ලොව අංක එකේ ජර්මන් පාපන්දු ක්‍රීඩක, තුර්කි සම්භවයක් ද ඇති, 30 හැවිරිදි මෙසුත් ඔසිල්ගේ විවාහ මංගල උත්සවය පසුගිය දා පැවැත්වුණු අතෙඔසිල්ගේ ‘දෙවැනි මනාලයා’ වූයේ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දොවාන්.
මෙසුත් ඔසිල්ගේ මනාලිය වූයේ ඔහු විවාහ ගිවිසගත් වූ 30 හැවිරිදි ඇමීන් ගුසේල්.
ඇය තුර්කි රූ රැජින ලෙස කිරුළු පැලැඳි සුරූපිනියක ද වනවා. මෙසුත් සහ ඇමීන්ගේ විවාහ ගිවිස ගැනීම සිදුවූයේ පසුගිය 2018 වසරේ දීයි.
මෙසුත් ඔසිල් සහ තුර්කි ජනාධිපති අතර ඇති හිතවත්කම හේතුවෙන් ඔසිල්ට විවේචන එල්ල වුණා. තමාගේ විවාහ මංගල්‍යයේ ‘දෙවැනි මනාලයා’ ලෙස තමන් තුර්කි ජනාධිපතිට ඇරැයුම් කරන බව පැවැසූ අවස්ථාවේදී ද ඔසිල්ට විවේචන එල්ල වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
මංගල උත්සවය ඉතා චාමෙට තුර්කියේ බොස්පෝරස් නුවර හෝටලයකදී පවත්වනු ලැබුවා.
තුර්කි ජනාධිපති එර්දොවාන් පමණක් නොව, ඔහුගේ බිරිඳ ද මංගල උත්සවයට සහභාගී වූවා.
මැතිවරණ පැවැත්වීමට ඔන්න මෙන්න තිබියදී තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, විවාහ මංගල උත්සවවලට සහභාගී වී ජනතාව අතරේ ප්‍රසිද්ධ වීම සාමාන්‍ය දෙයක් බව තුර්කි මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.