Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
11
"හැමදේටම කේන්දර ඉස්සරහට තියාගන්න පුරුද්ද මට තියා මගේ අම්මටවත් නෑ.." - අයෝධ්‍යා දක්‍ෂිකා

- "හැමදේටම කේන්දර ඉස්සරහට තියාගන්න පුරුද්ද මට තියා මගේ අම්මටවත් නෑ.." - අයෝධ්‍යා දක්‍ෂිකාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

91 Views
"මම උසස් පෙළ අසමත් වෙනවා කිව්වත් හොදින් සමත් වෙලා කැම්පස් ගියා.."

" ඒ නිසා ඒවා වැඩිය විස්වාස කරන්නේ නැහැ.."

අයෝධ්‍යා දක්ෂිකා කියන්නේ පුංචි තිරයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන රංගන ශිල්පිණියක් නෙමෙයි. නමුත් ඉදහිට දැක්කත් ඇයගේ රූපයෙන් ඇය අහවලා කියලා බොහෝ දෙනෙකුට හදුනා ගන්න පුළුවන්. මේ ඇය ගැනයි.

ඔබේ කේන්දරේ?
තියෙන්නේ නම් අම්මා ගාව. මොකද ඉතිං ඒවා අපිව වගේම පරිස්සම් කරන්නේ අම්මලා. ඉතිං මම වෙනුවෙන් හදවල තියෙන කේනේදරේ ඇය ළග පරිස්සමෙන් තියාගෙන ඉන්නේ.
 
කේන්දරේ ගැන මොකද හිතන්නේ?
කෙනෙකුට කේන්දරේකින් ලොකු බලපෑමක් සිද්ධ කරන්න පුළුවන් කියලා හිතන්නේ නෑ. ඒ වගේම කේන්දරේ පැත්තකට දැමිය යුතු දෙයක් කියලා හිතන්නේ නෑ. අපි උත්සාහ කළොත් කේන්දරවල තියෙන සමහර දෝෂ වළක්වාගෙන ඉදිරියට යන්න පුළුවන්.

ප්‍රයෝජනයට ගත්තෙ මොන වෙලාවටද?
හැමදේටම කේන්දර ඉස්සරහට තියාගන්න පුරුද්ද මට තියා මගේ අම්මටවත් නෑ. අපේ ජීවිතවල විශේෂම උවමනාවක් වුණොත් තමයි කේන්දර බලවන්නෙ. මේ වෙනකොට මම විවාහ වෙන්න ඉන්නවා. ඉතිං අපේ දෙපාර්ශවයේ අය එකතුවෙලා අපි දෙන්නගෙ කේන්දරේ බලවලා තිබුණා ගැලපෙනවාද කියලා. ඒක තමයි මතක ඇති කාලෙක මගේ කේන්දරේ ප්‍රයෝජනයට ගත්ත වෙලාව.

අපල කාල ගැන විශ්වාස කරනවාද?
නෑ. ඒ ගැන හිත හිත ඉන්න වෙන්නෙ නිතර කේන්දර ඇසුරෙ ඉන්න ගියොත්. අපි එහෙම නොබලන නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මම උසස් පෙළ කරද්දී ජ්‍යොතිෂවේදියෙක් අම්මට කියලා තිබුණා මේ සැරේ විභාගෙට පෙනී සිටින්න දෙන්න එපා අපල නිසා අසමත් වෙනවා. ඊළග පාර වාඩි කරන්න කියලා. අනේ මම විභාගෙ උසස් ලෙස සමත්වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය පවා ලැබුවා. ඒකෙන්ම පේනවානෙ අපල කියලා හදාගන්නෙ බොරුවක් කියලා.
 
නැකැත් අනුගමනය කරනවාද?
පුංචි කාලෙ ඉදල අම්මත් එක්ක සිංහල අලූත් අවුරුද්ද දවසේ යෙදෙන නැකැත් අනුගමනය කළා. ඉදිරියේදී ඉතිං මගේම ගෙදරක ජීවත් වෙද්දි මම ඒ නැකැත් ඒ විදිහටම අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා.
 
දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය?
බුදුරජාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මය ගැන අසීමිත විශ්වාසයක් තියෙනවා. කෙනෙක් තව කෙනෙකුට බුදුසරණයි කියලා කිව්වහම ඒ කෙනාගේ හිතේ ඇතිවෙන හැගීමම ඇති හිතේ සතුට ශාන්තිය ඇතිවෙන්න. බුදුන් වැදලා දෙවියන්ට පිං අනුමෝදන් කරන එක මගේ පුරුද්ද. ඒ අතර ගණ දෙවියෝ වගේම සරස්වතී මෑණියෝ විශේෂයි.
 
