Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
10
"මම ගෙදර අය එක්කත් කතා කරලා මේ තීරණය ගත්තේ. මුලින් නම් අම්මයි තාත්තයි ඒ තීරණයට කැමති වුණේ නැහැ.." - මලිත් පෙරේරා

- "මම ගෙදර අය එක්කත් කතා කරලා මේ තීරණය ගත්තේ. මුලින් නම් අම්මයි තාත්තයි ඒ තීරණයට කැමති වුණේ නැහැ.." - මලිත් පෙරේරාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,026 Views
"ඒක ඕනම පෘථග්ජන මනුස්සයෙක්ට ඇති වෙන්න පුළුවන් හැඟීමක්.."

"මම ඉංග්‍රීසි වචනයක්වත් දැනගෙන හිටපු කෙනෙක් නෙමෙයි.."

විශේෂ කාරණා දෙකකට තමයි ලංකාවට ආවේ. පළමුවැනි කාරණය තමයි මම අවුරුදු තුනහමාරකින් විතර මගේ මවුපියන් දැකලා තිබුණේ නැහැ. ඒ නිසා මගේ මවුපියන්ව බලලා යන්න ඕන වුණා. ඒ වගේම මෙල්බර්න්වල හිටපු මගේ හොඳම යාළුවාගේ වෙඩින් එක ලංකාවේ තිබුණේ. මම එහි දෙවැනි මනාලයා නිසා එයටත් සහභාගි වෙන්න එක්ක තමයි ලංකාවට ආවේ.

මෙච්චර දවසක් ලංකාවට ආවෙ නැත්තේ?
මම 2016 ජනවාරිවල තමයි මීට කලින් ලංකාවට ආවේ. ඉතින් මෙල්බර්න් ගියාට පස්සේ මම ඒකමතික තීරණයක් ගත්තා මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා තමයි ආයෙත් ලංකාවට එන්නේ කියලා. ඉතින් මම ඒ කාලය ඇතුළත මගේ අධ්‍යාපන කටයුතු ඉවර කළා.

ගායන ශිල්පියෙක් විදියට ඉහළ ජනප්‍රියත්වයක ඉන්න කාලෙක තමයි මලිත් ලංකාවෙන් යන්නේ. ඒ ජනප්‍රියත්වය දාලා යන්න ලෝබ හිතුණේ නැද්ද?
ඒක ඕනම පෘථග්ජන මනුස්සයෙක්ට ඇති වෙන්න පුළුවන් හැඟීමක්. ඒ කාලේ ලැබුණා වගේ ජනතා ආකර්ෂණයක් ලැබෙද්දි ඒ දේවල් දාලා ඕස්ට්‍රේලියාවට යන්න ගත්ත තීරණය මම ජීවිතයේ ගත්ත ලොකුම තීරණයක්. ඒ ලැබිච්ච ඉහළ ජනප්‍රියත්වය දිගටම තියාගන්න අමාරුයි. ලංකාවෙන් ගියත් මට සංගීතය පැත්තෙන් යමක් කරන්න තිබ්බා. මම ගමක හැදුණ කෙනෙක්. මට ඒ කාලේ පරිගණකයක්වත් තිබුණේ නැහැ. මට ඕන වුණේ දේවල් හොයාගෙන එළියට යන්න. ඒකයි මම වැඩිපුර දේවල් ඉගෙන ගන්න ඕස්ට්‍රේලියාවට ගියේ.

ලංකාවෙන් යන්න ගත්ත තීරණය ගැන සතුටු වෙනවද?
අද මම ඉන්න තැන සහ මම ළඟා කරගත්ත දේවල් ගැන හිතද්දි නිරහංකාර සතුටක් ලබනවා. පෞද්ගලික ජීවිතයේ මානසික, කායික වර්ධනය ගැන, ජීවිතයට ලබාගත්ත අත්දැකීම් ගැන අවංකවම සතුටු වෙන්න පුළුවන්.

