Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
13
මට ඔබතුමාගේ අයිඩින්ටි කාඩ් එක දෙන්න - තළවකැළේ තම්බිමරික්කාර් මොහොමඩ් ස්මයිල් නමැති ව්‍යාජ වෛද්‍යවරයෙක් ගැන නගරාධිපතිවරයෙක් කළ හෙළිදරව්ව - Video

- මට ඔබතුමාගේ අයිඩින්ටි කාඩ් එක දෙන්න - තළවකැළේ තම්බිමරික්කාර් මොහොමඩ් ස්මයිල් නමැති ව්‍යාජ වෛද්‍යවරයෙක් ගැන නගරාධිපතිවරයෙක් කළ හෙළිදරව්ව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

81 Views
රාවණා බලය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ගැන කළ පැමිණිල්ල...
දැන් මෙයා අද බෙහෙත් දාලත් තියෙනවා. රිසිට් ලියලත් තියෙනවා

සාෆි ෂිහාබ්ඩීන් වෛද්‍යවරයාට එරෙහිව කටයුතු කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම පෙරමුණ ඉල්ලා සිටින්නේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා හැකි ඉක්මනින් අදාළ වෛද්‍යවරයාට චෝදනා ගොනු කර නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අදාළ ලිපියේ දැක්වෙන්නේ නීති විරෝධී වඳ සැත්කම් චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය සාෆි ෂෙහාබ්ඩීන්ට නිසි දඬුවම් ලබා දීම මගින් අනාගතයේදී ෂාෆිලා බිහිවීම වැළැක්වීමට හැකියාව ඇත්තේ ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග අනුව බවයි.
 

වෛද්‍ය සංගම් ඇතුළු මහජන ඉල්ලීම් සැළකිල්ලට ගෙන වහාම අදාළ කරුණ සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසද ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර චෝදනාවට ලක්ව සිටින සාෆි ෂෙහාබ්ඩීන් වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල රෝහලට අදත් පැමිණිලි 4ක් ලැබී තිබෙනවා.

ඒ අනුව අදාළ වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල රෝහලට පැමිණිලි 806ක් හා දඹුල්ල රෝහලට පැමිණිලි 144 ක් වාර්තා වී ඇති අතර ඔහුට එරෙහි සමස්ත පැමිණිලි ගණන 950ක්.

මේ අතර සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුව අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.

මේ අතර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණ රාවණා බලය සංවිධානයේ සාමාජික හිමිවරුන්ද අදහස් පළ කළා.

මේ අතර ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් හමුවීමට පැමිණි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වව්නියාව නගරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදහස් පළ කළා.

මේ අතර තළවකැළේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් වසර දෙකකට ආසන්න කාලයක් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පොලිසියට භාරදීමට තලවකැළේ ලිඳුල නගරාධිපතිවරයා ඇතුළු බලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඒ, අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය තුළ ගබ්සාවන් සිදුකරන බවට නගර සභාවේ පවුල් සෞඛ්‍ය සේවිකාව සභාපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුවයි.

නගරාධිපතිවරයා - මේක අපේ නගර සභාවේ ලියාපදිංචි කරලා තියෙනවාද?
- අයිතිකාර ඩොක්ටර්ගෙන් තමයි අහන්න ඕනැ.
නගරාධිපතිවරයා - කවුද අයිතිකාර ඩොක්ටර්
- ප්‍රභාෂ් එයා එන්නේ ඉරිදා.
නගරාධිපතිවරයා - එතකොට දැන් ඔබතුමා මොනවද මෙතන කරන්නේ.
- මම මේක මැනේජ් කරගෙන නිකන් ඉන්නවා.
නගරාධිපතිවරයා -බෙහෙත් දෙන්නේ නැහැ.
- බෙහෙත් දෙන්නේ නැහැ. එයාට කෝල් එකක් දීලා නම්බර් දාලා තියෙනවා.
නගරාධිපතිවරයා -මට ඔබතුමාගේ අයිඩින්ටි කාඩ් එක දෙන්න.
- ඇයි එහෙම දෙන්නේ.
නගරාධිපතිවරයා -ඔයා කවුද කියන එක මට දැනගන්න ඕනෑ.
- ඒක මට අදාළ නැහැ.
නගරාධිපතිවරයා - මෙතන ඉන්නේ ඔබතුමානේ.
- වාඩිවෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. ඔයාට වුණත් වාඩිවෙන්න පුළුවන්.
නගරාධිපතිවරයා - පොඩ්ඩක් ඉන්න මම මෙතනට පොලිසිය ගේන්න.
අනතුරුව පොලිසිය කැඳවීමට පියවර ගැනුණා.
නගරාධිපතිවරයා - දැන් මෙයා අද බෙහෙත් දාලත් තියෙනවා. රිසිට් ලියලත් තියෙනවා. බෙහෙත් ගන්නත්. ඔබතුමාලා දන්නවානේ. ඩොක්ටර් සාෆිගේ එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවානේ.
- ඔයා හිතුවාද මම කුඩු විකුණනවා කියලා. ඔයා දේශපාලනඥයෙක් වුණාට.
නගරාධිපතිවරයා - මේ හලෝ දේශපාලන කතා කතා කළේ නැහැ හරිද?
පොලිසිය - ඔයා දැන් යමු පොලිසියට.

සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි තම්බිමරික්කාර් මොහොමඩ් ස්මයිල් ලෙසට පෙනී සිට ඇති එම පුද්ගලයා සතුව රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස තහවුරු කිරීමට කිසිදු ලියවිල්ලක් නොතිබුණු බවට තළවකැළේ ලිදුල නගර සභාවේ නගරාධිපතිවරයා පවසනවා.

අදාළ ව්‍යාජ වෛද්‍යවරයා සම්බන්ධව තළවකැළේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top