Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
08
"අහිංසක දරුවෝ හතර දෙනා අයිනේ හිටියේ, පුළුවන් නම් වෙඩි තියලා මරන්න, පාර අරින් නෑ.." - සිසුන් තුන්දෙනෙකුට මරු කැඳවූ රිය අනතුර නිසා කැකිරාව නගරය උණුසුම් වූ හැටි - Video

- "අහිංසක දරුවෝ හතර දෙනා අයිනේ හිටියේ, පුළුවන් නම් වෙඩි තියලා මරන්න, පාර අරින් නෑ.." - සිසුන් තුන්දෙනෙකුට මරු කැඳවූ රිය අනතුර නිසා කැකිරාව නගරය උණුසුම් වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39 Views
එයාලා හිටියේ බස් එකට නගින්න..
 
බල්ලෝ බළල්ලු වගේ දරුවෝ මරන්න..
 
කැකිරාව - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ කොරසගල්ල ප්‍රදේශයේදී කැබ් රථයක ගැටීමෙන් පාසැල් දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
අනතුර සිදු කළ කැබ් රථය පළා යාමත් සමග ඊට උරණ වූ ප්‍රදේශවාසීන් ඒ 9 ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා.
 
ඒ 9 ප්‍රධාන මාර්ගයේ කැකිරාව කොරසගල්ල තිබ්බටුවැව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණේ අද පෙරවරු 7.50ට පමණ.
 
පොලිසිය පැවසූවේ කෙසෙල් සහ එළවළු රැගෙන දඹුල්ලේ සිට කැකිරාව දක්වා ධාවනය වූ කැබ් රථයක් ප්‍රධාන මාර්ගය අසල උපකාරක පන්ති වලට යෑමට රැඳී සිටි පිරිමි ළමුන් සිව්දෙනෙකුගේ ගැටී ඇති බවයි.

බරපතල තුවාල ලැබූ ළමුන් සිව්දෙනා කැකිරාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඉන් තිදෙනෙකු මියගිය බව පොලිසිය සඳහන් කළා.
 
බරපතල තත්ත්වයේ පසුවන තවත් දරුවෙකු මේ වනවිට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
 
අනතුර සිදු කිරීමෙන් පසුව අදාල කැබ් රථය නොනවත්වා කැකිරාව ප්‍රදේශයද පසු කරමින් ධාවනය කර ඇති අතර ඉපලෝගම පොලිසිය විසින් කැබ් රථය නතර කරන ලෙස අණ කර තිබෙනවා.
 
එම අණද නොතකමින් තවත් ඉදිරියට ඇදුණු කැබ් රථය ලුහුබැඳ ගොස් නවතා ගත් බව පොලිසිය සඳහන් කළා.
 
එහිදී කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට පත්ව ඇති අතර එම අවස්ථාවේ කැබ්රථය තුල පස් දෙනෙකු ගමන් කර තිබෙනවා.
 
සිද්ධියත් සමඟ ප්‍රකෝපකාරී වූ ප්‍රදේශවාසීන් ඒ 9 ප්‍රධාන මාර්ගය තිබ්බටුවැව ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වුණේ කැබ් රථයේ රියදුරු එම ස්ථානයට රැගෙන එන ලෙස පවසමින්.
 
මාර්ගයෙන් ඉවත් වන ලෙසට පොලිසිය විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීම් කලද ඔවුන් ඊට එකඟ වූයේ නැහැ.
 
අප වාර්තාකරුවන් පැවසූවේ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පැවසීමෙන් පසුව විරෝධතාව අවසන් වූ බවයි.
 
මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ කොරසගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14, 15, 16 යන වයස්වල පසුවූ පාසැල් ළමුන් තිදෙනෙක්.
 
අනතුරින් මියගිය 14 වියැති එරන්ද ඒෂාන් තිලකරත්න කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ 9 වන ශ්‍රේණිය ඉගෙනුම ලැබූ සිසුවෙක්.
 
එම විද්‍යාලයේම 9 ශ්‍රේණියේ පදිංචි ඉමන්ත පසිදු හේරත්ටද මෙම අනතුරින් දිවි අහිමි වුණා.
 
තිබ්බටුවැව විද්‍යාර්ත විද්‍යාලයේ උසස් පෙල ඉගෙනුම ලැබූ අචින්ත ලක්ෂාන් හේරත් සිසුවා මියයන විට 16 වන වියේ පසුවුණා.
 
දඹූල්ල රෝහලේ බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන 18 හැවිරිදි චරිදු ලක්මාල් සිසුවා ඉගෙනුම ලබන්නේ කොටාගල පේමානන්ද පිරිවෙනේයි.
 
අත්අඩංගුවට පත් කැබ් රථයේ රියදුරු 54 හැවිරිදි කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික සෙබලෙකු බවට තොරතුරු වාර්තා වන අතර ඔහු අද කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
 
පොලිස් මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි.
 
මේ අතර, කොස්ගම සාලාව මංසන්ධියේදී ඊයේ රාත්‍රී 10ට පමණ කැබ් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් 8 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.
 
එම අනතුර ඒ අසල තිබූ ආරක්ෂිත කැමරා වල සටහන්ව තිබුණා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top