Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
09
"ඒ තීරණය ගැන සතුටුයි හුස්මක් තරමට කියන්නේ ලස්සන ටෙලි නාට්‍යයක්" - අලුත්ම ආදර කතාවට එකතු වූ සචිනි - Photos

- "ඒ තීරණය ගැන සතුටුයි හුස්මක් තරමට කියන්නේ ලස්සන ටෙලි නාට්‍යයක්" - අලුත්ම ආදර කතාවට එකතු වූ සචිනි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,553 Views
සම්මාන බලාගෙන වැඩ කරන්නෙත් නැහැ
පෙම්වතියක් වෙලා හිටියා. දැන් පෙම්වතියක් නෙවෙයි

හුස්මක් තරමට ටෙලි නාට්‍ය හිරු නාලිකාව ඔස්සේ සෑම සතියේ දිනකම රාත්‍රී 8.00 විකාශනය වෙනවා,පාසල් වියේ තරුණ තරුණියන්ගේ ප්‍රේම කතන්දරයක් තමයි මේ කතාවෙ දිගහැරෙන්නේ.තුන්කොන් ආදරයක් තුළ තරුණිය හා තරුණ‍යන් දෙදෙනාගේ පවුල් අතර ප්‍රශ්න වැලක් ආරම්භ වෙනවා. ඔවුන් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද කියන දේ මේ ටෙලි නාට්‍ය ඔස්සේ දැක ගන්න පුළුවන්. හුස්මක් තරමට ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක්වන අසලිගේ චරිතයට පණ පොවන්නේ යොවුන් රංගන ශිල්පිනී සචිනි රුවන්තිකායි. ඇය ඒ ගැන සති අන්ත පුවත්පතක සංවාදයකදී පැවසූ දේ පහතින්....

මේ දවස්වල ‘හුස්මක් තරමට’ ටෙලි නිර්මාණයෙන් සචිනිව ප්‍රේක්ෂකයන්ට ළංවෙලා නේද?
ඔව්. රවීන්ද්‍ර විජේරත්න මහත්මයා අධ්‍යක්ෂණය කරන ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයේ අසලිගේ චරිතය නිසා ගොඩක් අය මං ගැන කතා කරන්න පටන් අරන්. කොහේ ගියත් ඒ ගැන අහනවා. ඉතිං සතුටුයි ඒ ගැන.

ප්‍රතිචාර ලැබෙද්දී ‘හුස්මක් තරමට’ නිර්මාණයට සම්බන්ධ වෙන්න ගත්ත තීරණය ගැන සතුටු ඇති?
ඔව්. ඒ තීරණය ගැන සතුටුයි. හුස්මක් තරමට කියන්නේ ලස්සන ටෙලි නාට්‍යයක්. ලස්සන ආදර කතාවක්. මගේම වයසේ පිරිසක් එක්ක මට රඟපාන්නත් ලැබිලා තියෙනවා. කිසිම ආතතියක් නැතිව මේ නිර්මාණයේ වැඩකරන්න පුළුවන්. රංගනයට සම්බන්ධ වෙලා ඒ දේවල් බලන්න ලැබෙද්දීත් සතුටු හිතෙනවා.

සචිනිට ‘හුස්මක් තරමට’ ටෙලියේ ප්‍රධාන චරිතයට පාර කැපුණේ කොහොමද?
මම රවි අයියාගෙම උරුමක්කාරයෝ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඊට පස්සේ හිරු නාළිකාවෙන් තමයි මේ නිර්මාණයට මට කතා කළේ. තිර පරීක්ෂණයට ගියාම මාව මේ චරිතයට තෝරාගත්තා.

මේ ඔබේ පළමු රංගනය නෙවෙයි?
ඔව්. මම මුලින්ම වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් විධියට වැඩකළේ. ඊට පස්සේ ටෙලි නාට්‍ය රංගනයට එකතු වුණා. මුලින්ම රඟපෑවේ සිවගුරුනාදන් මහත්මයාගේ ‘අඟුරු සිත්තම්’ ටෙලි නාට්‍යයේ. රවි අයියා අධ්‍යක්ෂණය කරපු උරුමක්කාරයෝ ටෙලි නාට්‍යයෙන් පස්සේ හුස්මක් තරමට ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.

සචිනිගේ පවුලේ විස්තරත් කියමු?
මගේ පවුලේ මමයි අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි ඉන්නේ. තාත්තා ඉන්නේ ජපානයේ. දැන් තාත්තා ලංකාවට ඇවිත් ඉන්නවා.

සචිනි රංගන ක්‍ෂේත්‍රය තෝරා ගන්නවට පවුලේ අය කැමැති වුණාද?
පොඩි කාලේ ඉඳන් වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණු නිසා මම රංගන ක්‍ෂේත්‍රයට එනවට අම්මා තාත්තා අකැමැති වුණේ නැහැ.

සචිනිට මේ ක්‍ෂේත්‍රයේ පරමාදර්ශී චරිත ඉන්නවාද?
එහෙම විශේෂයෙන් කියලා කෙනෙක් නැහැ. මම ඕනම කෙනෙක් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න කැමැතියි.

අලුත් පරපුරේ සමහරු ක්‍ෂේත්‍රයේ වැඩ කරද්දී එන කැපිලි කෙටිලි ගැන කියනවා. සචිනිටත් එහෙම කැපිලි ඇවිත් තියෙනවාද?
කැපිලි කෙටිලි කටකතා කියන දේවල් මේ ක්‍ෂේත්‍රයේ විතරක් නෙවෙයි ඕනෑම ක්‍ෂේත්‍රයක තියෙනවා. ප්‍රසිද්ධ නිසා තමයි මේ ක්‍ෂේත්‍රයේ දේවල් වැඩිපුර එළියට යන්නේ.

