වයස අවුරුදු 13 ක පාසල් සිසුවියක් සමග අඹු - සැමි සම්බන්ධතා පවත්වා ඇය ගැබිණියක් බවට පත් කළ තරුණයෙකුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.
අතවරයට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව - හැළඹවටවන ප්‍රදේශයේ පදිංචිව සිටින දැරිවියකි.ඇය ප්‍රදේශයේ පාසලක 09 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිටින බව පොලීසිය කියයි.
තම මව සහ සහෝදරයා සමග ඇය ජීවත් වන අතර තුර කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.එම සම්බන්ධතාවය නිසා දැරිවිය හමුවීමට සැකකාර තරුණයා ඇයගේ නිවසට පැමිණීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් මස 02 වැනිදා නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවේ තම පෙම්වතා තමා සමග අඹු - සැමි ඇසුරක් පැවැත්වූ බවත්,ඉන් පසුව අවස්ථා කීපයකදීම ඔහු තමන් සමග අඹු - සැමියන් ලෙස ගත කළ බවද අතවරයට පත්ව ඇති දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.
තම දියණිය ගැබිණියක් බවට පත් වී ඇති බව මව දැන ගැනීමෙන් පසුව මේ බව හලාවත පොලීසියට වාර්තා වී ඇත. සැකකාර පෙම්වතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.