Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
අනෙක් ගැහැනු ළමයි වගේ මිනි ගවුම් මමත් ඇන්ඳා. හැබැයි විනීතව - රංගන ශිල්පී සාරංගගේ මව තිලකා රණසිංහ අතීතය ගැන මතක් කළේ මෙහෙමයි - Photos

- අනෙක් ගැහැනු ළමයි වගේ මිනි ගවුම් මමත් ඇන්ඳා. හැබැයි විනීතව - රංගන ශිල්පී සාරංගගේ මව තිලකා රණසිංහ අතීතය ගැන මතක් කළේ මෙහෙමයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,444 Views
අපි දෙන්නගේ පුතා තමයි සාරංග දිසාසේකර.
එයා එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් පරිගණක උපාධිය ලබාගත්තා...
අපේ තාත්තා ඉගෙනගෙන තියෙන්නේ යාපනයේ හින්දු විද්‍යාලයේ

ප්‍රවීණ ගුවන්විදුලි හා රූපවාහිනී නිවේදිකා තිලකා රණසිංහ මහත්මිය ගැන නොදන්න කෙනෙක් නැතිතරම්. එමෙන්ම ජනප්‍රිය තරුණ ටෙලිනාට්‍ය රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ ආදරණීය මෑණියක් වන තිලකා රණසිංහ ළමා පොත් රචිකාවක්, සරල ගී ගායිකාවක් හා සංගීත ප්‍රසංග වේදිකාවේ නිවේදිකාවක් ආදී වශයෙන් ප්‍රකට චරිතයක්. මේ ඇගේ ඒ කාලේ තොරතුරු ටිකක්.

කවදාවත් අමතක නොකළ යුතු උපන් ගම් ප්‍රදේශය ගැන ප්‍රථමයෙන්ම කියන්න බලන්න.
කුරුණෑගල තෝරවතුර කියන ලස්සන ගම්මානය. අපේ පවුලට ඒ ගම්මානයේ සෑහෙන්න කුඹුරු වතුපිටි ගොඩාක් තියෙනවා.

ඒ දරු පවුල ගැනත් විස්තරයක් කරන්න බලන්න
අපේ තාත්තා ඉගෙනගෙන තියෙන්නේ යාපනයේ හින්දු විද්‍යාලයේ. අම්ම ගුරුවරියක්. ලොකු අක්කා ගුරුවරියක්. ඇය ළමා පොත් ලේඛිකාවක්. නම මල්කාන්ති ගුණරත්න. දෙවැනි අක්කා රූපා. ඇය ඉංග්‍රීසි ගුරුවරියක්. තුන්වැනි අක්කා නැතිවුණා. ඊට පසුව වේදිකා ටෙලිනාට්‍ය හා චිත්‍රපට නළු ඩග්ලස් රණසිංහ පොඩි අයියා ලයනල්. එයා තමයි දැන් අපේ වතුපිටි බලාගන්නේ. ඊළඟට චන්ද්‍රා අක්කා. එයත් රැකියාවක් කරනවා. ඊළඟට තමයි මම. මං තමයි පවුලේ බඩපිස්සී.

බඩපිස්සිට ගොඩාක් ආදරේ ලැබෙන්න ඇති නේද?
අපොයි ඔව්. බොහොම සුරතලේට හැදුණු මගේ ළමා කාලය හරිම සුන්දරයි.

ඔය සුන්දර ළමා කාලයේ මොනවද මතක සටහන්?
කුඹුරු වැඩ කරන කාලයට පුංචි මමත් ඒවට සම්බන්ධ වුණා මතකයි. රෙද්දයි හැට්ටෙයි ඇඳලා, කුඹුරට ඇඹුල අරගෙන ගියපු කාලය හරිම සුන්දරයි. කමත් භාෂාවත් මට හොඳට පුළුවනි.

