Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
"එයාට කැරපොත්තව හැපුණා. තව පොඩ්ඩෙන් කැරපොත්තා එක්කම කනවා.." - ආකාශ් වීරසේකර - Exclusive

- "එයාට කැරපොත්තව හැපුණා. තව පොඩ්ඩෙන් කැරපොත්තා එක්කම කනවා.." - ආකාශ් වීරසේකර - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,594 Views
"කැලේ හිටපු නිසා මුල් දවස් දෙක තුන බයෙන් හිටියේ.."

"එතකොට මගේ වයස අවුරුදු හතරහාමාරයි.."

සාම කුමරු කියන්නේ මේ දිනවල පුළුල් තීරයේ විකාශය ආරම්භ කළ බෞද්ධ ළමා චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණපොවන ඔහුව නිරන්තරයෙන්ම රූපවාහිනී තිරයෙන් දැකගන්න ලැබෙන චරිතයක්. බොහෝ ජනප්‍රිය වෙළෙද දැන්වීම් වලින් දැකගන්න ලැබෙන ඔහුව මුල්ම වතාවට සිනමා තිරයෙන් දැකගන්න ලැබෙන්නේ සාම කුමරු සිනමා සිත්තම ඔස්සෙයි. ඔහු නමින් ආකාශ් වීරසේකර. මේ ඔහු ගැන තොරතුරුයි.

වර්ෂ කිහිපයක සිට ආකාශ්ව විවිධ වෙළෙද දැන්වීම්වලින් දැකගන්න ලැබෙනවා. ජනප්‍රිය වෙළෙද දැන්වීම් නිරුපණය සදහා පුංචි කාලේ ඉදලා පෙනී සිටියත් ඔබ ගැන විස්තර බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා මුලින්ම ඔබ ගැන කියමු..?
මගේ වයස දැන් අවුරුදු 13යි. මම ඉගෙන ගන්නේ කොලඹ රෝයල් විද්‍යාලයෙන්. පාසල් බාස්කට් බෝල් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරනවා. ඊට අමතරව පිහිණුම් ක්‍රීඩාවත් කරනවා. මගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තායි නංගියි.

මේ දිනවල ආකාශ්ව පුළුල් තිරයෙන් දැකගන්න ලැබෙනවා. කොහොමද ආකාශ් සාම කුමරු සිනමාපටයේ රංගනයට ලැබෙන ප්‍රතිචාර..?
ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා. මේ මගේ දෙවැනි චිත්‍රපට රංගනය වුණත් මුලින්ම තිරගත වුණේ මේ චිත්‍රපටය. මම මුලින්ම සම්බන්ධ වුණේ දෙවරක් දෙක චිත්‍රපටයට. ඒක තවම තිරගත වුණේ නැහැ. නමුත් මේ චිත්‍රපටය ගැන ගොඩක් අය කතා කරනවා. චිත්‍රපටය තිරගත වෙන්න කලින් ට්‍රේලර් යද්දීම මට ප්‍රතිචාර දැක්වූ අය හිටියා. පාසලෙත් මට හොද ප්‍රතිචාර ලැබෙනවා. මගේ පන්තියේ හැමෝම මගෙත් එක්ක ගිහින් මේ චිත්‍රපටය නරඹන්න ඕන කියනවා.

මෙය බෞද්ධ චිත්‍රපටයක් නිසා පේවෙලා ඉන්න ඇති නේද..?
ඔව්. මේ චිත්‍රපටය මාස එකහමාරක් විතර රූගත කළා. මම මාස තුනක් විතර මස් මාංශ නොකා හිටියා.

බොහෝ දර්ශන රූගත කර තිබුණේ සුන්දර කැලෑ ප්‍රදේශවල. ඒ වගේ කැලෑ ප්‍රදේශයක ජිවත් වෙන එක අසීරූ වුණේ නැද්ද..?
මේ චිත්‍රපටය රූගත කළේ මිට අවුරුදු තුනකට කලින්. එතකොට මගේ වයස අවුරුදු 10යි. පාසල් නිවාඩු කාලේ තමයි රූගත කළේ. මෙහි රූගත කිරීම් කළේ දිගන ප්‍රදේශයේ. ඒ පැත්ත හරිම ලස්සනයි. මුල් දවස් දෙක තුන ටිකක් බයෙන් හිටියත් හැමෝම එක්ක විනෝදෙන් හිටපු නිසා ඒ බය නැතුව ගියා.

