Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
06
අරාබියක් කළ ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩි නගරය - බෝඩ් තියෙන්නෙත් අරාබි භාෂාවෙන් - Video

- අරාබියක් කළ ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩි නගරය - බෝඩ් තියෙන්නෙත් අරාබි භාෂාවෙන් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,138 Views
මෙරට මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය භාෂාව සිංහල ලෙසත්, දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් ලෙසත් නම් කර තිබෙනවා.

එසේ තිබියදීත්, මෙරට ඇතැම් ප්‍රදේශවල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ට ද වඩා අරාබි භාෂාවට මූලිකත්වය ලබා දෙන තත්ත්වයක් නිර්මාණය වීම පිළිබඳ මේවන විට සමාජයේ පවතින්නේ දැඩි කතා බහක්.

රටේ ඇතැම් ප්‍රදේශ කෙමෙන් කෙමෙන් අරාබිකරණය වන බවට පැතිර යන මතය පිළිබඳ අප විමසා බැලුවේ ඒ අනුවයි.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වැනි පරිච්ඡේදයේ 18 ( 1 ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේය, යනුවෙන් සඳහන් වනවා.
 

එහි දෙවන වගන්තියේ දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන්නේය, යනුවෙන් සහ ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව වන්නේය, යනුවෙන් සඳහන්.

එසේ තිබියදීත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් මොනයම් නීතියකවත් සඳහන් නොවන ආකාරයට රටේ ඇතැම් ප්‍රදේශවල අරාබි භාෂාවට මූලිකත්වය ලබාදෙන තත්ත්වයක් වර්තමානය වනවිට දක්නට ලැබෙනවා.

එම තත්ත්වය වඩාත් තීව්‍රව පවතින්නේ නැගෙනහිර පළාත තුළයි.

ශ්‍රී ලංකාවේ වැඩිම ජන ඝනත්වයක් පවතින සහ මුස්ලිම් ජනතාව වැඩිම පිරිසක් ජීවත්වන කාත්තන්කුඩි නගරය ඊට හොඳම නිදර්ශනයක්.

මේ කාත්තන්කුඩිය නගරයට ඇතුළුවන ප්‍රධාන ද්වාරයයි.

එහි පිළිගැනීම, ඉංග්‍රීසි, දෙමළ, සිංහල භාෂවන්ට අමතරව අරාබි භාෂාවෙන්ද සටහන් කර තිබෙනවා.

අරාබි නගර නිර්මාණ ශිල්පයට වඩාත් සමීපව නිර්මාණය කර ඇති කාත්තන්කුඩි නගරයට ඇතුළු වීමෙන් පසු බොහෝ පොදු ස්ථාන වල සිංහල භාෂාව භාවිත නොකරම අරාබි භාෂාවට මූලිකත්වය දී ඇති ආකාරය දක්නට ලැබෙන්නේ මෙලෙසින්.

මේ කාත්තන්කුඩි පොලිස් ස්ථානය තුළ ප්‍රදර්ශනය කර ඇති දැන්වීමක් එහි බහුතරය අරාබි භාෂාවෙන් සටහන් කර තිබෙනවා.

ඇතැම් ස්ථානවල මුලින්ම නම සඳහන් කර ඇත්තේ ද අරාබි භාෂාවෙන්.

කාත්තන්කුඩි නගරයෙන් පිටව යන විට දක්නට ලැබෙන පුවරුව සඳහාද අරාබි භාෂාව මෙලෙස භාවිත කර තිබෙනවා.

මීට අමතරව නැගෙනහිර පළාතේ තවත් නගර කිහිපයකම දක්නට ලැබෙන්නේ මෙම තත්ත්වයමයි.

මේ අතර රාජ්‍ය ආයතනයක්වන ත්‍රිකුණාමලය - මූතූර් කලාප අධ්‍යාපන කාර්යාලයට ප්‍රවිශ්ඨ වන ද්වාරයේද අරාබි භාෂවෙන් පිළිගැනීම සඳහන් කර ඇත්තේ මෙලෙසින්.

මේ අතර අරාබි භාෂාව භාවිත කිරීමට අමතරව ඇතැම් මාර්ග ඉස්ලාම් දේවස්ථානවල නමින් නාමකරණය කිරීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව ද පීඩාවට පත්ව සිටිනවා.

මේ ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයට යන පැරණි මාර්ගය මිස්ජිතුල් ෆලාහ් පාර ලෙස නම් කර ඇති ආකාරයයි.

ලෝකයේ අලංකාරම භාෂා අතර සිංහල භාෂාවට මූලික ස්ථානයක් හිමිවන අතර ලෝකයේ සිංහල භාෂාව භාවිත වන එකම රට වන්නේ ද ශ්‍රී ලංකාවයි.

එමෙන්ම රටේ පිළිගත් භාෂා 3ක් ම තිබියදී පොදු ස්ථානවල නාමකරණයන්ට අරාබි භාෂාව භාවිත කිරීම කාගේ වුවමනාවක්ද..?

මේ පිළිබඳ අදාළ බලධාරීන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ හිරු ප්‍රවෘත්ති අවධානයෙන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,116 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,164 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  11,280 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  848 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  510 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,513 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,511 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,000 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,431 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,318 Downloads



Top 10 Commenters

Latest Comments

Top