ඉන්දියාවේ - ජාර්කාන්ද් ප්‍රාන්තයේ හසරෙබා ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක ගමන් කල ඩබල් ඩෙකර් බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අදාළ බස් රථයේ තිරිංග දෝෂයක් හේතුවෙන් එය පාලනය කිරීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එමෙන්ම, අනතුරු බහුලව සිදුවන මෙම අධිවේගී මාර්ගයේ පසුගිය මාස 6 තුළදී පමණක් පුද්ගලයින් 150 දෙනෙකු අනතුරුවලට ලක්ව මියගොස් තිබෙනවා.