ඔබට කැමරාව හුරු වුණත් සිනමා කැමරාව ඒ වෙනකොට නුහුරු ඇති..?
මම කලින් චිත්‍රපටයක් කරලා තිබුණු නිසා සාම කුමරු චිත්‍රපටය රූගත කරද්දී එතරම් බයක් තිබුනේ නැහැ කැමරාවට මුහුණ දෙන්න. ගොඩක් ෂොට්ස් වන් ෂොට් ගත්තේ. අධ්‍යක්ෂකතුමා වගේම සිනමාපටයට සම්බන්ධ වුණු හැමෝම උදව් කළා. හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා මට උදව් කළාට.

ඔබ සම්බන්ධ වෙන නිර්මාණ නැවත දකිද්දී මොකද හිතෙන්නේ..?
මට නම් හිතෙන්නෙම ඒ චරිත ඊට වඩා හොදට කරන්න තිබ්බ නේද කියන හැගීම තමයි. සාම කුමරු චිත්‍රපටය මම දෙපාරක් බැලුවා. ඒක නරඹද්දීත් මට එහෙම හිතුණා.

මේ වෙනකොට වෙළෙද දන්විම් කීයකට සම්බන්ධ වෙලා තියෙනවද..?
මම මුල්ම වෙළෙද දැන්වීමට සම්බන්ධ වෙනකොට මගේ වයස අවුරුදු හතරහාමාරක් විතර ඇති. එතැන් පටන් මේ වෙනකල් මම වෙළෙද දැන්වීම් 40කට විතර පෙනී ඉදලා තියෙනවා. මගේ ෆොටෝස් එහෙම බැනර්වලට ගහලා තියෙන නිසා හුගක් අය මාව දන්නවා. කිරිපිටි වෙළෙද දැන්වීමෙන් තමයි හුගක් අය මාව අදුරගත්තේ.

ගෙදරින් ලැබෙන සහයෝගය හා ඔබේ දක්ෂතාවයට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
මගේ කලා හැකියාවට අම්මගෙන් තමයි වැඩිපුරම උදව් ලැබෙන්නේ. ඒ වගේම තාත්තා මතක් කරන්න ඕන. තාත්තා තමයි එයාගේ වැඩ සේරම පැත්තක තියලා මාව ෂූටිං එක්කගෙන යන්නේ. මාව ටීවී එකෙන් දකිද්දී හැමෝටම කලින් සතුටු වෙන්නේ මගේ නංගි. එයා ඒවා පෙන්නලා සතුටු වෙනවා. මගේ සීයත් මාමාත් මට ගොඩක් උදව් කරනවා.
 
චිත්‍රපට රූගත කිරීම්වලදී අමතක නොවන සිදුවීම් එහෙමත් සිදු වෙලා ඇති නේද..?
සාම කුමරු චිත්‍රපටය රූගත කරද්දී අපි හැමෝම වෙජිටෙරියන්නේ. අපිට වෙජිටබල් රයිස් ගෙනාවා. හිමායා ආන්ටිගේ කෑම එකේ කැරපොත්තෙක්. එයාට කැරපොත්තව හැපුණා. තව පොඩ්ඩෙන් කැරපොත්තා එක්කම කනවා. ඒක දැකලා අපිටත් අප්පිරියා හිතුණා. ඊට පස්සේ හැමෝම ඒ කෑම කෑවේ නැහැ. ඒක නම් අමතක වෙන්නේ නැහැ.

හර්ෂණී වීරරත්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  7 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  964 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,614 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,860 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  355 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,243 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,880 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,310 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,796 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  575 Downloads



Top 10 Commenters

Latest Comments

Top