Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
11
තවමත් දුගී පැල්පතේ ඉන්න, බයිසිකලයෙන් ගමන් බිමන් යන ධනවතුන් පරදා ලෝක් සභාවට ගිය "ඔඩිස්සාවේ මෝදි" - Photos

- තවමත් දුගී පැල්පතේ ඉන්න, බයිසිකලයෙන් ගමන් බිමන් යන ධනවතුන් පරදා ලෝක් සභාවට ගිය "ඔඩිස්සාවේ මෝදි" - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27 Views
"එදා ගෙදරින් පිටත් වුණේ සූට්කේසයකට ඇඳුම් කෑලි දෙකතුනක් ඔබාගෙනයි.."

"මට ඕන වුණේ පැවදි වෙන්න, ඒත් බැනලා මාව එළවා ගත්තා.."

ඔහු උපතින්ම දුප්පතෙකි. ජනතාව ඔහු ප්‍රාන්ත සභාවට යැවුවද ගමන් බිමන් ගියේ පාපැදියෙනි. දුම්රියෙනි. තවමත් ඔහුට මෝටර් රථයක් නැත. පිදුරු සෙවිලි කළ මැටි පැල්පත වෙනුවට මන්දිරයක් නැත. සූට්කේසයක ඇඳුම් කෑලි දෙකතුනක් ඔබා ගෙන රාෂ්ට්‍රපති භවන් කරා ආ ගමනේදී මුළු ලෝකයම ඔහු ගැන දැන ගත්තේය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දෙවැනි ධුර කාලය ආරම්භ කරමින් නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවෙස වන රාෂ්ට්‍රපති භවන්හි ගරු ගාම්භීරව පැවැත්වෙමින් තිබිණ.

උත්සවයට කලාපයේ රාජ්‍ය නායකයන් ඇතුළුව අමුත්තෝ 6000ක් පමණ ඇරැයුම් ලැබ සිටියහ. තේරීපත්වූ ඇමැතිවරුන්ගේ නම් කියැවෙද්දී එකිනෙකා පිළිවෙළින් වේදිකාවට පැමිණ දිව්රුම් දුන්නේ උජාරුවෙනි. හිටපු ඇමැතිවරුන් මෙන්ම විවිධ තනතුරු දැරූ අයද උගත් ධනවත් ප්‍රසිද්ධ හා කලක් දේශපාලනයේ නිරත උදවිය ද ඒ අතර වූහ.

ඇමැතිවරුන් දිව්රුම් දීමට පැමිණෙද්දී සභාව අත්පොළසන් හඬින් පිරී යයි. ඇමැති ලයිස්තුවේ තවත් දිව්රුම් දීමට සිටියේ ඇමැතිවරුන් තිදෙනකු පමණි. මීළඟට දිව්රුම් දෙන්නේ කව්දැයි සභාව කුතුහලයෙන් බලා සිටී. ඒ අතරේ තවත් නමක් කියැවිණි. ඒ නම කියැවෙද්දී පළාතම ගිගුම් දෙමින් අමුත්තන් අතරින් නැඟුණේ විශාල ඔල්වරසන් හඬකි. ඇතැම්හු වාඩිවී සිටි අසුන්වලින් ඉස්සෙමින් මේ කවුදැයි විපරම් කරන්නට වූහ.

ඉතා චාම් සුදු කුර්තාවකින් සැරසී පටි සෙරෙප්පු යුගලක් පය ළාගෙන දිගු සුදු රැවුළකින් යුතු වයසක පුද්ගලයකු දෑත් ඉහළට ඔසවා ආචාර කරමින් වේදිකාවට පිවිසෙද්දී අමුත්තෝ සිය අසුන්වලින් නැඟිට මහ හඬින් අත්පොළසන් නැංවූහ. ඔවුන් හා එක්වෙමින් මැති ඇමැතිවරුද නැඟිට ඔහුට ආචාර කළහ. එතෙක් දිව්රුම් දුන් කිසිම ඇමැතිවරයකුට නොලැබුණු අන්දමේ ඉහළ ප්‍රතිචාරයක් ලබමින් ඔහු පුවත්පත්වල උද්ධෘත මවමින් එක රැයෙන් ලෝකය පුරා මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්විය.

දිවුරුම් දීමට අගනුවර බලා ඒමට පෙරදින සිය දුප්පත් නිවහනේ සිට සූට්කේසයකට ඇඳුම් කෑලි දෙකතුනක් ඔබා ගන්නා ප්‍රතාප් චන්ද්‍ර සාරාංගීගේ සේයාරූ ඔහු දිල්ලියට ළඟාවීමටත් පෙර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූයේය. එතෙක් ඔහු ගැන නොදැන සිටි ඉන්දියාවේ බොහෝ දෙනා ද ඔහු කව්දැයි දැන ගත්තේ ඒ සමඟිනි.

