Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
"මුදලින් තිස් දෙදහසක් අනියම් බිරිඳට දුන්නා..." - අනියම් බිරිඳ සමඟ එකතු වී එන්නතකින් පුංචි අම්මා මැරූ පුතාගේ අමුතු ගේම් එක කොටු වූ හැටි

- "මුදලින් තිස් දෙදහසක් අනියම් බිරිඳට දුන්නා..." - අනියම් බිරිඳ සමඟ එකතු වී එන්නතකින් පුංචි අම්මා මැරූ පුතාගේ අමුතු ගේම් එක කොටු වූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,120 Views
"පුංචි අම්මා එක්ක පොර බදද්දි කණ්ණාඩිය ගැලවිලා වැටුණා.."
 
"අපිට ආපහු තෙල් පුච්චගෙන මෙහේට එන්න බෑ.."
 
"මේ වැඩේ කරපු එවුන් එන්න ඇත්තේ එක්කෝ වීල් එකකින්.. නැත්තම් බයික් එකකින්.." මාතර තල්පාවිල පදිංචිව සිටි හබරාදුව, බඩල්ගේ කරුණාවතීගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මාතර පොලීසියේ මෙන්ම මාතර කොට්ඨාසය භාර උසස් පොලිස් නිලධාරින්ගේ අදහස වූයේ එවැන්නක්.
 
ඝාතනය සිදුවූ නිවෙස පිහිටි නිවෙස් වෙළඳ ආයතනවල සවි කර ඇති සිසීටීවි නිරික්ෂණයේදී අපරාධ අංශයේ ස්ථානාධිපති, විජේරාම මහතාට එවැනි සැකකටයුතු ත්‍රිරෝද රථයක් හෝ යතුරුපැදියක් දැකගත හැකිවූයේ නැහැ.
 
එහෙත් ඔහු සැකකටයුතු යුවළක් දුටුවා. ඒ දෙදෙනා මේ නිවසට යාමත් ආපසු ඒමත් යන ගමන් දෙකම ස්වභාවික නොවන බව ඔහු වටහා ගත්තා.

මේ දෙදෙනා මුලින් ඒ පැත්තට යන්නේ වෙන් වෙන්වයි. පිරිමි අයට වඩා කාන්තාව යන්නේ මීටර් පහළොවක් පිටුපසට වන්නයි. එලෙස ඉදිරියට යන පිරිමි අය මඟදී නතර වන අතර කාන්තාව ඔහු අසළට ගොස් යම් කතාබහක යෙදෙමින් ගමන් කරන්න පටන් ගන්නවා.
 
ඊට ටික වෙලාවකට පසු යළි මේ දෙදෙනාගේ පැමිණිම රූගතව තිබුණා. එවිට මුලින් එන්නේ කාන්තාවයි. ඇය ඉක්මන් ගමනින් ඉදිරියට පැමිණෙන අතර පසුව දෙදෙනා ඉක්මන් ගමනින් එතැනින් ඉවත්ව යනවා.
 
විමර්ශන කණ්ඩායමේ ඊළඟ පියවර වූයේ මේ දෙදෙනා හඳුනා ගැනීමයි. කරුණාවතී මරා දැමුණූ වේලාවේ එම නිවසේ සිටි අන් කාන්තාව සුමනාවතී නම් වුණා.
 
ඇය කරුණාවතීගේ පුතාගේ බිරියගේ මවයි. ඇයද අපරාධකරුවන්ට යම් තරමකට ගොදුරු වී තිබුණා. ඇයට බලහත්කාරයෙන් වස වර්ගයක් පෙවීමට සැකකරු උත්සහ කළද ඇය කට තද කරගෙන සිටි හේතුවෙන් ඒවා මුව තුළට ගොස් තිබුණේ නැහැ.
 
නිවෙසට පැමිණි දෙදෙනා ගැන ඇය විස්තර කළා. ඒ අනුව පැමිණි කාන්තාව හැඳ සිටින්නේ සුදු පැහැ සායක් හා මල් වැටුණූ බ්ලවුසයක්. පිරිමි අය කලු කලිසමක්, දුඹුරු පැහැ කමිසයක් හැඳ සපත්තු දමා සිටින බවත් ඇය පැවසුවා. ඇය කී දේවල් සිසිටීවි දර්ශනවලට සමාන බව පැහැදිලි වුණා.
 