එතකොට ඉගෙන ගත්තේ?
ඒ දවස්වල ගමේ ළදරු පාසලක් නොතිබුණු නිසා වයස අවුරුදු තුනේදිම තිරගම රජයේ විද්‍යාලයට මාව ඇතුළත් කරලා තියෙනවා. ඊට පසුව තමයි කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ.

ඒ බාලිකාවේ ඉගෙනුම ලබද්දී හොඳම මතකයන් කියන්න බලන්න
සංගීතය  ඉගෙන ගත්තා. .......... විභාගයට ලිව්වා. ඒත් ප්‍රයෝජනයක් ගන්න තරමට ඉගෙන ගන්න බැරිවුණා. ඒත් පාසලේ පැවැති සෑම ප්‍රසංගයකදීම ගීත ගායනා කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ විතරක් නොවෙයි. පාසල් නාට්‍යවලත් රඟපෑවා. මගේ දාංගලේ වැඩි නිසා වැඩි වශයෙන්ම මට ලැබුණේ පිරිමි චරිත රඟපාන්න. ‘සුදෝ සුදු’ නාට්‍යයේ මම රඟපෑවේ ටිකිරිගේ චරිතය.

එහෙනම් තිලකා ශිෂ්‍යාව ජනප්‍රිය චරිතයක්
ඔව්. හැබැයි මගේ විනය හොඳයි. ඒ නිසාම මාව ශිෂ්‍ය නායිකාවක් විදියටත් පත් කර ගත්තා.

කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයකුත් තියෙනවා නේද?
ඔව්. එම විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි පිරිමි ළමයි එක්ක අපි සංගීත වැඩසටහන්වලට සහභාගි වෙලා තියෙනවා.

ඒ පිරිමි ළමයි අතරින් සංගීතය විෂයෙන් ඉදිරියටම ආපු අය ඉන්නවද?
ඔව්. ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න, එතුමාගේ මල්ලී සාරානාත් තෙන්නකෝන්,  ටියුලින් ජයරත්න වැනි මටත් වඩා වැඩිහිටි ළමයි කිහිපදෙනෙක් පිරිමි විද්‍යාලයේ හිටියා මතකයි.

උසස් පෙළ කරන කාලේ ඒ කියන්නේ තරුණ අවදියේදී කොහොමද ඇඳුම පැළඳුම් හා ස්ටයිල් කිරීම්?
ඒ කාලේ තිබුණු  හැම ස්ටයිල් එකක්ම කළා. අලුත් අලුත් මොස්තර, දිග ඇඳුම්, කොට ඇඳුම්, බෙල් බොටම්

මිනි ගවුමත් ඇන්ඳද?
ඔව්. ඔව්. අනෙක් ගැහැනු ළමයි වගේ මමත් ඇන්ඳා. හැබැයි විනීතව. අම්මගෙන් අවසරය ඇතිව.

උසස් පෙළ විභාගයේදී?
සාහිත්‍ය විෂයට විශිෂ්ට සාමාර්ථයක්. තිබුණු ආසාව නිසාම මම පුස්තකාලවේදී පාඨමාලාවක් හදාරන්න කොළඹ විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ඉල්ලුම් පතක් යැව්වා.

මෙතැනදී ඩග්ලස් රණසිංහ අයියා සිහිපත් වෙනවා නේද?
හා.. ඔව්. ඒ වෙනකොට ඩග්ලස් රණසිංහ අයියා නීති විද්‍යාලයට ඇතුල්වෙලා හිටියේ. ඒ අතරතුර අයියා වේදිකා නාට්‍යවලත් රඟපාන්න ගියාම අයියට නිතී විද්‍යාලය අමතක වෙලා ගියා. ඒ නිසා අයියා ජාතික ගුවන් විදුලියේ නාට්‍ය ශිල්පියෙකු හැටියටත්, ශබ්ද පාලකවරයෙක් හැටියටත් රැකියාව කරන්න පටන් ගත්තා.

