Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
03
මේනකා ‘ලව්ටෝක්’ කට් කරන හැටි

- මේනකා ‘ලව්ටෝක්’ කට් කරන හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

521 Views

මේනකා ඔයා මේ දවස්වල ජනප්‍රිය රංගන ශිල්පිනියක් කියලයි සමහරු කියන්නේ ඇත්තද ඒ කතාව?

ඔය කියන්නේ මේ දවස්වල මා රඟපානටෙලි නාට්‍ය කිහිපයම වෙනස්ම ආකාරයේ ප්‍රධාන චරිත  රඟපාන හින්දා වෙන්නැති. ඇත්තටම රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ටෙලි නාට්‍යය තනිකරම මට ‘‘වර්ක්ෂොප්’’ එකක් වගේ. ඔය අතරේ මා රඟපාන  ‘‘සඳසාවි’’ ටෙලි නාට්‍යයත් විකාශය වෙනවා. මා ජනප්‍රියද නැද්ද කියලා ඉතිං ප්‍රේක්‍ෂකයෝ තමයි තීරණය කරන්නේ.


ඒක නොවෙයි, ඇත්තද ඔයා නර්තනයෙන් කලඑළි බහින්න සූදානම් වෙනවා කියන්නේ?

ඔව් නර්තනය කියන්නේ මගේ ජීවිතේ නැටුම් නැත්නම් අද මේනකා පීරිස් කියා කෙනෙක් නෑ. මොකද නර්තනය නිසා තමයි. මට රංගනයට පාර කැපුණෙත්. පසුගිය කාලයේ මට නර්තනයෙන් ලබාගන්න තිබූ විභාග සියල්ල අවසන් කළා. මගේ ලොකුම ආසාව තිබුණු කළඑළි බැස්ම හැමදාම කල්ගියා.
ලබන ජනවාරි මාසයේ 25 වැනිදා බෙල්ලන්විල රජමහා විහාරයේදී මාත් සමඟ තවත් 25 දෙනෙක්ගේ කළඑළි මංගල්‍යය පවත්වනවා. කලාභූෂණ සිරිනාම තල්ගහගොඩ ගුරු පියාණන් යටතේ තමයි එය සිදුවන්නේ. මේ දවස්වල ඒ වෙනුවෙන් පේවෙලා පුහුණු වීම් කරගෙන යනවා. පුදුම ආශාවකින් කරන්නේ. මෙය මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක්.


මේ හින්දා විදෙස් සංචාරයකුත් අවලංගු කරන්න සිදුවුණා නේද?

ඒ කතාවත් ඇත්ත. කලාකරුවන් කිහිප දෙනෙක්ගේ ප්‍රසංගයක ජනවාරි 15 වැනිදා සිට 30 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ යන්න ලෑස්තිවෙලා හිටියේ. ඒක මීට කාලයකට පෙර දැනුම් දුන් එකක්. නමුත් හදිසියේම මගේ නර්තන කළඑළි මංගල්‍යයත් ඒ දවස්වලම යෙදිලා. ඒ හින්දා ‘‘ටුවර්’’ එකෙන් මා අයින් වුණා. මොකද ඊට වඩා මගේ කළඑළි දැක්ම මට ලොකුයි.


ඉතිං මේනකා, ඔයා දැන් ජනප්‍රිය රංගන ශිල්පිනියක්නේ, ඔයාට කලා ක්‍ෂේත්‍රයේ අයගෙන් විවිධ යෝජනා, චරිත දෙන්නම් කියා අමුතු යෝජනා එහෙම එල්ලවෙනවාත් ඇති නේද?

මෙහෙමයි මම හැම තිස්සෙම හොඳ නිර්මාණවලට දායක වී හොඳ දෙයක් කරන කෙනෙක්. කවුරුවත් බලෙන් බලපෑම්, අයුතු යෝජනා එල්ල කරන්නේ නෑ. අපේ දක්‍ෂතාව කාටවත් යට කරගන්න බෑ. සමහරවිට අමුතු යෝජනා අපි ප්‍රතික්‍ෂේප කළාම, අපේ දක්‍ෂතාව, ටැලන්ට් එක වැඩි හින්දා ඔවුන්ට අපට ඒ චරිතය දෙන්න වෙනවා. මොකද මේක දක්‍ෂතාව මත යන ගමනක්. ඒකට තමන්ගේ චරිතය විනාශ කරගෙන යන්න ඕනේ නෑ.
අපි දක්‍ෂ නම්, ඔවුන්ට නිර්මාණවලට අප අවශ්‍යයයි. අනෙක් නිළියන්ගේ පෞද්ගලික ජීවිතවලට මා ඇඟිල්ල දික් කරන්නේ නෑ. මොකද අපට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. මම එහෙම කාටවත් දොස් කියන, අනුන්ට වළ කපන රංගන ශිල්පිනියක් නොවෙයි. හැමෝම සමඟ සුහදව ඉන්න කෙනෙක්.


ඔයා මේ ක්‍ෂේත්‍රයට එද්දීවත් ඒ වගේ ප්‍රශ්න ආවේ නැද්ද?

මම දැන් මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු තුනහමාරක් වෙනවා. ඉතාම දුකෙන්, මහන්සියෙන් තමයි මේ ගමන ආවේ. මට ප්‍රවීණ අය යටතේ තමයි මුල ඉඳලම වැඩ කරන්න ලැබුණේ. මුලදී මට ප්‍රශ්න ආවෙත් නෑ. අදටත් මට ප්‍රශ්න නෑ. අයුතු යෝජනා, ලිංගික බලපෑම් මට එල්ල වුණේ නෑ. මම ලස්සනට, මගේ පාඩුවේ වැඩ කටයුතු ටික කරගෙන යනවා.


ඔයාට දුරකතනයෙන්වත් කලා ක්‍ෂේත්‍රයේ අයගෙන් හරි වෙනත් අයගෙන් හරි අමුතු යෝජනා, විවාහ යෝජනා එන්නේ නැද්ද?

මගේ ‘‘ෆෝන්’’ එක ‘‘ආන්සර්’’ කරන්නේ අම්මා. හොඳ වැඩකට කතා කරනවා නම්, අම්මා ඒ ගැන දන්වනවා. එවිට තමයි මට ෆෝන් එක දෙන්නේ. අනවශ්‍ය එකක් නම් අම්මා ‘‘කට්’’ කරනවා. මොකද අම්මාට හොඳ අවබෝධයක් තිබෙනවා කතාබහ කිරීමේදී ඔහු මොනවාගේ දෙයකටද එන්නේ කියලා. ඒ අතින් මට එවැනි බලපෑම් එල්ල වෙනවා අඩුයි. හදිසියේ මට එවැනි යෝජනා එන අවස්ථාත් තිබෙනවා. එය දිගට යනවා නම් හිමින්ම මම ‘‘කට්’’ කරලා දානවා.












Make a Comment
Make a Comment






Recent Gossip Post




Sasaren Aa Mithura - Methun SK
Sasaren Aa Mithura
Methun SK
⤵  703 Downloads

Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  6,738 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  5,211 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,543 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,294 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,473 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  20,364 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,303 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,934 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,723 Downloads



Top 10 Commenters

Latest Comments

Top