මේ අතර කරුණාවතිලා සමඟ යම් අමනාපයක් ඇති පුද්ගලයෙකු ගැන විමර්ශනවලදි හෙළි වුණා. ඔහු දෙයියන්දර පදිංචි ඥාති පුත්‍රයෙක්. එනම් කරුණාවතීගේ අක්කාගේ පුත්‍රයායි. සුමනාවතී මේ නිවසේ පදිංචිව සිටියද ඇය මොහු මීට පෙර දැක තිබුණේ නැහැ. ඇය පැවසුවේ දුටු අවස්ථාවේ මතක සිටි අංග ලක්ෂණ පමණයි.
 
සොයාගත් සියලු තොරතුරු සන්සන්දනය කිරීමේදී මෙම ඝාතනය දෙයියන්දර සිටින ඥාති පුත්‍රයා ගේ වැඩක් විය යුතු බව තහවුරු වුණා. පොලීසිය ඔහු සොයා දෙයියන්දර යන්නෙ ඉන් අනතුරුවයි.
 
පොලිසිය යද්දි සැකකරු මෙන්ම ඔහුගේ බිරියද දරුවන්ද නිවසේ සිටියා. මොහු දුටු සැණින් පොලිස් කණ්ඩායම යම් අපහසුතාවයකට පත්වුණා. ඒ ... සිසිටීවි දර්ශනවල සිටින පුද්ගලයාට වඩා මොහු වෙනස් වීම නිසායි.
 
"සර් සිසිටීවි එකේ ඉන්න කෙනාට වඩා මෙයා වෙනස් නේ.... කොණ්ඩෙත් නෑ. කලුත් නෑ. උසත් නෑ.."
 
පොලිස් කණ්ඩායම සමඟ ගිය පවුලේ අයටද සිසිටීවි දර්ශනවල සිටින පුද්ගලයාත් මොහුත් සමාන බව හඳුනාගන්නට අපහසු වුණා. මොහු තලෙලු තරමක් උස නැති අයකු වන අතර හිසකෙස්ද බිංදුවටම කපා තිබුණා. එහෙත් මේ එම පුද්ගලයාම බව විමර්ශන කණ්ඩායමේ අදහස වුණා. පොලිස් පරීක්ෂක විජේරාම මොහුගෙන් ප්‍රශ්න කළා.
 
"තමුන් ඊයේ උදේ කොහේද හිටියේ"
"ගාල්ලේ.."
"කොණ්ඩේ කැපුවේ කවදද?"
"ඊයේ..."
"කොහේදිද.."
"ගාල්ලෙදි..."
 
ප්‍රශ්න කිරීම් හමුවේ මොහුගේ මුහුණේ ඉරියව් වෙනස් වන අයුරු පොලිසිය නිරීක්ෂණය කළා.
 
"හරි තමුන් ඊයේ ගාල්ලෙනේ හිටියේ. මම තමුන් හරියටම හිටපු තැන පෙන්නන්නද?"
 
පොලිසිය පවසද්දි හිඳගෙන සිටි ස්ථානයෙන් නැගි සිටි ඔහු 'හරි සර්' යැයි කියමින් කාමරයට ගොස් හැඳ සිටි සරම ඉවත් කොට කලිසමක් සහ කමිසයක් හැඳ එළියට පැමිණියා.
 
"හරි සර් යමු..."
"ඇයි...? කොහේ යන්නද? මට තමුන්ව කොහේවත් අරගෙන යන්න ඕන නෑ. මම කිව්වේ ඊයේ උදේ හිටපු තැන පෙන්නන්නම් කියලා.."
"හරි සර් යමු.."
"උදේ හිටියේ ගාල්ලේ නම් ඇයි අපිත් එක්ක දැන් පොලිසියට එන්න හදන්නේ..?"
 
