?
මමත් කාලයක් එහෙම හිතාගෙන හිටියා. එතකොට මං ක්ෂේත්‍රය ගැන නොදන්නා තත්ත්වයක හිටියේ. දැන් මමත් මේකෙනෙ ඉන්නේ. යම්තාක් දුරකට මං දැනුම්වත්. මට හිතෙන්නේ අපි හොඳට හිටියොත් හොඳයි. නරකට හිටියොත් නරක ප්‍රතිඵල තමයි ලැබෙන්නේ.

අලුත් අය දිනෙන් දින ක්ෂේත්‍රයට නොයෙක් අන්දමින් එන නිසා ඔබ වගේ අයට ක්ෂේත්‍රය තුළ රැඳී සිටීම එක්තරා අන්දමක අභියෝගයක් නොවේද?
අභියෝගයක් . . . මං හිතන්නේ නැහැ එහෙම මට තියෙනවා කියලා. ක්ෂේත්‍රයට එන හැමෝම තරගෙක ඉන්නේ. මට ලැබෙන දේවල් කොහොමත් ලැබෙනවා. ඒක මට විශ්වාසයි. එක් කෙනෙක් නෙවෙයි සියයක් දෙනා ආවත් පූජනී භාග්‍යාව අවශ්‍ය අය නිර්මාණවලට ගනියි.

ඔබ හරිම චණ්ඩි චරිතයක් කියලා මට දැනගන්නට ලැබුණා?
ඇත්තටම චණ්ඩියි. ඉස්කෝලෙ යද්දි අම්මට හැමදාම කම්ප්ලේන්. ඇයි ඉතිං මං කොල්ලන්ට තඩිබානවනෙ. ගිය අවුරුද්දේ වෙසක් බලන්න ගිහින් මට කොල්ලෙක් විහිළු කරලා මං හොඳටම ගැහැව්වා. ළඟ හිටපු එයාෆෝස් එකේ නිලධාරීන් කිහිප දෙනෙක් ඇවිල්ලා තමයි කොල්ලව බේර ගත්තේ.  එදා මං විලුඹ වෙනකම් දිගට ඇඳගෙන හිටියේ. එහෙම ඉඳලත් අනවශ්‍ය විහිළුවක් කරද්දි තද වෙන්නෙ නැද්ද.

නවක නිළියක් ජනප්‍රිය වෙමින් ඉදිරියට එද්දී අනවශ්‍ය දුරකතන ඇමතුම් එහෙම එනවා?
මටත් එනවා ඕන තරම්. මේ ළඟදි දවසක මට කෝල් එකක් ආවා සන්නාම තානාපති කෙනෙකු කියලා කියා ගත්තු කෙනෙකුගෙන්. එයා කියනවා එයාලගෙ කම්පැනියේ වැඩක් තියෙනවා එන්න කියලා. අම්මත් එක්ක එන්නත් එපාලු. තනියමම එන්නලු. මේ . . . දැනුත් මතක් වෙද්දි කේන්තියි. මට හිතුණා මේක නම් හරි යන වැඩක් නෙවෙයි කියලා. මං දන්න කෙනකුටත් එහෙම කරලා. අන්තිමේ කෝල් එක බ්ලොක් කළා. ඔය වගේ දේවල් නම් අනන්තවත් වෙනවා.

පූජනීගේ උපන් දිනයත් සඳහන් කළොත්?
අනූ අටේ ජුනි තුන.

මේ වන විට පූජනී පෙම්වතියක්ද?
අනේ නැහැ. අම්මා එක්ක බැහැනෙ ඕවා. ක්ෂේත්‍රයෙන් නම් නෙවෙයි පිට අයගෙන් මංගල යෝජනා නම් එනවා. මං තවම පොඩියි. තවම විසි එකයිනේ.

ප්‍රසාද් සමරතුංග
සරසවිය



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  868 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,382 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,696 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,169 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,811 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,269 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,728 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  563 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,570 Downloads



Top 10 Commenters

Latest Comments

Top