ඉතින් ඔබ ජාතික ගුවන් විදුලියේ නිවේදක තනතුරට සම්බන්ධ වුණේ කොහොමද?
ඩග්ලස් අයියා ගුවන් විදුලියේ රාජකාරි කරන නිසා අයියා මටත් එක්ක ගුවන් විදුලි සහන නිවේදන ඉල්ලුම් පත්‍ර දෙකක් යොමු කරලා තිබුණා. එච්චරයි මම දැනගෙන හිටියේ. ඔය අතරේ මම ගුවන්විදුලියට ලියා එවූ කෙටි කතාවක් නාට්‍යවේදී සුගතපාල ද සිල්වා මහතා විසින් තෝරාගෙන ඊට සහභාගී වෙන්න මටත් ආරාධනා කරලා තිබුණා. මම කොළඹ ඇවිත් ගුවන් විදුලියේ ඉන්නකොට සහන නිවේදක තනතුර පරීක්ෂණයට මට එන්න කියලා යවපු ලියුමක් අයියා අරගෙන ඇවිත් මට දුන්නා.

ඉතින්?
ඉතින් කියන්නේ... දැන් ඒ ලියුම විතරයි මං ළඟ තියෙන්නේ. කෝ සහතික? මේ විස්තරය කියන්න මම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ගියාම ‘“එහෙම නම් ඔබ මොකටද ගුවන් විදුලියට ආවේ“ කියලා පරීක්ෂක මණ්ඩලයේ සිටි එච්.එම්. ගුණසේකර, තේවිස් ගුරුගේ සහ ඩී.එම්. කොළඹගේ යන මහත්වරු මගෙන් ඇහුවා.

ඉතින් ඔබ මොකද කිව්වේ?
තෝරා ගත් මගේ කෙටි කතාවේ විස්තරය කිව්වා.

මොකද වුණේ?
ඒ විස්තරය කිව්වා විතරයි මට වැඩිපුරත් ලකුණු දීලා මාව සහන නිවේදිකාවක් විදියට තෝරාගත්තා.

එදා සහන නිවේදක තනතුරට තෝරාගත් සෙසු පිරිස මතකද?
කුසුම් පීරිස්, ආරියසිරි විතානගේ, මගේ අයියා ඩග්ලස් රණසිංහ, ඉන්ද්‍රා රාමනායක, සමදරා කෝට්ටගේ, වොලී නානායක්කාර, තිස්ස අබේසේකර. මේ අය අතරින් ලාබාලම අයදුම්කාරිය විදිහට සිටියේ මම විතරයි.

ඒ පරීක්ෂක මණ්ඩලය ගැන මොනවද හිතුණේ?
අපේ රටට සුදුසු මාධ්‍ය සදාචාරයක් බිහිකරනු විද්වතුන් පිරිසක් කිව්වොත් නිවැරදියි. මම එදා ඇඳගෙන ගියේ කොට ගවුමක්. ඉතින් එච්.එම්. ගුණසේකර මහත්මයා මට කියා සිටියා ඔබගේ හිතට ප්‍රෞඪත්වයක් ඇතිවෙන්න සාරියක් ඇඳගෙන එන්න කියලා. ඒ උපදේශනය මං දිගටම පිළිපැද්දා.

පුහුණුවෙන් පසුව ඉදිරිපත් කළ වැඩසටහන් මොනවද?
චිත්‍රපටවලට සම්බන්ධ වෙළඳ වැඩසටහන් ඉදිරිපත් කළා. සති අන්තයේ ප්‍රචාරය වූ වෙළෙඳ වැඩසටහන් හයකට විතර එක දිගටම සහභාගී වුණා. කාන්තා වැඩසටහන් ඉදිරිපත් කිරීමේදිත් මම විශාල තෘප්තියක් ලැබුවා. මට දැනුමෙන් උපකාර කළ ජ්‍යෙෂ්ඨයින් අතර ලලිත් එස්. මෛත්‍රීපාල, බණ්ඩාර කේ. විජේතුංග, චන්ද්‍රා වයමන්, ගැමුණු විජේසූරිය යන මහත්ම මහත්මීන් ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා. කරුණාරත්න අබේසේකර මහත්මයාගේ අවසන් ගෝලයා වුණේ මමයි.

