2019 ක්‍රිකට් ලෝක කුසලානය තරඟාවලිය ආරම්භවෙලා තියෙනවා. ඉතින් මේ දවස් වල සීතල එංගලන්තය සහ වේල්සය උණුසුම් කරමින් ලෝක කුසලානයට උනුන් පරයමින් මහත්වරුන්ගේ ක්‍රිඩාව ජයටම සිදුවෙනවා.
මේ කියන්න හදන්නේ ලෝකකුසලානය ගැන දෙයක් නම් නෙවෙයි. මේ අපේ රටින් බිහිවූ සුපිරිතම ක්‍රිකට් තරුවක් වන ලෝකයේ යෝකර් රජු ලෙස විරුදාවලිය ගත් ලසිත් මාලිංග කරපු අමුතු වැඩක් ගැන.
මේක පසුගියදා ශ්‍රි ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තිබුණු පුහුණු තරඟෙන් පසුව සිදු වුණ දෙයක්.
තරඟයෙන් පසුව මාලිංග ක්‍රීඩාගාරයට එමින් සිටියා. එක්වරම ඔහු අසළට ඕස්ට්‍රේලියානු පිලේ නවක වේග පන්දු යවන්නෙක් වන මාකස් ස්ටොනික්ස් ඇවිත් යමක් අහනවා.
ඉතින් මාලිංග ක්‍රීඩාගාරයට යන එක නවත්වලා ඔහු සමඟ පිටියේ රැඳී ඔහුට පන්දු යැවීම ගැන ගුරුහරුකම් දෙන්නට වුණා.