දැළ වැල්ලට ගැනීමේදී තල්මසා සිටි බව දැකලා...
මීට පෙරද තල්මසුන් දැල්වලට හසුවෙලාලු....
මුලතිව්,මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ධීවර දැළකට හසුවු මුතු තල්මසෙකු ඊයේ(11) සවස නැවත සාගරයටම මුදාහැරීමට මුල්ලිවයික්කාල් ධීවරයින් පියවර ගෙන තිබෙනවා.
මුල්ලිවයික්කාල් ධීවරයින් පැවසුවේ තමන් එළන ලද දැළකට විශාල මාළුවෙකු හසුවි තිබු අතර, දැළ වැල්ලට ගැනීමේදී තල්මසා හසුව සිටි බව දැක ගැනීමට හැකිවු බවයි.
තල්මසා දැළට පැටලී සිටි බැවින් තල්මසා දැලෙන් ඉවත්කොට නැවත සාගරයටම මුදාහළ බව ධීවරයින් පැවසුවා.