ගැමුණු විජේසූරිය නාමය කියැවෙනකොට ගුවන් විදුලි නාට්‍ය ගැනත් කතා කළ හැකියි නේද?
ඔව්. ඒ කාලේ සෑම ඉරු දිනකම උදේ කාලයේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ‘ලතාගේ කතාව’ හරිම ජනප්‍රියයි. ඒ කතාව ලිව්වේ අමරසෝම සමරක්කොඩි. ගැමුණු අයියා සහ මම ඒ නාට්‍ය‘යේ රඟපෑවා. මම තමයි  ඒ නාට්‍ය‘යේ ‘ලතා’. ඒ කාලේ ප්‍රචාරය වූ තවත් ජනප්‍රිය නාට්‍යයක් තමයි ‘කැලෑ මල්’. ඒ නාට්‍ය‘යේ මගේ චරිතයේ නම තිලකා. නෙල්සන් පීරිස්, කරුණාරත්න අමරසිංහ රඟපැවා.

‘‘පාළුව තනිකම පාවීලා - වැහිවලා මාගේ’ මේ ගීතයත් සමග තිලකා රණසිංහ නාමයත් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙනවා. අපි අහලා තියෙනවා.
මේ ගීතය ගැන කියන්නට පෙර ලස්සන කතාවක් තියෙනවා කියන්න.

කියන්න බලන්න
මම සරල ගී පරීක්ෂණයට මුහුණදීලා ‘බී’ ශ්‍රේණියේ ගායිකාවක් විදියට සමත් වුණා. ඒ 83 අවුරුද්දේ. එදා සිට 91 වසර දක්වාම එකම ගීතයක්වත් ගායනා කරන්න මම උනන්දු වුණේ නැහැ. මේ නිසා ගුවන් විදුලිය ඇතුළේ සිටි මගේ මිත්‍රයන් කණ්ඩායම මට නමක් දැම්මා. ‘ගී නොගැයූ ගායිකාව’ කියලා. මේ කතාවට මට මාර ලැජ්ජාවක් ඇතිවෙලා මම ඉක්මනට සරල ගී වැඩසටහනක් කළා.
මගේ පුතා සාරංග වෙනුවෙන් ගීතනාත් කුඩලිගම මහතාට කියා ලියූ ගීතය තමයි ‘පාළුව තනිකම’ . එහි තනුව රෝහණ බෝගොඩගෙන්. අනෙක් ගීත ලිව්වේ ශ්‍රියානන්ද විජේසුන්දර, බන්දුල නානායක්කාරවසම්.

ඊළඟ සරල ගී වැඩසටහන?
ඊළඟ සරල ගී වැඩසටහනේ යුග ගායනයක් සඳහා ජනප්‍රිය ගායකයෙක් වූ නාරද දිසාසේකර සහභාගී කරගත්තා.

නාරද ඒ වන විටත් ගුවන් විදුලියේ ශබ්ද පාලකයෙක් හැටියට සේවය කළා නේද?    
ඔව්. ‘නැවුම් මිහිර’ වැඩසටහනත් නිෂ්පාදනය කළා. නාරද ඉදිරිපත් කළේ මම. මෙහිදී අප දෙදෙනා අතර සුහදතාවය ඇතිවෙලා 1979 වර්ෂයේදී අපි විවාහ වුණා. අපි දෙන්නගේ පුතා තමයි සාරංග දිසාසේකර. පාඨක ජනතාවට සාරංග පුතා ගැන මීට වැඩිය යමක් කිව යුතු යැයි මං හිතන්නේ නැහැ. සාරංග එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් පරිගණක උපාධිය ලබාගෙන තිබුණත් රංගන කලාවට යොමු වී සිටිනවා.

සටහන - අමරදාස සිල්වා

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,398 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,013 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,758 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,718 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,728 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,589 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,074 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,354 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,510 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top