පාකිස්ථාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක හදිසි පිටවීමේ දොරටුව අත්වැරදීමකින් විවෘත වී තිබෙනවා.
ගුවන් පථයෙන් පිටත්වීමට ආසන්නව තිබූ මෙම යානය තුළ මගීන් 40 කට ආසන්න පිරිසක් සිට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් සිට පාකිස්ථානයේ ඉස්ලාමාබාද් බලා පියාසර කිරීමට නියමිතව තිබූ මගී ගුවන් යානයක මෙලෙස හදිසි දොරටුව විවෘත වී ඇත්තේ මැන්චෙස්ටර් ගුවන් තොටුපලේ ගුවන් ධාවන පථයේදියි.
මේ හේතුවෙන් ගුවන් යානය පැය 7 ක කාලයක් ප්‍රමාද වී තිබෙනවා.