Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
පාස්කු ඉරු දින ප්‍රහාරය සැලසුම් කළ සහරාන් සමග ෆේස්බුක් ඔස්සේ සම්බන්ධතා පැවැත්වූ සැකකරුවෙක් ඉන්දියාවේදී කොටුවෙයි

- පාස්කු ඉරු දින ප්‍රහාරය සැලසුම් කළ සහරාන් සමග ෆේස්බුක් ඔස්සේ සම්බන්ධතා පැවැත්වූ සැකකරුවෙක් ඉන්දියාවේදී කොටුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,507 Views
අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු ඉන්දියාවේ කොයිම්බතෝර් නගරයේදී....
තවත් පුද්ගලයන් පස් දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරනවලු...

පාස්කු ඉරු දින ප්‍රහාරය සැලසුම් කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයා සමග සබඳතා පැවැත්වූ බව පැවසෙන පුද්ගලයෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

ඉන්දීය ත්‍රස්ත මර්දන බලධාරීන් කියා සිටියේ තිස් දෙහැවිරිදි මොහොමඩ් අසරුදීන්, පාස්කු ප්‍රහාරයේ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් සමග ෆේස්බුක් ඔස්සේ මිතුරුව සිට ඇති බවයි.

ඉහත කී ප්‍රහාරය සම්බන්ධයෙන් ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) වගකීම භාර ගෙන තිබෙනවා.

ඉහත කී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු ඉන්දියාවේ කොයිම්බතෝර් (Coimbatore) නගරයේ අයිඑස් තිත්පොලක් ලෙස සැක කෙරුණු ස්ථානයක කළ වැටලීමකින් පසුවයි.

පාස්කු දින ප්‍රහාර මාලාවට හසුව දෙසිය පනහකට අධික පිරිසක් මරණයට පත් වූ අතර තුවාල ලද පිරිස පන්සීයකට අධිකයි.

වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් මෙහෙයවන ලද ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) කියා සිටියේ තවත් පුද්ගලයන් පස් දෙනෙකු රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරෙන බවයි.

අදාළ ඒකකය විසින් මොහොමඩ් අසරුදීන්ට සහ සෙසු සැකකරුවන්ට එරෙහිව මැයි 30 වෙනිදා පැමිණිල්ලක් ගොනු කරනු ලැබ ඇති බව මාධ්‍ය නිවේදනයක දැක්වෙනවා.

කොයිම්බතෝර් නගරයට යාබද උක්කඩම් (Ukkadam) ප්‍රදේශය තුළ රාජ්‍ය බුද්ධි සේවා සහ පොලිසිය එක්ව තවදුරටත් වැටලීම් සිදු කරේ. මොහොමඩ් අසරුදීන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු එම ප්‍රදේශයේ පදිංචිකරුවන් යැයි බලධාරීහු පවසනවා.

සැකකරුවන් හය දෙනාම අයිඑස් මතවාදය "ව්‍යාප්ත" කර ඇති බවට ෆෙඩරල් විමර්ශකයෝ චෝදනා කරති. කොයිම්බතෝර් අයත් තමිල් නඩු ප්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියාව තුළ ප්‍රහාර එල්ල කිරීම සඳහා "පහසුවෙන් ගොදුරු විය හැකි තරුණයන්" සිය කණ්ඩායමට එක් කර ගැනීම සඳහා සැකකරුවන් උත්සහ කර ඇති බවට ද චෝදනා එල්ල වනවා.

ඇමරිකාවේ සහය ලබන හමුදා විසින් සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක වූ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම මේ වසර ආරම්භයේ දී ඉන් පළවා හරිනු ලැබීමෙන් අනතුරුව ලොව පුරා ඇති අයිඑස් තිත්පොළ පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු වුණා.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වීමට පෙර ඇමරිකාව සහ ඉන්දීය බුද්ධි අංශ ඒ පිළිබඳ කළ පූර්ව අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අපොහොසත් වූ බවට ශ්‍රී ලංකා බලධාරීන්ට චෝදනා එල්ල වනවා.

අයිඑස් තිත්පොළ ලෙස සැකකෙරෙන ස්ථාන සම්බන්ධයෙන් ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) පසුගිය අප්‍රේල් මාසයේ සිට සෝදිසි මෙහෙයුම් මාලාවක් දියත් කළා.

මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ බව විශ්වාස කෙරෙන කේරල ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු ද ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

දිල්ලි නගරයට පහරදීමට සැලසුම් කළ බවට චෝදනා කරමින් "අයිඑස් මග ගිය කණ්ඩායමක" සාමාජිකයන් ගණනාවක් ද ඉහත කී ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.
(බීබීසී)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  868 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,382 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,698 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,169 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,811 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,269 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,728 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  563 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,570 Downloads



Top 10 Commenters

Latest Comments

Top