Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
12
ලෝක පුදුමයන් අතරට නොගිය මෙතෙක් ඔබ නොදුටු අස්වාභාවික නිර්මාණ කිහිපයක් මෙන්න - Photos

- ලෝක පුදුමයන් අතරට නොගිය මෙතෙක් ඔබ නොදුටු අස්වාභාවික නිර්මාණ කිහිපයක් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

47 Views
මේ කියන්න හදන්නේ ලෝකයේ පුදුමයන් පහක් ගැනයි.

ඒත් මේ පුදුමයන් පහ ලෝක පුදුමයන් අතරට නම් එක්තු කරල නැහැ.

ඒත් මේවත් ලෝකයේ පුදුමයන් කියල කියන්න පුලුවන් ස්වභාවික සහ අස්වභාවික නිර්මාණ කිහිපයක්. 

1. රොරයිමා කන්ද - Mount Roraima

බ්‍රසිලය වෙනිසියුලාව සහ ගයානාව අතර පිහිටා ඇති මෙම කන්දේ විශේෂත්වය වන්නේ ඉතා විශාල තැනිතලාවක් කඳු මුදුනේ පිහිටා තිබීමයි. මෙය ලෝකයේ පැරණිතම භූ පිහිටීමක් ලෙස නම් කර ඇති අතර වසර බිලියන දෙකක් තරම් පැරණි බව තමයි දැන ගන්නට ලැබෙන්නේ. මීටර් 2810 උස මෙම කන්ද මුදුනේ ඇත්තේ එක්තරා පැලෑටි විශේෂයක් පමණයි. එමෙන්ම මෙම කඳු මුදුන තරණය කළ අයෙකුට අවට පරිසරයේ ඉතා මන්ස්කාන්ත දසුන් දැක ගත හැකි වනවා. එමෙන්ම සත්ත්වයින්ට මේ ප්‍රදේශයේ ජීවත් වන්නට හැකිවන්නේ නෑ, එයට හේතුව තමයි ආහාර සහ ජලය නොමැතිකම.



2. ලිෂාන්හී යෝධ බුද්ධ ප්‍රතිමාව - Leshan Giant Budda

බෞද්ධ විශ්වාසය අනුව මීලඟට බුද්ධත්වය ලබන්නේ මෛත්‍රී බුදුන් වහන්සේයි. චීනයේ ෂිශුවා ප්‍රදේශයේ මෛත්‍රී බුදුන්වහන්සේගේ යෝධ බුදු පිළිමයක් නිර්මාණය කරලා තියෙනවා. ලිශාන් ජයෙන්ට් බුද්ධා "Leshan Giant Budda " ලෙස හඳුන්වන මෙම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන්න වසර 90 පමණ කාලයක් ගිහින් තියෙනවා. මින්ජියෑන් ගං ඉවුරේ උසින් වැඩි වේල්ලකට ළං කොට ඉදි කර ඇති මේ යෝධ බුදු පිළිමය ඉදි කරන්නේ මේ ගංගාවේ එකල විශාල වශයෙන් නෞකා ගිලී යාම නිසා එසේ නොවීමට කරන බාරයක් එහෙමත් නැතිනම් විශ්වාසයක් හැටියටයි. හොසිටෝන් නම් වූ භික්ෂුවක් සිය විශ්වාසය අනුව මෙසේ කරන්නට ජනතාව මෙහයවනු ලැබුවා. එමෙන්ම මෙම බුදු පිළිමය මීටර් 71 උසකින් යුතු වනවා.



3. ෆ්ලයි ගීසර් - Fly Geyser

නෙවාඩා ප්‍රාන්තය කියන්නේ ලෝකයේ අභිරහස් රැසක් සඟවාගෙන සිටින Area 51 පිහිටා ඇති ප්‍රදේශයයි. ඒත් මේ කියන්න හදන්නේ නෙවාඩා ප්‍රාන්තයේ ඇති Area 51 ගැන නම් නෙවෙයි. නෙවාඩා ප්‍රාන්තයේ පෞද්ගලික ඉඩමක පිහිටා ඇති මෙම අරුම පුදුම දෙය බලන්නට විශේෂ අවසරයක් ඉඩම් හිමියාගෙන් ගත යුතු වෙනවා. මේ අරුම පුදුම දේ තමයි මිනිසා විසින් නිර්මාණය කරන ලද ජල උල්පතක් වෙන එක. 1964 භූ උෂ්ණත්ව ශක්ති සමාගමක් විසින් කළ කැණීම් වලදී ඔවුන්ට මේ උණුදිය උල්පත හමුවී තිබෙනවා. ඔවුන් එය වසා දමන්න කෙතරම් උත්සහ කළ ද එම ජල ධාරාව ඉහළට එසවී තිබෙනවා. ඉතින් වර්තමානය වන විට මේ උණු දිය ඉල්පත තුළින් මතුව කැල්සියම් කාබනේට් වලින් අවට පරිසරය වසාගෙන කැල්සියම් කාබනේට් ස්ථරයක් නිර්මාණය වෙලා. අද වන විට එය ගීසර් (Geyser) එකක් බවට පත් වෙලා තියෙනවා.



4. පිහි වනාන්තරය - Tsingy de Bemaraha National Park

අප්‍රිකාවේ මැඩගස්කර ප්‍රදේශයේ Tsingy de Bemaraha National Park හි තිබූ යෝධ හුණුගල් පර්වතයක් කාළයක් තිස්සේ කාදනය විම නිසා විශාල පිහි ආකාරයට සැකසිලා තියෙනවා. ඒ වගේම මෙහි ඇති සමහර උල් වූ පිහි වැනි පාශානයන් අඩි 300 වඩා උසකින් යුතු වනවා. ඒ වගේම මේ යෝධ පාෂාණ පිහි අතර සැකසුණු විශාල ගල් ගුහා ද දැක ගත හැකිවනවා. ඒ වගේම සමහර පාශානයන් කාදනය අපූරූ හැඩ තල සහ පිහිටීම් මවමින් සිදු වී ඇති අතර ඒ නිසා ඒවා අහසේ පාවෙන යටින් ආධාරකයක් නැති ගල් කුට්ටි ලෙසට දුරට දිස්වෙනවා.



5. හිලියර් විල - Hillier Lake

බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි මෙම විල ලෝකයේ අනිත් විල්වලට වඩා ගොඩාක් වෙනස් එකක්. ඒකට හේතුව තමයි මේ විල තද රෝස පැහැයකින් යුක්ත වෙන එක. මෙහෙම වෙන්න හේතුව විදියට විද්‍යාඥයින් නම් කියන්නේ මෙම විලේ ජීවත් වන ශුද්‍ර ජීවීන් විශේෂ‍යක් මේ විලේ ඇති ලවන ජලය සමග ප්‍රතික්‍රියා කරල මෙහෙම ජලයේ වර්ණය වෙනස් වෙනව කියලා. කොහොම වුණත් මේ විල සොයාගන්නේ නම් 1803 වසරෙදී.



තොරතුරු: නොදුටු ලෝකය පිටුවෙනි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top