පොලිසියේ ප්‍රශ්න කිරීම් හමුවේ නිවසින් පිටතට ගිය ඔහු පොලිසියට යාමට දැඩි උත්සහයක් ගත්තා. ඒ පවුලේ අය ඉදිරිපිට තමන් කළ අපරාධය හෙළි කිරීමට තිබූ අකැමැත්ත නිසායි.
 
"හරි.. අපිට ආපහු තෙල් පුච්චගෙන මෙහේට එන්න බෑ. අර ගෙදර මනුස්සයගෙන් අරගත්ත රත්තරං බඩු ටිකත් අරගෙන වරෙන්.."
 
පොලිස් පරීක්ෂකවරායගේ කීමට අනුව ඔහු කාමරයට ගියා. එහි බංකුවක් මත කුඩා බෑගයක දමා තිබූ රන් මාලයක කොටසක් හමුවුණා. ඊට අමතරව එක් පසෙක කණ්ණාඩි කැබැල්ල ගැලවී ගිය ඇස් කණ්ණාඩි කුට්ටමක්ද එම කාමරයේ තිබුණා.
 
"පුංචි අම්මා එක්ක පොර බදද්දි කණ්ණාඩිය ගැලවිලා වැටුණා. මම ආපහු එද්දි අහුලගෙන ආවා. එක ග්ලාස් එකක් ගැලවිලා කියලා පස්සෙ දැක්කේ.."
 
කණ්ණාඩියේ විස්තරයද ඔහු එවෙලේම හෙළිදරව් කළා. අනතුරුව ඔහු මාතර පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීමේදි හෙළි වූයේ අනියම් බිරිය සමඟ ගොස් පොටෑෂ් එන්නත් කොට පුංචි අම්මා මරා දමා ඒ නිවසේ සිටි අනෙක් කාන්තාවට ඇමෝනියා පෙවීමට උත්සහ කිරීමෙන් අනතුරුව රන්මාල දෙක කොල්ල කා ගත් බවයි.
 
සැකකරුගේ වයස අවුරුදු පනස් තුනක් වන අතර ඔහු වෘත්තියෙන් රන්කරුවෙක්. පරණ රත්තරං බඩු ගෙනැවිත් දුන් විට ඒවා උණු කර අලුතින් රන් ආභරණ සාදා දීම ඔහුගේ රැකියාව වුණා. රන් ආභරණ සාදා මෙරටට එන සංචාරකයින්ට විකිණිමෙන් මොහු හොඳ ආදායමක් ලබා ගත්තද මෙරටට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මොහුගේ ආදායම් මාර්ගයද ඇහිරී තිබුණා.
 
පුංචි අම්මා සමඟ මොහුට ඉඩම් ගණුදෙනුවක් තිබුණා. කරුණාවතිලා මාතර තල්පාවිල පදිංචියට පැමිණ තිබුණේ දෙයියන්දර තිබූ ඉඩකඩම් විකිණිමෙන් අනතුරුවයි. මොවුන් තල්පාවිල ප්‍රදේශයේ තට්ටු දෙකක නිවසක් සාදාගෙන පදිංචිව සිටියා.
 
බලාපොරොත්තු වූ ඉඩමේ අයිතිය නොලැබීම හේතුවෙන් සැකකරු සිටියේ පුංචි අම්මා සමඟ වෛරයකිනුයි. ඒ වෛරයත් පිරිමසාගෙන මුදලකුත් සොයා ගැනීම සඳහා කළ යුතු දෙයක් ඔහු කල්පනා කළා. එවිට ඔහුට මතකයට ආවේ මීට මාස තුනකට පමණ ඉහතදී මාතර බස්නැවතුම් පොළේදී හමු වූ කාන්තාවයි. 62 හැවිරිදි ඇය මොහුගේ අනියම් බිරිය බවට පත් වූ අතර මේ වැඩේට සහභාගි කරගත යුතු සුදුසුම කෙනා ඇය බව ඔහුගේ අදහස වුණා.
 
