Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
08
"මම හිතුව තරමට, මට පෙන්වූ හීන ලෝකය සුන්දර වුණේ නැහැ, අපි හිතන තරමට මිනිස්සු සුන්දරත් නැහැ.." - උදාරි කෞෂල්‍යා - Photos

- "මම හිතුව තරමට, මට පෙන්වූ හීන ලෝකය සුන්දර වුණේ නැහැ, අපි හිතන තරමට මිනිස්සු සුන්දරත් නැහැ.." - උදාරි කෞෂල්‍යා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,852 Views
මම කාටවත් හීනෙකින්වත් වරදක් කරන කෙනෙක් නෙවෙයි..

මම මගේ හිත හදාගත්තේ බොහෝම අමාරුවෙන්...

උදාරි කෞෂල්‍යා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. නිර්මාණවලින් වැඩිපුර දකින්න නොලැබුණා වුණත් දැන් දැන් ඇය අලුත් නිර්මාණවලින් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් ඉන්නවා. ඉතින් ඇගේ නිර්මාණ ගැන වගේම පුද්ගලික ජිවිතේ තොරතුරු බොහෝමයක් ඇය සතිඅන්ත පුවත්පතකට කියා තිබුණේ මෙහෙමයි.

උදාරි කෞෂල්‍යා කියන්නේ රඟපාන්න හිටපු කෙනෙක් නෙවෙයි නේද?

ඇත්තෙන්ම ඔව්. මම ගියේ කොලඹ මියුසියස් විද්‍යාලයට. උසස් පෙළ සමත් වුණේ දිවයිනේ ඉහළම ලකුණු ලාභීන් අතරට එක් වෙමින්. ඉන් පසු ව්‍යාපාර අධ්‍යන අංශයෙන් ජයවර්ධනපුර සරසවියට තේරුණා. ඒත් පසුව තාත්තා කියපු නිසා කොළඹ සරසවියට මාරු වුණා. සරසවියේ අධ්‍යාපන කටයුතු කරන අතරවාරයේදී රඟපෑමේ අවස්ථාව උදා කරගත්තා. නොසිතූ වෙලාවක ආව ඒ ආරාධනය නිසා ගමන වෙනස් වුණා. ඒත් එදා තාත්තා නම් රඟපෑමට යන්න අවසර දුන්නේම නැහැ.

ඒ වන විට මොනවගේ අංශයක නිරත වෙන්නද හිතුවේ?

මාගේ එකම අරමුණ වුණේ හොඳින් ඉගෙන ගෙන පෞද්ගලික අංශයේ ආයතනයක හොඳ තනතුරක් දැරීමයි. එක්කෝ මගේම ව්‍යාපාරයක් පටන් ගැනීමයි. කොහොම වුණත් දැන් මම සිටින තැන ගැන සතුටු වෙනවා. අද මගේ ගෙදර අයත් මේ නිර්මාණ ගොඩාක් ආසාවෙන් නරඹනවා.

එතකොට උපාධියට මොකද වුණේ?

පසුගිය අවුරුදු දෙකක කාලයේදී මම ලංකාවේ හිටියේ නැහැ. ඇමරිකාවට ගිහින් මට මෙහිදී අතපසු වූ උපාධිය සම්පූර්ණ කළා.

උදාරිගේ ගෙවුණු ජීවිතය දිහා ආපස්සට හැරී බැලුවොත්?

මට හිතෙන්නේ මම දැකපු තරමට, මම හිතුව තරමට, මට පෙන්වූ හීන ලෝකය සුන්දර වුණේ නැහැ. අපි හිතන තරමට මිනිස්සු සුන්දරත් නැහැ. මම මේ හිනා වෙලා හිටියට ඒ හිනාව යට තියෙන්නේ ලොකු කඳුලක්. ඒ කඳුළු කතාව අතරින් හිනාවෙලා ඉදිරියට ගමනක් යන කෙනෙක්. පාඩම් ඉගෙනගෙන ගමනක් යන කෙනෙක්.

දැන් ජීවිතය මොන වගේද?

දැන් නම් හරිම සැහැල්ලුවෙන් සන්තෝෂයෙන් ගමනක් යන බව කියන්න පුලුවනි. වැඩි බලාපොරොත්තු නැහැ, පොළවේ පය ගහලා ඉන්න චරිතයක්. කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ජීවත් වෙනවා.

ජීවිතේ මේ තාක් ගත්ත තීරණ ගැන පසු තැවෙනවාද?

මම හිතන විදියට ජීවිතේ මම කැප කිරීමක් කළා. මගේ සතුට ගැන නිසිතා අනුන්ගේ සතුට ගැන හිතලා කළේ ප‍රිත්‍යාගයක්. ඒ නිසා මම මගේ හිත හදාගත්තේ බොහෝම අමාරුවෙන්. හැබැයි සෑම ක්‍රියාවක් හමුවේම ප්‍රතික්‍රියාවක් තිබෙන බව මම දන්නවා. මම කාටවත් හීනෙකින්වත් වරදක් කරන කෙනෙක් නෙවෙයි. මම හිතන විදියට ජීවිතේ සියල්ල සිද්ධ වුණේ මගේ හොඳටයි. ඒ නිසා පසුතැවීමක් නැහැ.

ප්‍රේමය, ආදරය, විවාහය ගැන හිතන්නේ කොහොමද?

ප්‍රේමයේදී පළමු ආරම්භය සුන්දරයි. නමුත් අපි හිතන තරමට එය සුන්දර නැහැ. විවාහ වන්නේ මැරෙන තාක් කල් අත්වැල් බැඳගෙන ගමනක් යන්නයි.ඒත් වත්මන් සමාජයේ විවාහ වන ඒ පිරිස අතරින් නියම අරුත වටහාගෙන ගමනක් යන්නේ සුළු පිරිසක් විතරයි. ආසාවක් සහ වෙන වෙන දේවල් බලාපොරොත්තුව විවාහ වුණොත් ඒ බැඳීම ඔවුනට නොදැනීම ගිලිහෙන්න පුළුවනි.දෙදෙනාගේ අදහස්වලට අනුව තමයි බැඳීම තීරණය වෙන්නේ. මම මේ ව්දියට කියන්නේ ඉදිරියේදී තනිකඩව ඉන්නවා කියන එක නෙවෙයි.මේ ලෝකේ මේ වගේ දෙයකට මුහුණ දුන්න පළමු කෙනාත් අවසන් කෙනාත් මම නෙවෙයිනේ. දැන් මම ජීවත් වන බව දැනෙනවා.දැන් මම මටම ආදරය කරන්න පටන්ගෙන. විවාහයට පසුව ජීවිතයේ මම මං ගැන වැඩිය හිතුවේ නැහැ. දැන් මම මටම ආදරය කරමින් මගේ ජීවිතය හඳුනාගෙන ඉදිරියට යමින් සිටිනවා.

සඳුන් ගමගේ
"ලංකාදීප"


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,116 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,164 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  11,280 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  848 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  510 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,513 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,511 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,000 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,431 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,318 Downloads



Top 10 Commenters

Latest Comments

Top