Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
"ජර්මන් හමුදාවට නාවොත් තමුන්ගේ ශරීරය කොටස් 309කට කපා දමනවා.." - සෝවියට් රතු හමුදාවේ වීර ස්නයිපර් වෙඩික්කාරිණිය - Photos

- "ජර්මන් හමුදාවට නාවොත් තමුන්ගේ ශරීරය කොටස් 309කට කපා දමනවා.." - සෝවියට් රතු හමුදාවේ වීර ස්නයිපර් වෙඩික්කාරිණිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,530 Views
"අවුරුදු 16 දී විවාහ වුවත් එම විවාහය සාර්ථක එකක් වෙන්නේ නැහැ.."

"මුලින්ම යුධ බිමට ගියේ බෝම්බයක් රැගෙන.."

වර්ෂ 1939 දී ආරම්භ වී මිලියන ගණනක ජීවිත හා ගණන් කළ නොහැකි තරම් වූ දේපළ ද හානියට පත් ක‍රමින් යුරෝපයේ ඇවිලී ගිය සංග්‍රාමය, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය එක් වීමත් සමගම එය ලෝක යුද්ධයක් බවට පෙරලී දෙවන ලෝක මහා සංග්‍රාමය ඇරඹුණා.
 
එක් පසකින් ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ රුසියාව ආදී රාජ්‍යන් මිත්‍ර පාක්ෂිකයන් ලෙසත් නාසි ජර්මනිය, ඉතාලිය සහ ජපානය ආදී රාජ්‍යන් එක් ව අක්ෂ පාර්ශවය ලෙසත් යුධ වැදුනු මෙම දෙවන ලෝක මහා සංග්‍රාමය 1945 වසර වනතෙක් පුරා වසර 6 ට ආසන්න කාළයක් ලොව පුරා පැතිය ගියා.

යුද්ධයේ මුල් කාළ වකවානුවේ දී ජර්මනිය ප්‍රමුඛ අක්ෂ පක්ෂය ඉදිරියෙන් සිටිය ද යුද්ධය නිමා වන විට මිත්‍ර පාර්ශවයට ජයග්‍රහණයත් කරදෙමින් යුද්ධය නිමාවට පත් වුණා.

මේ කියන්න හදන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමය තිබුණ කාලෙදි සනයිපර් තුවක්කුවෙන් සතුරන් 300 ට වැඩි පිරිසකට මරු කැඳවූ සෝවියට් රතු හමුදාවේ වීර වරියක් ගැනයි.

Lady Death Lyudmila Pavlichenko එහෙමත් නැතිනම් ලුඩ්මිලා පව්ලිචෙන්කෝ "මරණය නමැති ගැහැණිය" නම් විරුදාවලිය ලද මැය සෝවියට් දේශයට යුධ සමයේදී පරාජය අත්වෙමින් තිබූ මොහොතක කාන්තාවක් ලෙසට යුධ පිටියට විත් සනයිපර් තුවක්කුවෙන් නාසි සෙබලුන් 309 පරලොව යවන්නට සමත් වුණා.

1916 දී යුක්‍රේනයට යාබදව පිහිටි බ්ලැර්සර්වා ප්‍රදේශයේදී පැව්ලිකෙන් උපත ලැබුවා. ඇයගේ මව්පියන් ගුරු සේවයේ සහ රාජ්‍ය සේවයේ නිරත වූවන් වූ නිසා ඇය සෝවියට් දේශයේ සාමාන්‍ය පවුලක දැරියක් වුණා. 

කුඩා කළ පටන්ම ගැහැණු ළමයෙකු නොකරන වැඩ කරන්නට යොමු වූ Pavlichenko වෙඩි තැබීම ආදී වූ පිරිමි ළමුන් කැමැත්තක් දක්වන වැඩ කරන්නර වුණා. 

Pavlichenko වෙඩි තැබීම හැරුණුකොට ආයුධ කර්මාන්‍ත ශාලාවක වැඩ කළ අතර එයින්ම ඇය කාන්තාවන් කරන දේවල් කරන්නට වැඩි රුචියක් නොදැක්වූ බව පෙනෙනවා.

කොහොම වුණත් වයස අවුරුදු 16 දී වෛද්‍යවරයෙකු සමග විවාහ වන Pavlichenko එම විවාහයෙන් පිරිමි දරුවෙකු බිහි කරනවා. නමුත් මේ විවාහය වැඩි කළක් සාර්ථකව පවතින්නේ නැහැ. 

ඇය කියෙව් විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය විෂය හැදෑරීම කළ අතර, ඒ සමගම වාගේ ඇය එරට ස්නයිපර් පාසලට ද ඇතුළත් වුණා. 

වර්ෂ 1941 දී නාසි ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කළ විට ඇය හමුදා සේවයට කැඳවු අතර සෝවිය රතු හමුදාවේ 25 වන රයිෆල් අංශය සඳහා ස්වෙච්ඡා සේවයට බැඳෙන්නට ඇයට සිදු වුණා. නමුත් මේ කාළයේදී සෝවියට් රතු හමුදාවේ කාන්තා අංශය එතරම් බලවත් එකක් නොවුණු අතර එවකට මුලු රතු හමුදාවෙන්ම 2% පමණ කාන්තාවන් වුණා.

ඒ නිසාම හමුදා නායකයන්ට අවශ්‍ය වුයේ ඇයව හෙදියක් වශයෙන් සේවයේ යෙදවීමට වුවද ඇයගේ සනයිපර් පුහුණුව නිසා ඇගේ ඇවිටිලි කිරීම මධ්‍යයේ හමුදා නායකයින් ඇයව ස්නයිපර්වරියක් ලෙසට හමුදාවට බඳවා ගත්තා. 