සිද්ධිය වූ දින උදේ සැකකරු නිවසින් පිටවන්නේ රන් ආභරණ සැදීමට උපයෝගී කරගන්නා පොටෑෂ් කුඩා කුප්පියකටත්, ආමෝනියා ද්‍රාවණය කාලේ බෝතලයකටත් දමාගෙනයි. මොහුගේ බාල පුතාට පාසල් රැගෙන යාම සඳහා එන්නත් කටුවක් ගෙනැවිත් තිබුණා. මොහු එය හෙමිහිට රැගෙන සාක්කුවේ දමා ගන්නේ පුතාට නොදැනෙන ලෙසයි.
 
කතිකා කරගත් පරිදි ඇයද උදෙන්ම මඟට පැමිණි අතර බස්රථයකින් තල්පාවිලට යන දෙදෙනා කරුණාවතිගේ නිවස බලා පැමිණියා.
 
මොවුන් නිවස වෙත යද්දි වෙලාව උදේ නවයහමාර වී තිබුණා. කරුණාවතීගේ පුතා රැකියාව කරන්නේ කොළඹයි. ඔහුගේ බිරිය දරුවන් පාසලට රැගෙන ගොස් තිබුණා. ඇය ආපසු නිවසට එන්නේ පාසල නිමවීමෙන් අනතුරුව දරුවන්ද රැගෙනයි. එබැවින්.. නිවසේ සිටියේ 73 හැවිරිදි කරුණාවතී සහ හැත්තෑ දෙහැවිරිදි සුමනාවතී පමණයි.
 
ඒ වන විට කරුණාවති නිදන කාමරයේ සිටි අතර සුමනාවතී මිදුල අතුගාමින් සිටියා.
 
ගේට්ටුව අසළට පැමිණි මේ යුවළව ඇය හඳුනාගන්නෙ නැහැ. පුරුෂයා පවසා සිටියේ, "පුංචි අම්මා හම්බෙන්න ආවා.." ලෙසයි. එලෙස පවසමින් කාන්තාවද සමඟ නිවෙසට ඇතුළු වී කෙළින්ම පුංචි අම්මාගේ කාමරයට ගියා.
 
ඒ පිටුපස සුමනාවතිද පැමිණි අතර කාමරයට ගිය පුද්ගලයා සමඟ සුහදව කතාබහ කරමින් කරුණාවතී කාමරයෙන් පිටත සාලයට පැමිණි නිසා සුමනාවති උඩ තට්ටුවට යන්නට ගියේ පුංචි අම්මලාට හා පුතාලාට කතා බහ කිරීමට ඉඩ සලසමිනුයි.
 
ටික වේලාවක් ගත වෙද්දි ඉහළ මහලේ සිටි සුමනාවතීට පහළ මාලයෙන් කෙඳිරිලි හඬක් ඇසුණා. ඒ හඬ කරුණාවතිගේ බව ඇයට වැටහුණා.
 
සිදුවන්නේ කුමක්දැයි දැක ගැනීමට ඇය පහත මාලයට පැමිණියා. එවිට ඉදිරියට ආ පිරිමි පුද්ගලයා ඇය අල්ලා ඇයගේ මුව විවර කොට බෝතලයක තිබූ යම් ද්‍රාවණයක් මුවට හැලීමට උත්සහ කළා.
 
ඇය කට තද කරගෙන ඔහු හා පොර බැන්ද අතර ඔහු ඇයගේ කරේ තිබු රන් දම්වැල ගලවාගත්තා. අනතුරුව දෙදෙනා යන්නට ගියා.
 
මෙම සිද්ධිය මාතර පොලීසියට වාර්තා වන්නේ එදින උදේ නවයයි හතළිස් පහට පමණයි. ඒ 119 පණිවුඩයක් ලෙසයි.
 
තොරතුරු ලද සැණින් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කණ්ඩායමක්ද සමඟ නිවස බලා පිටත්ව ගියා. ඔවුන් යන විටත් කාන්තාවන් දෙදෙනා 1990 ගිලන් රථයකින් රෝහලට රැගෙන ගොස් තිබුණා.
 
ඒ කටයුතු සිදුකර තිබුණේ අල්ලපු නිවසේ පදිංචි තරුණයෙකුගේ මැදිහත් වීමෙනුයි.
 
විමර්ශන ආරම්භ කළ පොලීසිය සිද්ධිය වූ නිවෙස පරීක්ෂා කළ අතර ඒ සමඟ මාතර රෝහලෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් කියවුණේ රෝහලට ඇතුළු කළ කරුණාවති මිය ගිය බවයි.
 
