කොළඹ නගරයේ පැය දෙකක් තුළ සිදුකළ මෙහෙයුමකදී මංතීරු නීති කඩකළ රියදුරන් 582 කට එරෙහිව නඩු පැවරූ බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම නඩු පැවරීම සඳහා සී සී ටී වී දර්ශන ද උපයෝගී කරගත් බවයි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් 2,000 ක දඩයක් නියම කරන බවයි.
..