ඊසානදිග ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකදී අතුරුදන් වූ ගුවන් හමුදා ඒ.එන්. 32 යානයේ සිටි ඉන්දීය ගුවන් හමුදා සාමාජිකයන් 13 දෙනාගේ සිරුරු ඊයේ සොයා ගැනුණා.
ඉන්දීය ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මගින් ඊට පෙර දින අනතුරට ලක්වූ යානයේ සුන්බුන් නිරීක්ෂණය කළ අතර, ඊයේ දිනයේදී එම සිරුරු මෙන්ම යානයේ කළු පෙට්ටිය ද සොයා ගත් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
ඉන්දීය ගුවන් හමුදා යානයේ සිටි 13 දෙනාගෙන් කිසිවෙකු දිවි ගලවාගෙන නැහැ.
රුසියාවේ නිෂ්පාදිත මෙම ඒ.එන්. 32 යානය පසුගිය ජුනි 3 වන දා අනතුරට ලක්වූයේ ඇසැම් ප්‍රාන්තයේ සිට අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙචුකා හමුදා ගුවන් පථය වෙත ගමන් ගනිමින් සිටියදියි.