පොලිස් කණ්ඩායම එහි යනවිට ඇයගේ සිරුරේ කිසිදු බාහිර තුවාලයක් තිබුණේ නැහැ. ඇයගේ වම් අතේ ඉහළ කොටසේ ඉන්ජෙක්ෂන් කටුවක් ඇමිණි තිබුණා. ඒ අනුව ඇයට වස එන්නතක් විදින්නට ඇති බවයි වෛද්‍යවරුන්ගේ අදහස වූණේ. ඒ පොටෑෂ් බව තහවුරු කරගැනීමට ද වෛද්‍යවරුන් සමත් වුණා.
 
පශ්චාත් මරණ පරීක්ෂණයේදී ද මේ බව හෙළි වුණා.
 
අත්අඩංගුවට ගත් සැකකරු කී තොරතුරු මත පොටෑෂ් සහ ඇමෝනියා රැගෙන ආ බෝතල් දෙක මාතර අධිවේගී මාර්ග බස් නවතා ඇති ස්ථානය පිටුපස වෙරළට ආසන්නයේ සිලි බෑගයක දමා තිබියදි සොයා ගැණුනා.
 
ඉන්ජෙක්ෂන් කටුව ඇගේ සිරුරේ තිබුණත් සිරින්ජරය තිබුණේ නැහැ. එය ඇයගේ නිවසේ ඉදිරිපිට මාර්ගයේ තිබී සොයා ගන්නේ සැකකරුගේ මඟපෙන්වීමට අනුවයි.
 
රැගෙන ගිය රන්මාල දෙකෙන් එකකුත් අනෙක් මාලයෙන් කොටසකුත් එදිනම උණුකර ගාල්ලේ රන් බඩු කඩයකට රුපියල් හැටහතරදාහසකට විකුණා තිබුණා.
 
ලබාගත් මුදලින් හරි අඩක් එනම් තිස් දෙදහසක් අනියම් බිරියට ලබාදීමට සැකකරු කාරුණික වී තිබුණා. ඇය පදිංචි බව කියන නිවෙසට පොලිසිය ගියද ඒ වන විට ඇය ගම අතහැර යන්නට ගොසින් සිටියා.
 
අසල්වැසියන් පොලිස් කණ්ඩායමට පවසා සිටියේ ඇය දුෂ්චරිතයකින් හෙබි කාන්තාවක බවත්, ඇයට ගමට එන්නට ගම්මුන් ඉඩ නොදෙන බවයි.
 
සයනයිඩ් විද පුංචි අම්මා මැරූ පුත්‍රයා එලෙස අත්අඩංගුවට පත් වූ අතර විකුණා තිබූ රත්තරං කැබැල්ල ගාල්ලේ අන් ආභරණ නිෂ්පාදනය කරන ස්ථානයක තිබී පොලිසිය සිය භාරයට ගත්තා.
 
මෙම සැකකරු තිදරු පියෙකු වන අතර ඔහුගේ වැඩිමල් දියණිය ඉංජිනේරුවරියක් වීමට පෙරුම් පුරමින් මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. දෙවන පුතු තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් පාඨමාලාවක් හදාරමින් සිටිනවා. බාල පුතු නවය වසරේ ඉගැනුම ලන අතර සැකකරු පුංචි අම්මාට එන්නත් කිරීමට රැගෙන ගියේ ඔහුට පාසල් ක්‍රියාකාරකමට ගෙනැවිත් තිබූ එන්නත් කටුවයි.
 
මාතර කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ජි.එස්. මාරපන, සහකාර පොලිස් අධිකාරි එල්. වයි. ලීලවංශ, මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක ධම්මික අමරසේන යන නිලධාරින්ගේ උපදෙස් මත මෙහි පරීක්ෂණ සිදු කෙරුණා.
 
'තක්ෂිලා ජයසේකර'
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,116 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,164 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  11,280 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  848 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  510 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,513 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,511 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,000 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,431 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,318 Downloads



Top 10 Commenters

Latest Comments

Top