කිරිඳිවැල පොලිස් වසමේ පැපිලියවල වල්පොල ප්‍රදේශයේ නිවෙසක ඉකුත් 8 දා රාත්‍රි සිදුවූ පිහි ඇනීමකින් 46 හැවිරිදි අවිවාහක අජන්ත කුමාර නමැති අයෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
අත්තනගල්ල ප්‍රදේශයේ පෞද්ගලික කම්හලක සේවය කරමින් සිටි ඔහු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු එම කම්හලේම සේවය කරන තම සැමියා හැරගිය දෙදරු මවක සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් එදින රාත්‍රී එම කාන්තාවගේ නිවෙසට පැමිණ සිටියදී කාන්තාවගේ පෙර සැමියා මෙම පිහි ඇනීම සිදුකර ඇති බවත් අනාවරණය වී ඇති බවයි සදහන් වන්නේ.
එහිදී ඔහුගේ සිරුරේ අට පොලකට පිහියෙන් ඇන තිබෙනවා.
..