ලංකාවෙන් යන්න ඕන කියන තීරණය ගත්තේ මලිත්මද?
මම ගෙදර අය එක්කත් කතා කරලා මේ තීරණය ගත්තේ. මුලින් නම් අම්මයි තාත්තයි ඒ තීරණයට කැමති වුණේ නැහැ. නමුත් අනාගතය ගැන හිතලා අම්මයි තාත්තයි මට ඒකට කැමැත්ත දුන්නා. මම ගත්ත තීරණය වැරදුණේ නැහැ. මුලින්ම ඕස්ට්‍රේලියාවට ගියාම මොකක්ද මම මේ කරපු විකාර වැඩේ කියලා හිතුණා. මොකද එහේ ගියාම මම කවුරුත් දන්නේ නැහැ. මගේ දේවල් මටමයි කරගන්න වුණේ. බොහොම කටුක අත්දැකීම් විඳින්න වුණා.

මලිත් ලංකාවට ආවම කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඉන්ස්ටර්ග්‍රෑම් එකට, ෆේස්බුක් එකට ගොඩක් අය මැසේජ් කරලා තිබුණා. මම ලංකාවට ආවා කියලා දැනගත්තාම ගොඩක් අයට මාව ආයෙත් මතක් වෙලා තිබුණා. මේ ටිකේ මම වැඩවලට එහෙට මෙහෙට දුවන ගමන් ඉන්නේ. ඉතින් මට එවපු සමහර මැසේජ්වලට රිප්ලයි කරන්නවත් වෙලාවක් හොයාගන්න බැරිව ඉන්නේ. ගොඩක් අය මම අධ්‍යාපනික පැත්තෙන් ඉදිරියට ගිය එක ගැන සතුටු වෙනවා. පිරිමි ළමයි නම් කායවර්ධනය ගැන දේවල් දැනගන්නත් මට කතා කරනවා. මම ඉතින් පුළුවන් විදියට ඔවුන්ට ඒ උපදෙස් ලබා දෙනවා.

ඕස්ට්‍රේලියාවේ හිටියට මලිත් සංගීතය අතහැරලා නෑ නේද?
සංගීතය මම කිසිසේත්ම අතහැරියේ නැහැ. අතහරින්නෙත් නැහැ. මම එහෙදි බටහිර ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත්තා. හඬ පුහුණුවීම් කළා. මම විශ්වාස කරනවා දෙයක් කරද්දි ඒ දේ හරියට කරන්න ඕනේ කියලා. ඉංග්‍රීසි  ගීත ගයන්න ඕනකම තිබ්බට ගුරුවරයකුගෙන් හරියටම ඉගෙන ගෙන ඒ දේ කරන්න මට ඕනකම තිබ්බා. ඉංග්‍රීසි  වචනයක්වත් කතා කරගන්න බැරිව හිටපු මට දැන් මගේ ඉංග්‍රීසි ඔරිජිනල් ගීත හතරක් තියෙනවා. මම ඒ ගීතත් මගේ ගීත ඇල්බමයට එකතු කරගන්නවා.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මලිත්ගේ වෘත්තීයමය ජීවිතය ගැනත් කතා කරමු.
මම දැන් ජේ‍යෂ්ඨ වරලත් ගණකාධිකාරවරයෙක් විදියට සේවය කරන්නේ. මට වෘත්තීයමය ජීවිතය ඇතුළේ ඉදිරියට යන්න පුළුවන් වුණා. පටන් ගැන්ම සුන්දර නෑ. කටුකයි. නමුත් දැන් මම ජීවිතයේ හොඳ තැනක ඉන්නවා. බොහොම සුන්දරව වැඩ කටයුතු කරගෙන යනවා. වැඩ කරන ස්ථානයට සිනහව කියන දේ හඳුන්වා දුන්නෙත් මම. අපි හරිම සතුටින් වැඩ කරගෙන යනවා.

මෙදාපාර රසිකයන්ට මලිත්ගේ ගීතයක් තිළිණ කරන්න අදහසක් නැද්ද?
මෙදාපාර ලංකාවට ආවම තමයි මම ටී.වී., රේඩියෝ වැඩසටහන්වලට වැඩිපුර සම්බන්ධ වුණේ. මට නිර්මාණ කරන්න කතා කළ අය ඉන්නවා. නමුත් ඒ නිර්මාණ හදිසියේ කරන එක සුදුසු නෑ කියලා මම හිතනවා. මම දැන් අවුරුදු දෙකක ඉඳන් ඇල්බම් එකක් කරගෙන එනවා. මම කාලය අරගෙන පරිස්සමෙන් උපරිමය යොදපු හොඳ දෙයක් තමයි එළියට දෙන්න සූදානමින් ඉන්නේ. මම හදිසියේ දේවල් කරන්න කැමැති නැහැ. මමත් තෘප්තිමත් වෙලා හොඳ නිර්මාණ ටිකක් එළියට ගේන්න තමයි මට අවශ්‍ය.

