වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට මේ මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් මනෝජ් තල්ගොඩපිටිය නියෝග කර තිබෙනවා.
ඒ, ගැසට් පත්‍රයක සඳහන් නිර්නායක උල්ලංඝනය කරමින් විදුලි වැටක් ඉදිකිරීමෙන් වනජීවී දෙපාර්තමේන්තුව කුඹුරු වගාවන් රැසකට බරපතල හානි පමුණුවා ඇති බව පවසමින් අධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සමක් ඊයේ සළකා බැලූ අවස්ථාවේදියි.
අනුරාධපුර එක්සත් කෘෂිකර්ම සංසදය මගින් පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස වනජීවී දෙපාර්තමේන්තුව, එහි අධ්‍යක්‍ෂ ජනරාල් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.