ගෝත්‍රික ගම්මානයකින්
මෙකල ඔඩිස්සා ලෙසින් හඳුන්වන එකල ඔරිස්සා ප්‍රාන්තයේ බාලාසෝර් දිස්ත්‍රික්කයේ නිලගිරි ප්‍රදේශය දිළිඳු ගෝත්‍රික ජනතාවක් වෙසෙන හුදෙකලා පළාතකි. ප්‍රතාප් චන්ද්‍ර සාරාංගි ඉපදුණේ එහි ගෝපිනාත්පූර් නමැති ගම්මානයේය. අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයෙන් බාලාසෝර් අසුන ජයග්‍රහණය කර සුළු හා මහා පරිමාණ ව්‍යවසාය, පශු සම්පත් හා ධීවර ඇමැති ධුරයේ දිව්රුම් දෙනතෙක් ඔඩිස්සා ප්‍රාන්තයෙන් පිට කිසිවෙක් සාරාංගි ගැන නොදත්හ.

සාරාංගි සැබැවින්ම දුප්පතෙකි. කථිකයෙකි. ඔඩියා හා සංස්කෘත භාෂා නිපුණයෙකි. බාලාසෝරයේ උට්කාල් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. අගමැති මෝදි ලෙසින්ම ඉතා අඩු තැනින් පටන් ගත් නිසා පළාතේ ජනයා ඔහු හඳුන්වන්නේ ‘ඔඩිස්සාවේ මෝදි’ලෙසිනි. කුඩාකල සිටම ජීවිතයේ ආධ්‍යාත්මික පැත්තට බරව ජීවත් වූ ඔහුට අවශ්‍ය වූයේ පැවිදිවීමටය. ඒ සඳහා එකල මුල් අවදියේ නරේන්ද්‍ර මෝදි කළාක් මෙන් ඔහුද රාමක්‍රිෂ්ණ ආරාමයකට ගියේය. එහිදී සාරාංගි හා කතාබහ කළ රාමක්‍රිෂ්ණ ආරාම ජ්‍යෙෂ්ඨයෝ ශ්‍රමණ දිවියකට පිවිසීමට ඔහුට ඉඩ නොදුන්හ. වයෝවෘද්ධ හා වැන්දඹු මව රැක බලාගෙන ජීවත් වෙන මෙන් උපදෙස් දී ඔහු ආපසු හරවා යැවූහ. එතැන් පටන් ඔහු මව ද රැක බලා ගනිමින් තමා හරිහම්බ කරන දේ දුප්පතුන් වෙනුවෙන් වැය කරමින් අල්පේච්ජ දිවියක් ගත කළේය.

සාරාංගි 64 හැවිරිදිය. තනිකඩය. පසුගිය වසරේ මව මියගියත් ඔහු තනි නොවීය. ඔහුගේ මැටි බිත්ති හා පිදුරු සෙවිලි කළ දුප්පත් නිවෙස නිතර මිනිසුන්ගෙන් පිරී තිබිණ. පළාතේ ගෝත්‍රික ගෝත්‍රික දරුවන් වෙනුවෙන් ඔහු ආරම්භ කළ ‘ඒකල් පාසල්’ නමින් යුතු එක් ගුරුවරයකුගෙන් යුතු පාසල් ඉතා ජනප්‍රියය. එම පාසල්වල ගුරුවරුන් පළාතේ උගත් තරුණ තරුණියන්ය. ඔහු කවදත් මත්පැනට හා දූෂණයට විරුද්ධව හඬ නැඟුවෙකි.

භාරතීය ජනතා පක්ෂයේ විධායක සභිකයකු ද වන සාරාංගි නිලගිරි මැතිවරණ කොට්ඨාශයෙන් ඔඩිස්සා ප්‍රාන්ත මන්ත්‍රණ සභිකයකු ලෙස දෙවරක්ම තේරී පත්විය. ප්‍රාදේශීය දේශපාලකයකු වුවද ඔහු රැස්කර ගත් ධනයක් නොවීය. සැමදාම ජීවත් වූයේ දුගී පැලේය. ගමන්බිමන් ගියේ පාපැදියෙනි. මන්ත්‍රණ සභා රැස්වීම්වලට පළාතේ අගනුවර වන බුබනේෂ්වර් කරා ගියේ දුම්රියෙනි. ගමේ පෙට්ටි කඩයෙන් ගත් කඩචෝරු කමින් පයින් යන සාරාංගි පාර අයිනේ ඇති ආපන ශාලාවලින් ආහාර ගන්නේ ජනතාව වටකර ගෙනය. දැන් ඔහු පිළිබඳ වාර්තා වන්නේ වත්මන් මෝදි කැබිනෙට්ටුවේ සිටින දුප්පත්ම ඇමැතිවරයකු ලෙසිනි.