ඇයට යුධ බිමට යන්නට වූ‍‍යේ සනයිපර් තුවක්කුව සමගින් නොවෙයි. එක් අත් බෝම්බයක් සහිතවයි. ඒකට හේතුව වුණේ එදා රතු හමුදාවේ තුවක්කු හිඟයක් පැවතීමයී. මේ නිසා ඇය එක් අත් බෝම්බයක් සහිතව පමණක් මාරක යුද පිටියට ගියා. 

නමුත් තුවාල ලැබූ සොල්දාදුවෙකුගේ තුවක්කුවක් ඇය අතට පත් වූ අතර ඉන් දින කිහිපයකට පසු සැතපුමක් පමණ දුරින් සිටි රුමේනියානු සෙබලුන් දෙදෙනෙකු ඇය විසින් වෙඩි තබා ඝාතනය කළා. මේ ක්‍රියාවෙන් පසුව සෙසු රතු හමුදා සෙබලුන් විසින් ඇයව ඉතා සාදරයෙන් සම්පුර්ණ ස්නයිෆර්වරියක ලෙසට රතු හමුදාවට පිලිගත්තා. මෙලෙස ඇය රතු හමුදාවේ සනයිපර් සෙබලුන් 2000 න් එක් අයෙක් බවට පත් වූ අතර මෙකළ රතු හමුදාවේ මුළු සෙබළ ප්‍රමාණයෙන් 2% පමණ කාන්තාවන් සිටියා.

ඔඩෙස්ටා, මොල්ඩියාවේ සහ සෙවාස්ටොල්වල සතුරු සටන් කරුවන් විශාල ප්‍රමාණයක් විනාශ කළ ඇය ඉතා ඉක්මනින්ම සාජන්ට් සහ ලුතිනන් තනතුරු දකවා උසස් වීම් ලැබුවා. මෙසේ ඇය සතු ස්නයිපර්වරුන් වගේම සතුරු හමුදාවේ නිලධාරීන්ද මරු තුරුළට යවන්නට සමත් වුණා.

Lyudmila Pavlichenko ගැන ජර්මන් හමුදාව දැනගත් පසුව ඇයව ජර්මානුවන් දෙසට හරවාගන්නට ජර්මනිය උත්සහ කළා. ඒ අනුව ඇයට ජර්මන් හමුදාවේ උසස් තනතුරක් ලබා දීමට පවා ජර්මනිය පොරොන්දු වුවද ඇය සිය රට සහ ජාතිය වෙනුවෙන් එම යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කළා. මේ නිසා ඇය කෙරෙහි කුපිත වූ ජර්මනිය කියා සිටියේ ඇය විසින් විනාශ කළ 309 සොල්දාදුවන් වෙනුවෙන් ඇයව මරා ඇගේ ශරීරය කොටස් 309 කට කපා දමන බවයි. 

නමුත් වර්ෂ 1942 දී ඇය සටන් බිමේදී තුවාල ලැබූ අතර සෝවියට් හමුදා නිලධාරීන් ඇයට ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඇයව නැවත යුද බිමට නොයවා ස්නයිපර් වෙඩික්කරුවන් පුහුණුකරන්නියක් වශයෙන් පත් කරනු ලැබුවා. එමෙන්ම ඇයට යුද කාලීන ප්‍රචාරක කටයුතුවලටද එක්වන්නට සිදු වුණා.

ඒ අනුව ඇයට 1942 වසරේම අග භාගයේ දී ඇමරිකා එක්සත් ජනපදයට යන්නට අවස්ථාව හිමි වූ අතර එහිදී ධවල මන්දිරය නැරඹීමට ද අවස්ථාව උදා වුණා. මෙම සිදුවීම ධවල මන්දිරයට ගිය පළමු රුසියානු ජාතිකයා ලෙසට ඉතිසහාසයට එකතු වුණා. මෙම ගමනේදී ඇයට එවකට ඇමරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට් සහ ජනපති ආර්යා එලෙනෝ රූස්වෙල්ට් හමුවන්නට ද අවස්ථාව ලැබුණා. 

වසර 1945 දී දෙවන ලෝක මහා සංග්‍රාමය මිත්‍ර පාක්ෂිකයන්ට ජය දෙමින් නිම වූ පසුව ඇය විසින් අතරමග නවතා දැමූ සිය ඉතිහාසය හැදෑරීමේ කටයුතු නැවත ආරම්භ කළා. ඒ අනුව ඉතිහාසය පිලිබඳව උපාධිය ලබා ගත් ඇය සෝවියට් නාවික හමුදාවේ ඉතිහාසඥයෙකු ලෙස කටයුතු කළා.

Lyudmila Pavlichenko නම් වීර ස්නයිපර්වරිය මොස්කව්හීදී වර්ෂ 1974 දී සදහටම දෙනෙත් පියාගත්තා. නමුත් ඇගේ සේවය කිසිදා අමතක නොකළ සෝවියට් දේශය පදක්කම් රාශියකින් හා තැපැල් මුද්දර දෙකකින් ඇයව ගෞරවයට පාත්‍ර කළා.

එමෙන්ම ඇගේ ජීවිත කතාව රැගත් Battle for Sevastopol චිත්‍රපටය 2015 දී ප්‍රදර්ශනය කෙරුණා. එමෙන්ම ඇය පිලිබඳව Lady Death The Memoirs of Stalin's Sniper ලෙසින් ඉංග්‍රීසි බසින්ද ප්‍රකාශයට පත් වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  430 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,738 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  41,258 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  38,847 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,959 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,285 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,163 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,560 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,876 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,777 Downloads



Top 10 Commenters

Latest Comments

Top