Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
10
"පිටසක්වල ජීවීන්ගේ පාරාදීසයක්ද? නැතහොත් ගුවන් හමුදා කඳවුරක්ද?" හැමෝම කතා කරන Area 51 ගැන කවුරුත් නොදන්න කතා ටිකක් මෙන්න - Photos

- "පිටසක්වල ජීවීන්ගේ පාරාදීසයක්ද? නැතහොත් ගුවන් හමුදා කඳවුරක්ද?" හැමෝම කතා කරන Area 51 ගැන කවුරුත් නොදන්න කතා ටිකක් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,270 Views
ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ ඇති Area 51 ගැන ගොඩක් අය අහල තිබුණට ඒ ගැන හරු හැටි දෙයක් දන්නේ නැහැ බොහෝ පිරිසක්.

ඒකට හේතුව මේ Area 51 ප්‍රදේශය ඇතුළේ සිදුවන දේවල් ගැන ලෝකයේ බොහෝ කට කතා නිර්මාණය වෙලා තියෙන එක වගේම මෑතක් වන තුරුම ඇමරිකා එක්සත් ජනපදය මේ ප්‍රදේශය පිලිබඳව කිසිම දෙයක් ප්‍රකාශ නොකිරීම.

ඒ වගේම හැමෝටම මේ ප්‍රදේශය ප්‍රහේළිකාවක් වෙන්න හේතු ගොඩාක් බලපාල තියෙනවා. ඒ තමයි මේ ප්‍රදේශයට ඉහළින් කිසිම ගුවන් යානයකට පියාසර කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ, ඒ වගේම කිසිම පුද්ගලයෙකුට මේ ප්‍රදේශයට ඇතුළු වෙන්න ලැබෙන්නෙත් නැහැ. අනවසරයෙන් ඇතුළු වන්නන්ට වෙඩි පහරකින් මියයන්නට සිදු වනවා.

කොහොම නමුත් ඇමරිකා එක්සත් ජනපදය විසින් වර්ෂ 2013 දී නෙවාඩා ප්‍රාන්තයේ Area 51 කියල ප්‍රදේශයක් තියෙනව කියල පිලිගත්තා. ඒ අනුව ඔවුන් Area 51 තුළ කරපු සමහර පරීක්ෂණ පිලිබඳව වූ ලිපි ලේඛන පවා ප්‍රසිද්ධියට පත් කළේ එරට තොරතුරු දැනගැනීමේ පනතට අනුවයි.

කොහොම වුණත් මේ ප්‍රදේශයට Area 51 කියන්න හේතුව තමයි ඇමරිකාවේ ප්‍රාන්ත 50 තිබුණත් ඒ සෑම ප්‍රාන්තයකටම යන්න ජනතාවට අවස්ථාව තිබුණත් මේ ප්‍රදේශය තහනම් කලාපයක් වීම. ඒ අනුව ජනතාව මේ ප්‍රදේශය Area 51 ලෙස හඳුන්වන්නට පුරුදු වෙලා තියෙනවා.

වර්ෂ 1941 මේ ප්‍රදේශය ගුවන් හමුදා කඳවුරක් හැටියට තමයි ආරම්භ වෙලා තියෙන්නේ. මුල් කාළයේ පටන් ඉතා රහසිගත ගුවන් මෙහෙයුම් වෙනුවෙන් භාවිත වුණ මේ Area 51 කලාපය තුළ 1955 වසරෙදී Project Aquatone නම් වූ රේඩාර්වලට හසුනොවන ගුවන් යානයක් නිර්මාණය කරන්න පටන් ගන්නවා.

U2 කියන ගුවන් යානය දෙවනි ලෝක යුද සමයෙදි රේඩාර් තරංගවලින් බේරිල සතුරු ප්‍රදේශවලට පහර දුන්න ඇමරිකානු ගුවන් යාන‍යක් ඒකට හේතුව තමයි රේඩාර් තරංග විස්තාරණය වන ප්‍රමාණයට ඉහළින් මේ යානාවන්ට පියාසර කරන්නර ඇති හැකියාව.

ඉතින් ඇමරිකානුවන් මෙම යානය තව තවත් වැඩි දියුණු කරල ඇත්තටම රේඩාර් තරංගවලට හසු නොවන යානාවන් හදන්න Area 51 කලාපයේ සිට උත්සහ ගන්නවා.

ඒ වගේම අපි දන්නවා දෙවනි ලෝක යුද්ධය නිමා වෙන්නේ ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි ප්‍රදේශයන්ට පරමාණු බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව බව නමුත් මේ පරමාණු බෝම්බ ප්‍රහාර එල්ල කරන්න කලින් ඇමරිකානුවන් මේ බෝම්බය අත්හදා බලනවා.

ඒ අත් හදා බැලීම සිදු කරන්නෙත් Area 51 කලාපයට අසලින් පිහිටි Trinity ප්‍රදේශයේදී. ඒකට හේතුව මේ Area 51 කලාපය සහ අවට ප්‍රදේශය ජන ශූන්‍ය සහ කාන්තාර ප්‍රදේශයක් වීම.

ඒ වගේම තවත් පිරිසක් කරන චෝදනාවක් තමයි ලෝකයේ පළමු සඳ ගමන මේ Area 51 කලාපයේ ඇතුලෙදි කරපු ව්‍යාජ පටිගත කිරීමක් බව.

ඒ වගේම 1947 වසරෙදී රොස්වෙල් ප්‍රදේශයට කඩාගෙන වැටුන බවට සැලකෙන පිටසක්වල ජීවී යානය සහ එහිදී මිය ගිය සහ තුවාල ලැබූ බවට සැලකෙන පිටසක්වල ජීවින්ද Area 51 කලාපයට රැගෙන ගිය බවට මතයක්ද පවතිනවා.

2013 වසරේදී Area 51 පිලිබඳව යම් යම් කරුණු ඇමරිකා එක්සත් ජනපද රජය ප්‍රකාශයට පත් කළ ද ඔවුන් ලෝකයෙන් සඟවන Area 51 පිලිබඳව බොහෝ කරුණු කාරණා ඇති බව තමයි මේ ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගෙ මතය වෙලා තියෙන්නේ.

 
  
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,116 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,164 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  11,280 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  848 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  510 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,513 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,511 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,000 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,431 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,318 Downloads



Top 10 Commenters

Latest Comments

Top