මෙවර අයි.සී.සී. ලෝක කුසලාන තරඟාවලියේ තරඟ රැසක් වර්ෂාව නිසා සේදී යද්දී, වැසි මැද තරඟ පැවැත්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ආදර්ශය වැදගත් වන බව ක්‍රික් ඉන් ෆෝ විචාරයකින් පෙන්වා දෙනවා.
එමගින් සදහන් කර ඇත්තේ පසුගිය වසර හතර මුළුල්ලේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 76 කට සත්කාරකත්වය දක්වා ඇති අතර, ඉන් ප්‍රතිඵලයකින් තොරව අවසන් වී ඇත්තේ එක්දින ජාත්‍යන්තර තරඟ 2 ක් පමණක් බවයි.
එහිදී වර්ෂාවක් ඇද හැලීමත් සමඟ ලොව වේගවත්ම ලෙස ක්‍රියාත්මක වන කණ්ඩායම ශ්‍රී ලංකාව සතු වන බවයි ක්‍රික් ඉන් ෆෝ විචාරකයා පෙන්වා දෙන්නේ.
විනාඩියකට අඩු කාලයකදී ඔවුන් තණතිල්ල රබර් ආවරණයකින් සහ තවත් ආවරණ දෙකකින් වසා දමනු ලබනවා.
ඉන් අනතුරුව මුළු පිටියේම පන්දු රකින කලාපය ද ආවරණය කිරීමට පියවර ගැනෙනවා.
ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රීඩාපිටි කාර්ය මණ්ඩල උතුරු කොරියානු හමුදාව මෙන් දැඩි විනයකින් හා උද්යෝගයකින් කටයුතු කරන බව ක්‍රික් ඉන් ෆෝ විචාරකයාගේ අදහසයි.
ඔහු වැඩිදුරටත් සදහන් කළේ ඉන්දියාවේ කොල්කටාහි ඊඩ්න් ගාඞ්න් ක්‍රීඩාංගනය හැර ලොව අනෙකුත් ක්‍රිකට් සම්මේලන හෝ ක්‍රීඩාංගන එම ආදර්ශය ලබා ගැනීමට මෙතෙක් උනන්දුවක් දක්වා නොමැති බවයි.