Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
හිස්බුල්ලා, සාලි සහ රිෂාඩ්ට එරෙහිව පැමිණිලි 27 ක් - අසාද් සාලි අද සී.අයි.ඩී. යට

- හිස්බුල්ලා, සාලි සහ රිෂාඩ්ට එරෙහිව පැමිණිලි 27 ක් - අසාද් සාලි අද සී.අයි.ඩී. යටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

664 Views
හිටපු ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, අසාද් සාලි සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අයට එරෙහිව මේ වනවිට පොලිස් මූලස්ථානයට පැමිණිලි 27 ක් ලැබී තිබෙනවා.

පසුගිය 04 වැනිදා සිට මෙලෙස පැමිණිලි ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පැමිණිලි 12 ක් ලැබී ඇති අතර, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව පැමිණිලි 05 ක් ලැබී තිබෙනවා.

මීට අමතරව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාට එරෙහිවද පැමිණිලි දෙකක් ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම, ඔවුන් තිදෙනාටම එරෙහිව පොලිස් මූලස්ථානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 08ක්.


මේ අතර, අද දිනයේදී බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

අද උදෑසන 09.30 ට හිටපු ආණ්ඩුකාරවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මීට පෙර පොලිස් මූලස්ථානයට ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළවයි ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ.

මේ අතර, මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000ක ඉඩම් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳගේ ව්‍යාපාරයක නමට සහ ඔහුගේ සහෝදරයින්ගේ නම්වලට ව්‍යාජ ඔප්පු සකසා ලබාගෙන ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 2015/2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන් හි සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවධානය යොමුව තිබෙනවා.

එම කොමිසමේ පොලිස් ඒකකය මගින් ඊට අදාළ මූලික විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ ඉඩම් රජයේ හිමිකාරීත්වය යටතේ පැවති ඒවා බවයි.

කෙසේ වෙතත්, එම ඉඩම්වල පදිංචිව සිටි පිරිස් යුද්ධය පැවති සමයේ ඒවායින් ඉවත්ව ගොස් තිබෙනවා.

පසුව ඔවුන් යළි එම ප්‍රදේශවලට පැමිණ ඇති අතර, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයින් සහ ඔහුගේ බිරිඳගේ ව්‍යාපාරයක් විසින් එම ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස් කර දී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව ඒවා පවරා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 05 ත්, 10 ත් අතර මුදලක් තමන්ට ලබාදුන් බව එම ඉඩම්වල පදිංචිව සිටි පුද්ගලයින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඇතැම් අවස්ථාවල හිස් කොලවලට පවා තමන්ගෙන් අත්සන් ලබාගත් බවද එම පදිංචිකරුවන් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා මේ වනවිට පුද්ගලයින් 15 දෙනෙකු කැඳවා ඇති බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

මේ අතර, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත් බව කියන මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ කළමනාකාරවරයාට අද දිනයේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.

මෙතෙක් එම විශ්වවිද්‍යාලයට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි වී නොමැති බව බවද එම කොමිසම සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,380 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,013 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,705 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,589 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,073 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top