පුද පූජා ශාන්තිකර්ම බාර හාර වලට දෙන තැන?
ඒවානම් මගේ අතින් කෙරෙන්නෙම නැති දේවල්. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන මගේ කිසිම විශ්වාසයක් නැහැ. කිසිම තැනකට ගිහින් පූජාවට්ටි තියන්න මම ඉදිරිපත් වෙන්නෙත් නැහැ. දුප්පත් කෙනෙකුට කෑමවේලක් අරන් දීලා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරන එක තමයි මම බොහෝ වෙලාවට කරන්නේ.
 
කේන්දරේ සදහන් වුණ විශේෂ කාරණා?
මම හිතන විදිහට එහෙම විශේෂ දේවල් මගේ කේන්දරේ සදහන් වෙලා නැහැ. ජීවිතේ සමබරව ගෙවනවා කියලා තමයි කියලා තියෙන්නේ.
 
රංගන ශිල්පිණියක් වෙන බව කේන්දරේ සදහන් වුණාද?
කලා හැකියාවන් තියෙන නිසා ඒ අංශයෙන් මාව ඉදිරියට යවනවා කියලා තමයි පුංචි කාලේ මගේ කේන්දරේ බලපු අය කියලා තියෙන්නෙ. ඇත්තටම මම ඒ කාලේ ඉදල නැටුම්වලට දක්‍ෂයි. ෆීල්ඞ් එකට ආවෙත් අවුරුදු හයේදී. කලා ලෝකයේ ජනප්‍රිය චරිතයක් වෙනවා කියලා තිබුණාට රංගන ශිල්පිණියක් වෙනවා කියලා ස්ථිරවම කියලා තිබුණේ නෑ. කොහොම හරි මගේ කේන්දරේට අනුව කියැවුණ එකම ඇත්තක් ඔය කාරණාව වෙන්න ඕනෑ.
 
විවාහ වෙන්නේ කේන්දරේ ගලපල නැකැත්වලට අනුවද?
මගේ විවාහය ඉදිරි කාලයේ තමයි සිද්ධවෙන්නේ. ඒ ප්‍රේම සම්බන්ධයකින්. දැනට අපිට දෙපාර්ශවයේ ආශිර්වාදය ලැබිලා අපේ කේන්දර ගැලපෙනවද කියලා බලවල ඉවරයි. ඉතිං වාසනාවට ඒවා ගැලපිලා තියෙනවා. මම ගෑණුු ළමයෙක් වගේම පවුලේ එකම දරුවා. ඉතිං කොහොමත් අම්මාගේ තාත්තාගේ වචනයට පිටින් වැඩ කරන්නෙ නෑ. විවාහය සිදුවෙන දවසට අපේ වැඩිහිටියෝ හදවන නැකැත්වලට අනුව මුල්තැන දීලා ඒ කටයුතු සිදුකරනවා.
 
රාහු කාලෙට බයද?
මම දැකල තියෙනවා සමහරු රාහු කාලේ කියලා වැඩ කල්දානවා. මම නම් රාහු කාලේ බලන්නෙත් නෑ. අනුගමනය කරන්නෙත් නෑ. වැඬේ කරන්න ඕනෑවෙලාවට ඒ දේ කරනවා.
 
කේන්දරේට කියපුව පරාද කරපු අවස්ථා?
අර මම කිව්වේ අපලයි කියලා උසස් පෙළ වසරකින් කල්දාන්න කියලා එක. එදා අපි ඕවා විශ්වාස කරා නම් මොනතරම් අපරාධයක්ද?. ඒ කියමන බොරු කරලා මම විභාග පාස් වුණානේ.
 
ලග්නය?
කුම්භ
 
අවුරුද්දකට කී පාරක් කේන්දරේ බලනවාද?
එහෙම කාල වකවානු හදාගෙන අපි කේන්දරේ බලවන්නේ නෑ. අවශ්‍යම වෙලාවක් වුණොත් තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. විවාහය සම්බන්ධ කටයුතුවලට කවද ඕක බලවයිද දන්නේ නෑ.
 
 
ධම්මික හේවාවසම්
දිවයින



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top