ධනවතකු පරද්දා
මීට පෙර වාර දෙකක්ම ලෝක් සභාවට තරග කළත් ජයග්‍රහණය නොකළ සාරාංගි මෙවර තේරී පත්වූයේ ධනවත් අපේක්ෂකයකු පරාජය කරමිනි. මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට කළමනාකරුවන්, මැතිවරණ කාර්යාල හා ඒජන්සි කිසිවක් නොමැතිව සාරාංගි ගමෙන් ගමට ගියේ පාපැදියෙනි. පසුව ඔහු සිය මැතිවරණ ප්‍රචාරය ත්‍රිරෝද රියට මාරු කළේය. පළාතේ ධනවත් හා බලවත් පුද්ගලයකු හා සටනට වැදීම නිසා සාරාංගිගේ මැතිවරණ සටන ‘ගොලායත් හා ඩේවිඩ්’අතර සටනක් ලෙසින් ද හැඳින්විණ.

සාරාංගි දැන් කෙතරම් ජනප්‍රිය වුවද ඔහුට ඇත්තේ හොඳ නරක දෙකටම ඈඳුණු පළුදු වූ අතීතයකි. 1999 වසරේදී ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්තියානි මිෂනාරිවරයකු හා ඔහුගේ කුඩා දරු දෙදෙනා පණපිටින් පුලුස්සා මරා දැමුණේ ඔරිස්සාවේදීය. උග්‍ර දක්ෂිණාංශික බජ්රාන්ග් දාල් පක්ෂයේ නම මෙයට ගෑවිණ. එකල එම පක්ෂ නායකයා වූයේ සාරාංගිය. මුළු මහත් ඉන්දියාවම ක්‍රිස්තියානියට පරවර්තනය කිරීමට අර අඳින්නේය යනුවෙන් සාරාංගි මුල සිටම මිෂනාරිවරයාට චෝදනා කරමින් සිටියේය. එනිසා සාරාංගිට හා අනුගාමිකයන්ට නිතැතින්ම ඝාතන චෝදනා එල්ල විය. ක්‍රිස්තියානි ජනතාව ද ඝාතන සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කළේ සාරාංගි ඇතුළු කණ්ඩායමටය. එහෙත් නිත්‍යනුකූල පරීක්ෂණයකින් පසු සාරාංගි චෝදනාවලින් නිදහස් වූයේ සාක්කි නොමැතිනිසාය.

2002 වසරේදී ද සාරාංගි කලහකාරි හැසිරීම්, ගිනි තැබීම්, පහර දීම් හා රාජ්‍ය දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්විය. මේ කොතෙක් චෝදනා තිබුණද දැන් සාරාංගි ඉන්දියානු ජනයාට වීරයෙකි. දිවුරුම් දීමෙන් පසු ඔඩිස්සාව පුරා මල්වෙඩි හා රතිඤ්ඤා පත්තු කරමින් ජනතාව උණුසුම් ලෙසින් ඔහු පිළිගත්හ.

මෝදි රජයේ ඇමැතිවරයකු ලෙස දිවුරුම් දීමට ප්‍රථම ඔහු සිය මැතිවරණ කොට්ඨාශයේ ජනතාව අමතමින් බාලසෝරය ලෝක සංචාරක සිතියමට එක් කරන බව පැවසීය.

මෝදි රජයේ ඇමැතිවරයකු ලෙස දිවුරුම් දීමට ප්‍රථම ඔහු සිය මැතිවරණ කොට්ඨාශයේ ජනතාව අමතමින් බාලසෝරය ලෝක සංචාරක සිතියමට එක් කරන බව පැවසීය.

“බාලසෝරයේ කුල්දිහා අභය භූමිය ගැන කවුරුත්ම දන්නේ නෑ. වන අලින් නිසා ප්‍රසිද්ධ කුල්දිහා අභය භූමිය හරහා සංචාරක ව්‍යාපාරය දියුණු කර අපේ තරුණයන්ට රැකියා අවස්ථා ලබාදෙන්න පුළුවන්. අපට තියෙන්නේ උග්‍ර පානීය ජල හිඟයක්. ජනතාවට ඉක්මනින්ම පිරිසුදු ජලය දෙන්න මංඋපරිම උත්සාහ දරනවා.”

කෙලෙස කීවත් සාරාංගි ගැන තීන්දු තීරණ ගැනීමට තවමත් කල් වැඩිය. එහෙත් අපරටේ ඇතැම් ප්‍රාදේශීය දේශපාලඥයන් හා සම කරද්දී දේශපාලනයට පිවිස කාලයක් ගතව ගියද සාරාංගි තවමත් සිටින්නේ පැරැණි දුගී පැලේය. යන්නේ පාපැදියෙනි. ඒ අනුව බලද්දී නම් ඉන්දියානු ජනතාව සාරාංගි ලෝක් සභාවට පත් කර යැවීම සැබෑම ජනතා ජයග්‍රහණයකි.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top