Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව අද මෙරටට පැමිණි පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 5 දෙනාගේ තොරතුරු මෙන්න. වවුනතිව් ප්‍රහාරයේ සැකකරුත් ඒ අතර - Video

- ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව අද මෙරටට පැමිණි පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 5 දෙනාගේ තොරතුරු මෙන්න. වවුනතිව් ප්‍රහාරයේ සැකකරුත් ඒ අතර - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,744 Views
ඩුබායිහීදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල සාමාජිකයින් පස්දෙනෙකු අද දිවයිනට රැගෙන ආවා.
 
මෙම සැකකරුවන් අතර සිටින මොහොමඩ් මිල්හාන් නැමැත්තා වව්නතිව් හීදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුද වනවා.
 
පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රබලයෙකු පිළිබද ඉන්දීය ආරක්ෂක අංශ සෞදි බලධාරීන් වෙත දැනුම්දීමෙන් පසුව එරට ආරක්ෂක අංශ විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළා.

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබද මෙරට බලධාරීන්ට වාර්තාවීමෙන් පසු සැකකරුවන් මෙරටට රැගෙන ඒම සදහා පසුගිය 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගියා.
 
ඒ අනුව ඩුබායි ආරක්ෂක අංශ භාරයේ සිටි සැකකරුවන් පස් දෙනා මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට භාරදී තිබෙනවා.
 
එම සැකකරුවන් අතරින් 30 හැවිරිදි හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන් නැමති සැකකරු පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් සමීපතමයෙකු මෙන්ම එම ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රබලයෙකු බවයි තොරතුරු වාර්තා වන්නේ.
 
මොහු 45/5, FC පාර, නව කාත්තන්කුඩි 2 යන ලිපිනයේ පදිංචිව සිටි තිබෙනවා.
 
ඔහු සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයන් වන්නේ 522/B, සම්සම් පාර, මරදමුනෙයි 3 ලිපිනයේ පදිංචි 34 හැවිරිදි මොහොමඩ් මර්ෂූක් මොහොමඩ් රිලා, සහරාස් ගාර්ඩ්න්, වැල්ලම්පිටිය ලිපිනයේ පදිංචි 47 හැවිරිදි මොහොමඩ් මොහිදීන් මොහොමඩ් ෂන්වාස් ෂබ්රි, කඹුරඩි පාර, කාත්තන්කුඩි 01 ලිපිනයේ පදිංචි 29 හැවිරිදි මොහොමඩ් ඉස්මයිල් මොහොමඩ් ඉල්හාම් හා හිජ්ජාපුර, ඇල්ලවැව, කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචි 37 හැවිරිදි අබුසාලි අබුබකර් යන අයයි.

ඔවුන් අද අලුයම 4.30 ට පමණ UL 282 දරණ ගුවන් යානයෙන් මෙරටට රැගෙනවිත් තිබෙනවා.
 
සැකකරුවන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙනවිත් ඇති අතර එහි උසස් නිලධාරියෙකු පැවසුවේ ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බවයි.
 
මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් සමග සමීප සබඳතා පැවැත්වූ දෙදෙනෙකු මහනුවර හිඟුල ප්‍රදේශයේදී යුද හමුදාව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි මොහොමඩ් රාෆික් මොහොමඩ් රිස්මි සහ 42 හැවිරිදි මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන් නැමැති සැකකරුවන් දෙදෙනායි.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව ඊයේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මේ අතර, අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන පුද්ගලයන් සොයා ඉන්දීය ජාතික විමර්ශන ඒකකය තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්තවල ස්ථාන 7 ක විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
 
එහිදී සහරාන් හෂීම් සමඟ ෆේස්බුක් ඔස්සේ සබඳතා පැවැත්වූ 32 හැවිරිදි මොහොමඩ් අසාරුදීන් නැමැත්තෙකු සහ තවත් පුද්ගලයින් 05 දෙනෙකු රැඳවුම්භාරයට ගෙන ඇති බව ‘ද හින්දු‘ වෙබ් අඩවිය වාර්තා කළා.
 
සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ මොහොමඩ් අසාරුදීන් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ අයි.එස්. මතවාදයන් ව්‍යාප්ත කිරීමටත් එම සංවිධානයට තරුණ තරුණයන් බඳවා ගැනීමටත් උත්සාහ දරා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  861 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,379 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,689 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,167 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,810 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,266 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,725 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  561 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,567 Downloads



Top 10 Commenters

Latest Comments

Top