සචිනි ගොසිප්වලින් පරිස්සම් වෙන කෙනෙක්ද?
මම ගොසිප් කියන දේවල් ලොකුවට ගණන් ගන්නේ නැහැ. අනෙක් අය කියන දේවල් අහ අහා ඉන්නවාට වඩා පාඩුවේ තමන්ගේ ගමන යන එක තමයි හොඳ.

රංගන ක්‍ෂේත්‍රයේ ඉන්නකොට ජනප්‍රිය වෙන්න, සම්මානනීය වෙන්න බලාපොරොත්තු ගොඩනැඟිලා ඇති?
මට ජනප්‍රිය වීමේ අරමුණක් නැහැ. සම්මාන බලාගෙන වැඩ කරන්නෙත් නැහැ. මට ගැළපෙන දෙයක් තෝරාගෙන ඒ දෙයට සාධාරණයක් කිරීම තමයි මගේ අරමුණ.

හැබැයි ජනප්‍රිය නිළි සම්මානයට සචිනිත් තරග කරයි?
ජනප්‍රිය වෙන්න තරගයකට මම යන්නේ නෑ. මම තරග කරන්න කැමැතිත් නැහැ.

සචිනිට ගැළපෙන දේ තීරණය වෙන්නේ කොයි විධියටද?
මට කරන්න පුළුවන් හොඳ කතා තේමාවක් තියෙන නිර්මාණයක් නම් මම ඒක භාරගන්නවා. මම කැමැතියි වෙනස් වෙනස් චරිත කරන්න. ලැබෙන ඕනෑම එකක් කරන්න මට ඕනේ නැහැ.

සචිනිට ගැළපෙන දේ තෝරලා දෙන්න තව කවුරු හරි ඉන්නවාද?
නැහැ. මගේ ජීවිතේ ගැන හිතලා මම තමයි තීරණ ගන්නේ. කවුරුවත් මට සීමා පනවලා නැහැ.

සචිනි පුංචි තිරයේදී සංගීත්ගෙයි ගයාන්ගෙයි ආදර කතාවකට මැදිවෙලා. කොහොමද ඒ මුහුවීම?
මම සංගීත්වයි, ගයාන්වයි මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින්ම හඳුනනවා.  ගයාන්ව නම් හඳුනාගත්තේ මීට අවුරුදු තුනකට කලින්. එයාගේ ‘මං දැන් තනිවෙලා’ කියන මියුසික් වීඩියෝවට මම සම්බන්ධ වුණා. ඒ යාළුකම් තාමත් තියෙනවා. ඉතින් සංගීත් - ගයාන් වගේම හැමෝම එක්ක සහයෝගයෙන් වැඩ කරනවා.

සැබෑ ජීවිතේ සචිනි පෙම්වතියක්ද?
පෙම්වතියක් වෙලා හිටියා. නමුත් දැන් මම පෙම්වතියක් නෙවෙයි.

සචිනි ක්‍ෂේත්‍රයේ කෙනෙක්ට හිත දෙන්න කැමැතිද?
ක්‍ෂේත්‍රයේ කෙනෙක් ආදරය ඉල්ලුවොත් ඒ ගැන හිතන්න ඕනේ. ක්‍ෂේත්‍රයේ කෙනෙක් වුණත් පුද්ගලයා කොහොමද කියන දේ බලලා තමයි තීරණයක් ගන්නේ.

සචිනිට ආදර යෝජනාවලින් අඩුවක් නැතිව ඇති?
ක්‍ෂේත්‍රයේ අයගෙන් නම් ආදර යෝජනා ඇවිත් නැහැ. නමුත් වෙනත් ගැහැනු ළමයින්ට වගේ මටත් ආදර යෝජනා එනවා.

සචිනි දිගටම රංගන ක්‍ෂේත්‍රයේ රැඳෙන්නද අදහස?
මම කලින් ආයතනයක සේවය කළා. දැන් මම රංගන කටයුතුවලට එකතු වෙලා ඉන්නවා. විවාහ වෙනකල් මම රංගන කටයුතුවල රැඳිලා ඉඳියි.

විවාහයෙන් පස්සේ සචිනි රංගනය අතහරිනවාද?
විවාහ වුණාට පස්සේ මම මුල් තැන දෙන්නේ මගේ පවුල් ජීවිතයට. රංගනයේ ඉන්නවාද නැද්ද කියන දේ ඊට පස්සේ තීරණය කරයි.

තවත් අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණද?
මම ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කරන නිසා ඒ නිර්මාණයත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ නිසා වෙන නිර්මාණයක් නම් භාරගත්තේ නැහැ. තව හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් කාලය වෙන්කරගෙන සම්බන්ධ වෙනවා.

මොනවද ඉදිරි සැලැසුම්?
අලෙවිකරණ ක්‍ෂේත්‍රය ගැන තව ඉගෙන ගන්න ඕනෑ. ඒ වගේම රංගනයෙන් හොඳ නිර්මාණ ලැබුණොත් සම්බන්ධ වෙනවා. ලොකු ලොකු සැලැසුම් හීන නම් මගේ ජීවිතේ නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ - මව්බිම
ඡායාරූප -  අශාන් ගමගේ
MUA - Amadhi Upeksha Retouching & Manipulation - Deran Crooz



හුස්මක් තරමට ටෙලිනාට්‍ය අතරතුර ගත් ඡායාරූප කිහිපයක් පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,035 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,082 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  10,410 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  785 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  466 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,207 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,367 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  977 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,411 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,191 Downloads



Top 10 Commenters

Latest Comments

Top