Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
10
"හිසට පහර දී මරා දමා ඉන් පසු සිරුර කෑලි කෑලිවලට කපලා පොහොර බෑග්වලට දාලා වැලලුවා.." - විහිළුවක් දුර දිග ගොස් යාළුවා මැරූ තරුණයින් දෙදෙනාත් මරු තුරුළට යයි - Photos

- "හිසට පහර දී මරා දමා ඉන් පසු සිරුර කෑලි කෑලිවලට කපලා පොහොර බෑග්වලට දාලා වැලලුවා.." - විහිළුවක් දුර දිග ගොස් යාළුවා මැරූ තරුණයින් දෙදෙනාත් මරු තුරුළට යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,103 Views
"මානසික ප්‍රශ්නයක් නිසා එයත් හිරේදී සියදිවි නසා ගත්තා.."
 
"පුතාගේ ලේ තැවරුණු ඇඳුම තවමත් මගේ කොට්ටේ යට තියෙන්නේ.."
 
'ඇල්ෆ්‍රිඩෝ ටෙලෝ' ඇමරිකා එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂියර් ප්‍රදේශයේ ස්ප්‍රිංබොක් නම් පාසලේ උසස් පෙළ හැදැරූ ශිෂ්‍යයෙක්. ඔහු සිත්තරෙකු ලෙස ද තම දස්කම් එළිදැක්වූ අයෙක්. සමාජයේ කා සමඟත් ඉතා සුහදශිලී ලෙස කටයුතු කළ ඔහුගේ එකම අරමුණ වූයේ කෙදිනක හෝ තමාගේම කියා චිත්‍රාගාරයක් ඇරඹිමයි.
 
'ඊවා බෙන් ජමින්' ඇල්ෆ්‍රිඩෝගේ හොඳම මිතුරෙක්. සීඩල් සුරතල් මසුන් අලෙවි මධ්‍යස්ථානයක හිමිකරුවකු වූ අතර ඇල්ෆ්‍රීඩෝද බොහෝ අවස්ථාවල සීඩල්ගේ සුරතල් මත්ස්‍ය අලෙවිහලට ගොස් ඔහු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන්න ප්‍රිය කළා.

යුදෙව් ජාතික පවුලකින් පැවත එන සැමුවෙල් ෂින්බෙසින් ද සීඩල්ගේ මිතුරෙක්. ඔහු ද නිතර දෙවෙලේ සීඩල් හමුවීම සඳහා ඔහුගේ සුරතල් මත්ස්‍ය අලෙවි හලට යන එන අයෙකු වුණා. එහෙත් ඔහු මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයෙක්.
 
දිනක් සීඩල් හමුවීමට ඔහුගේ මත්ස්‍ය අලෙවි හලට පැමිණි ගැහැණු ළමයෙකුට 'ටෙලෝ' නොමනා විහිලුවක් කළා. මෙය දුටු සීඩල්ට හොඳටම තරහා ගියා. පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගියා. එය අවසන් වූයේ සීඩල් විසින් ටෙලෝට හොඳ හැටි පහරදීමෙන් පසුවයි.
 
ඒ මොහොතේ ෂින්බෙයින්ද එතැනට පැමිණියා. සීඩල් ටෙලෝට පහරදෙන අයුරු ඔහුද දුටුවා. ටෙලෝ කළ නොමනා ක්‍රියාව ගැන ඔහුද කෝපයට පත් වුණා. මානසික ආතතියකින් පෙළුණු ෂින්බෙයින්ට මෙම සිද්ධියෙන් පසු ඇති වූයේ මිනීමැරුම් චේතනාවක්. සීඩල්ටද සමහර අවස්ථාවලදී මෙවැනි ව්‍යාකූලතාවයක් ඇති වනවා. මත්පෙති හෝ මත්ද්‍රව්‍ය අවස්ථාවලදී ඔහු දරුණු හැසිරීමක නිරත වනවා.
 
මෙහිදී සීඩල්ගේ අදහස වූයේ තම මිතුරා වූ 'ටෙලෝ' මරා දැමිය යුතු බවයි. එම ඝාතනය කාටත් හසුවිය නොහැකි අයුරින් තමා සැලසුම් කරන බවත් ෂින්බෙයින් සිය මිතුරා වූ සීඩල්ට පැවසුවා.
 
ඒ සඳහා විශාල කසල බැරලයක්, සිලින්ඩර කිහිපයක් හා විද්‍යුත් කියතක් ඔවුන් විසින් මිලදී ගනු ලැබුවා. ඉන්පසුව දෙදෙනාම එකතු වී පහර දී ටෙලෝ මරා දැමුවා.
 
හිසට මොට්ට ආයුධයකින් පහර දී ඉන් අනතුරුව ගෙල කපා ටෙලෝ මරා දමා ඇති බවත්, සිදු කළ මරණ පරීක්ෂණයේ දී අනාවරණය වුණා.
 
ඉන් අනතුරුව ඔහුගේ සිරුර සීඩල්ට අයත් මොටෝ රියේ දමාගෙන ෂින්බෙයින් විසින් කුලියට ගනු ලැබු නිවෙසට ගෙන ගොස් ඇති බව විමර්ශනවලදි හෙළි වුණා. ඒ කුලි නිවස ආසන්නයේ තිබු ඔහුගේ වාහනයේ රෝදවල සටහන් පරීක්ෂා කිරීමෙන් පසුවයි.
 
