තමන්ගේ ආදරණීය දියණියගේ විවාහ මංගල දිනය දා ජීවිතයෙන් සමුගෙන ගිය පියෙකු ගැන සංවේදී කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන්.
පී විශ්ණුප්‍රසාද් නම් මෙම පුද්ගලයා කේරල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දියණියගේ විවාහයට පෙර දිනයේ පැවති මංගල සාදයකදී ඔහු වේදිකාව මත ගීතයක් ගායනා කරමින් සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් බිම ඇදවැටෙනවා.
පසුව කඩිනමින් එහි සිටි පිරිස එක්ව විශ්ණුප්‍රසාද් රෝහල්ගතකර තිබෙනවා.
එහිදී අනාවරණ වී ඇත්තේ එම ස්ථානයේදීම ඔහු මියගොස් ඇති බවයි.
කෙසේ වෙතත් එදින රාත්‍රියේ මෙම සිදුවීම පිළිබඳව ඔහුගේ විවාහ වීමට නියමිතව සිටි දියණියට ඥාතීන් දන්වා නොමැති අතර ඇයට පවසා ඇත්තේ අසනීප තත්වයක් හේතුවෙන් පියා රෝහල්ගතකර සිටින බවයි.
එම අවස්ථාව සජීවීව කැමරාවක පටිගතව තිබුණේ මෙලෙසින්.