ත්‍රීකුණාමලය - බැක්බේ මුහුදු තීරයේදී නීතිවිරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ නැගෙනහිර නාවික විධානයට අයත් භට කණ්ඩායමක් විසින් සිදුකළ මුර සංචාරයකදී ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ත්‍රිකුණාමලය, චීන වරාය සහ මොල්ලිපතාන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් සතුව තිබූ කුඩා යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.