ගීත ඇල්බමය රසිකයන් අතරට ගේන්න තව කොච්චර කල් යයිද?
තව අවුරුද්දක් විතර යයි. මමම තමයි මෙහි හැමදේම කරන්නේ. කලින් මම කරපු නිර්මාණ එක එක පුද්ගලයන් විසින් පාලනය කළා. නමුත් මගේ තීරණ මත මේ ඇල්බමය කරන්න ඕනකම තියෙනවා. මම ටිකක් හිතුවක්කාරයි. ඉතින් ඉදිරියේදී මගේ ගීත ඇල්බමය රසිකයන් අතරට ගේන්න පුළුවන්.

මලිත් කායවර්ධනය ගැන අවධානය යොමු කරන්න හිතුවේ ඇයි?
මට පොඩි කාලේ ඉඳන් තිබුණේ කෙසඟ සිරුරක්. ඉතින් මට ආසාවක් තිබුණා කායවර්ධනය පැත්තට යොමුවෙන්න. ඉතින් මම ඒ පැත්තටත් යොමු වුණා. මම දැන් කන බොන දේවල් ගැන පවා පරිස්සම් වෙනවා. මම ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට සීනි භාවිතයක් ඇත්තේම නැහැ. දවසට ගන්න කැලරි ප්‍රමාණයක් තියෙනවා. ව්‍යායාම සහ ඒ කනබොන දේවල් එක්ක මගේ පෙනුම පවත්වාගෙන යනවා.

දැන් මලිත්ට තරුණියන්ගේ ආකර්ෂණයත් වැඩි ඇති?
බොරු කියන්න ඕන නැහැනේ. රසික රසිකාවියන්ගේ ආකර්ෂණයක් තියෙනවා. ඒ වගේ ආකර්ෂණයක්, ප්‍රතිචාර ලැබෙද්දී මම නිහතමානීව සතුටු වෙනවා.

මලිත්ගේ ජීවිතේට දැන් විශේෂ කෙනෙක් එකතු වෙලාද?
තනිකඩ කොල්ලෙක් වුණාම ගැහැනු ළමයින්ව දැන හඳුනා ගන්නවා. නමුත් තනිකඩ ජීවිතේ අමුතු රහක් තියෙන්නේ. විවාහ වෙන්න ගන්න තීරණය ගැන හිතන්න මම තාම මනස හදාගෙන නැහැ. ගෙදරින් නම් බල කරනවා ඒ ගැන හිතන්න කියලා. කොහොම වුණත් ඒ දේවල් ස්වාභාවිකවම ඇති වෙයි.

දිගටම ඕස්ට්‍රේලියාවේ ඉන්නද කල්පනාව.
මේ පාර ලංකාවට ආවට පස්සේ ලංකාව දාලා යන්න බෑ වගේ හැඟීමක් තියෙන්නේ. ලංකාවේ ඉඳලා කරන්න ව්‍යාපාර ගැන අදහසකුත් තියෙනවා. දැන් මට ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසිකම ලැබිලා තියෙනවා. මම ඉගෙන ගන්න ගොඩක් මහන්සි වුණා. ඉතින් ඒ දෙයින් ප්‍රයෝජනයක් ගන්න මම කාලයක් ඕස්ට්‍රේලියාවේ රැඳිලා ඉඳියි.

ආයෙත් මලිත් ලංකාවට එන්න කාලයක් ගත වෙයිද?
මම මේ 15 වැනිදා ලංකාවෙන් යනවා. ආයෙත් මේ වසරෙම දෙසැම්බර් මාසේ ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා. ඒ ආවම ගීත ඇල්බමය ඉවර කරන්නත් උත්සාහ කරනවා. මේ ලැබිච්ච ප්‍රතිචාර එක්ක මට හිතෙනවා මම කරන නිර්මාණ භාරගන්න රසිකයෝ සූදානම් වෙලා ඉන්නවා කියලා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,116 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,164 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  11,280 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  848 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  510 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,513 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,511 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,000 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,431 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,318 Downloads



Top 10 Commenters

Latest Comments

Top