කුලී නිවෙසට ගෙන ගිය ටෙලෝගේ මළසිරුර එතැනදී විද්‍යුත් කියත උපයෝගී කරගෙන කැබලිවලට කපා කසල බෑග් කිහිපයක දමා ගරාජයේ සඟවනු ලැබුවා. පසුව එම බෑග් වළ දැමුණා.
 
දින දෙකකට පසු එම ගරාජයෙන් දුර්ඝන්දයක් පැතිරෙන බවට පැමිණිලි ලැබීම නිසා එය පරීක්ෂාවට පැමිණි පොලිස් නිලධාරින්ට ටෙලෝගේ සිරුරේ කොටස් සොයා ගැනීමට හැකිවුණා. ඔවුන් දෙදෙනා එම ශරිර කොටස් ඇති කසල බෑග් නිවෙස තුළ සිට ගරාජයට ගෙන යන අයුරුත් එම මලුවලින් රුධිරය වැගිරෙන අයුරුත් දුටු අසල්වැසියෙක් ඒ පිළිබඳව එතැනට පැමිණි පොලිස් නිලධාරින්ට පවසා තිබෙනවා.
 
අසල්වාසියා පැවසූ කරුණු අනුව ටෙලොගේ සිරුර කොටස් වළ දමා තිබූ ස්ථානය පරීක්ෂා කළ පොලිස් නිලධාරින්ට දැකගත හැකි වූයේ මෙම අපරාධය සඳහා උපයෝගී කරගත් උපකරණ ද එහි වළා දමා තිබූ අන්දමයි.
 
ඉන්පසු එම නිවසේ හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු අනුව ෂින්බෙයින් හා සීඩල් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වුණා. පසුව ඔවුන්ට එරෙහිව මිනිස් ඝාතන චෝදනා මත නඩු පවරනු ලැබුවා.
 
දින කිහිපයකට පසු තමන් සිදු කළ අපරාධය දරාගත නොහැකි වූ සීඩල් සිරමැදිරිය තුළදී ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගත්තා.
 
එහෙත් ටෙලෝ මරා දැමීමට දායක වූ ෂින්බෙයින් සිය පියාගේ අධාර සහිතව ඊශ්‍රාලයට පැන ගියා.
 
එහෙත් ඊශ්‍රලයේදී ද ඔහුට නඩු පැවරුණා. එහිදි ඔහු වරද පිළිගනු ලැබුවා. ඔහුට වසර 24ක සිරදඬුවම් නියම වුණා. මේ සිදුවීම නිසා ඇමරිකාවේ හා ඊශ්‍රාලයේ මිත්‍ර සම්බන්ධතා වලට පවා ප්‍රශ්න ඇති වුණා.
 
එහෙත් අවසානයේ ඔහුගේ සිරදඬුවම් කාලය ඊශ්‍රාලයේදී ගත කිරීමට තීරණය කෙරුණා.
 
මේ අතර ෂින්බෙයින්ට නියම වූ සිරදඬුවමින් තුනෙන් දෙකක් ගතවී කොන්දේසි මත ඔහු මුදා හැරීමට නියමිතව තිබියදී ඇති වූ මානසික ව්‍යාකූලතාවයක් නිසා මහත්සේ කෝපයටත් පත් වූ ඔහු බන්ධනාගාර නිලධාරියෙකුගේ තුවක්කුවක් පැහැරගෙන ඉන් නිලධාරින් තිදෙනෙකුට වෙඩි තැබුවා. පසුව ඔහු ඉදිරියට එස සෑම නිලධාරියෙකුටම ප්‍රහාර එල්ල කරන්නට වුණා.
 
තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ බලකායේ ආධාර ලබාගැනීමටත් සිදුවුණා.
 
පසුව මෙම වෙඩිහුවමාරුවෙන් අනතුරුව වෙඩි පහරකින් ෂින්බෙයින් මිය ගියා.
 
මෙම සිදුවීමෙන් පවුල් තුනක මවුපියන් අතිශය දුක් වේදනාවට පත්ව සිටිනවා.
 
සිද්ධිය වන විට සීඩල් හා ෂින්බෙයින් 17 වන වියේ පසු වුණා.
 
ඔවුන් විසින් ඝාතනයට ලක් කළ ටෙලෝගේ මව තම දරුවාගේ සිරුරේ තිබූ ලේ තැවරුණු බැනියමේ කොටසක් තම කොට්ටය යට තබාගෙන නිදාගන්නා බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. එලෙසම ඔහුගේ අළු සහිත බඳුන ඇගේ අසළ තවමත් තිබෙන බව එම වාර්තාවේ සඳහන්
 
'රෝහණ ආර්යරත්න'
චෝදනා ලැබූ ෂින්බෙයින්. (පහත ජායාරූප බලන්න.)



පියාගේ ද්විත්ව පුරවැසිභාවය නිසා ඊශ්‍රාලයට පැන ගියද, එහිදීද ඔහුට අත්අඩංගුවට පත් වන්න සිදුවුණා. අනතුරුව තමන් විසින් එම ඝාතනය සිදුකළ බව ඔහු පිළිගත්තා. (පහත වීඩියෝව බලන්න.)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,851 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,902 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,411 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  294 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,567 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  329 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  694 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,421 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,629 Downloads



Top 10 Commenters

Latest Comments

Top