Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
09
"හැමෝම කතා කරන ජනප්‍රිය චරිතයක් වෙලා හිටියත් මම අදටත් ආදරේ කියන දේ සීරියස් විදියට අරගෙන නැහැ..." - ගංගු රොෂානා - Photos

- "හැමෝම කතා කරන ජනප්‍රිය චරිතයක් වෙලා හිටියත් මම අදටත් ආදරේ කියන දේ සීරියස් විදියට අරගෙන නැහැ..." - ගංගු රොෂානා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,316 Views
ආදරේ කරපු අය බැන්නට මම තරහා ගන්නේ නැහැ...
 
සාමාන්‍ය යුවතියකගේ සිතේ තිබෙන හැඟීම් මට නොදැණුනු තරම්..
 
ගංගු රොෂානා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි. ඉදහිට දකින්න ලැබුණත් ඇයට ආදරේ කරන පිරිසක් ඉන්නවා. මේ දිනවල හිරු රූපවාහිණියේ විකාශය වන 'ආදරෙයි මං ආදරෙයි' කියන ටෙලි නාට්‍යයේ ඇයගේ කටහඬ අහන්න ලැබෙනවා. ඒ 'තනු'ගේ හඬ වෙනුවට. ඉතින්.. ඇය ඇගේ නිර්මාණ ගැන වගේම පෞද්ගලික ජිවිතේ තොරතුරු බොහෝමයකුත් සතිඅන්ත පුවත්පතකට කියා තිබුණේ මෙහෙමයි...

මේ දවස්වල හුඟක් අය ගංගුට බණිනවා කියලා ආරංචියි?
ඒ කතාව ඇත්ත. ගොඩක් අය දැන් මට බණිනවා. ඒත් ඉතින් මම වරදක් කරලා නම් නැහැ. මොනවා කරන්නද? ආදරේ කරපු අය බැන්නට මම තරහා ගන්නේ නැහැ.
 
ඒ අය එහෙම බණින්නේ ඇයි කියලා ඔබ දන්නවාද?
මම ඒකට හේතුව සොයා ගත්තා. මේ දවස්වල මම හිරු ටී.වී. එකෙන් විකාශය වෙන “ආදරෙයි මම ආදරෙයි“ කියන හින්දි ටෙලි නාට්‍යයේ “තනු” කියන දුෂ්ට චරිතයට හඬ කවනවා. ප්‍රේක්ෂකයෝ මේ චරිතයට කොහොමත්ම කැමති නැහැ. ඒ නිසා එයාලා මටත් බණිනවා.
 
ඔබ රංගනයට සමුදීලද හඬ කැවීම තෝරාගත්තේ?
නැහැ. මම රංගනය අතහැරලා නැහැ. නිළියක් විදියට වගේම හඬ කැවීම් ක්ෂේත්‍රය තුළිනුත් යම්කිසි දක්ෂතාවක් පෙන්වීමට හැකිවීම වාසනාවක් කියලා මට හිතනවා.
 
මේක ඔබේ මුල්ම හඬ කැවීම නේද?
නැහැ. මීට කලින් මම ‍පොඩි ‍පොඩි චරිත වෙනුවෙන් හඬ කැවීමේ යෙදිලා තියෙනවා. ඒත් මේ වගේ ප්‍රධාන චරිතයක් කරලා නැහැ. ඒ නිසා ඒක මට අලුත් අත්දැකීමක්.
 
හඬ කැවීමට වැඩිපුර හිත ගිහින් ඔබ රංගනයෙන් ඈත්වේවිද?
එහෙම වෙන එකක් නැහැ. කලාකාරිනියක් විදියට මුළු ජීවිත කාලයම ක්ෂේත්‍රයේ ඉන්නයි මට ඕනේ. මොකද මම මෙතැනට ආවේ බොහොම ළාබාල වයසේදීයි. ඒ වයසෙදී වෙන කිසිම දෙයක් ගැන හිතන්න මට තේරුමක් තිබුණේ නැහැ. ඒ නිසා සාමාන්‍ය යුවතියකගේ සිතේ තිබෙන හැඟීම් බොහොමයක් මගේ සිතට නොදැනුණු තරම්. ඒ තරමටම මම ජීවත් වුණේ රංගනයත් එක්කයි. ඉතින් ඒ නිසා මම රංගනය අතහරින්න කොහොමද? මගේ පවු‍ලේ අය පවා මේක මහ නිශ්ඵල දෙයක් කියද්දී මම කලාවේ රැඳිලා හිටියේ මම කලාවට ගොඩක් ආදරේ කරන නිසයි.
 
යුවතියකගේ සිතේ ඇතිවෙන හැඟුමන් රංගනය නිසා නොදැනුනා කියන දෙයින් ඔබ කියන්නට උත්සාහ කළේ ප්‍රේමය ගැනද?
ඔව්. මම උස් මහත් වෙන්නේ මේ කලාව ඇතුළෙයි. මගේ තාරුණ්‍යය ගෙවිලා ගියේ මේ කලා ලෝකයේ. ඒ දවස්වල පාස‍ලේදී පිරිමි ළමයි ගැන පවා මට විශේෂ හැඟීමක් ඇතිවුණේ නැහැ. හැමෝම කතා කරන ජනප්‍රිය චරිතයක් වෙලා හිටියත් මම අදටත් ආදරේ කියන දේ සීරියස් විදියට අරගෙන නැහැ.
 
දැන් යුග දිවියට ඇතුළත් වෙන්න කාලය හරි කියලා හිතෙන්නේ නැද්ද?
විවාහය කියන එකට සූදානමක් තියෙන්න ඕනේ. ඒත් අපේ රටේ දකින සම්ප්‍රදායක බිරිඳක් වෙන්න මට කිසිම වුවමනාවක් නැහැ. මම විවාහයක් ගැන තවම නොසිතන්නේ ඒ නිසා කියලයි මට හිතෙන්නේ.
 
තමාරා කල්හාරි
'ලක්බිම'


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,122 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  3,420 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  1,988 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  253 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,044 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  285 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  499 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  652 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,326 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,418 Downloads



Top 10 Commenters

Latest Comments

Top