Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
06
ලොවම මවිත කරමින් විවිධ වූ හේතූන් මත නිර්මාණය වූ භයානක හමුදාවන් හැදුණු හැටි - Photos

- ලොවම මවිත කරමින් විවිධ වූ හේතූන් මත නිර්මාණය වූ භයානක හමුදාවන් හැදුණු හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,662 Views
ලෝකයේ සියළුම රටවල් පාහේ සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ට උරුම වූ තම රටට ආවේණික හමුදාවන් නිර්මාණය කරනවා.

නමුත් ලෝකයේ සියළුම යුද, ගුවන් හා නාවුක හමුදාවන්ට ආවේණික ඇඳුම් සහ පුරුදු තියෙනවා.

මේ කියන්න හදන්නේ ඊට වඩා වෙනස් හමුදාවන් කිහිපයක් ගැනයි.

මේ හමුදාවන් විවිධ වූ හේතූන් මත තමයි නිර්මාණය කරල තියෙන්නේ.

1. හොල්මන් හමුදාව
 
දෙවන ලෝක යුධ සමයේදී ජර්මානු නාසි හමුදාව රැවටීම වෙනුවෙන් තමයි මේ හමුදාව නිර්මාණය කළේ. ඒ කලාකරුවන්, ඉන්ජිනේරුවරුන් ආදී වූ විවිධ වෘත්තිකයන් ඒකරාශී කරගනිමිනුයි.
 
මොවුන්ගේ කාර්යභාරය වූයේ ජර්මන් හමුදාව මුළා කිරීම මගින් ජීවිත හානි සහ දේපල හානි වෙන එක අවම කරමින් මිත්‍ර හමුදාවට උදව් කිරීමයි. ඒ වෙනුවෙන් මොවුන් ව්‍යාජ නාසි හමුදා නිලධාරීන් ලෙස සැරසී ව්‍යාජ පණිව්ඩ නිකුත් කිරීමත්, ව්‍යාජ යුධ උපකරණ (යුධ ටැංකි) ආදිය නිර්මාණය කරමින් සතුරා මුළා කළා. එහිදී මොවුන් මිනිස් ජීවිත 30000 පමණ බේරා ගත් බව තමයි දැනගන්න ලැබෙන්නේ.


 
2. කලාකෘති ආරක්ෂක හමුදාව
 
මේ හමුදාවත් නිර්මාණය වෙලා තියෙන්නේ දෙවන ලෝක යුධ සමයේම තමයි. ඒ ලෝකයේ ඉතාම විශිෂ්ඨ කලාකෘතින්, උද්‍යාන, ගොඩනැගිලි ආදියේ ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් මේ හමුදාවට එකතු කරගෙන තියෙන්නේ ඉතිහාසය පිළිබඳව දැනුම ඇති පුද්ගලයින් වගේම විවිධ වූ ශ්‍රාස්ත්‍රවල නිරත වූවන් තමයි.
 
මේ අය කරල තියෙන්නේ මිත්‍ර හමුදාවල ගුවනින් බෝම්බ හෙලන හමුදාවන්ට නව සිතියම් නිර්මාණය කරලීමයි. ඒකෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ ලෝකයේ කලාත්මක නිර්මාණවලට බෝම්බ හෙලන එක අවම කරලා ඒවා ආරක්ෂා කරන එක. ඒ වගේ ගොඩාක් කලාකෘති මේ අය ආරක්ෂා කරල තියෙනවා කියල තමයි දැනගන්න ලැබෙන්නේ.



 
3. විශේෂිත කාන්තා හමුදාව
 
ලිබියාවේ හිටපු පාලකයා වන 'ගඩාෆි' තමයි මේ හමුදාව නිර්මාණය කරලා තියෙන්නේ. මේ හමුදාවට අරං තියෙන්නෙ කන්‍යාවියන් කියල තමයි කියන්නේ. ඒ වගේම මේ හමුදාවට එන කාන්තාවන්ට ලිංගිකත්වය සහ විවාහය තහනම් කරල තියෙනවා. ගඩාෆි විසින් මේ හමුදාව හදන්නෙ ඔහුගේ මවට කරන ගෞරවයක් විදිහටයි.
 
ඒ වගේම ඊශ්‍රාලයත් කාන්තාවන්ගෙන් සැදුම්ලත් හමුදාවක් හදල තියෙනවා. ඊශ්‍රාලය නම් පිරිමින්ට වගේම කාන්තාවන්ටත් එක වගේම යුද පුහුණුව ලබල දෙනවා. ඒකට හේතුව ඒ රටේ ආරක්ෂක තත්ත්වයයි.



4. සුනඛ හමුදාව
 
අපි කවුරුත් අහල නැති හමුදාවක් තමයි මේ. 1953 වසරේදී ඩෙන්මාකයේ තමයි මේ සුනඛ හමුදාව නිර්මාණය කරන්නේ. ඒකට හේතුව තමයි ආර්ටික් මුහුදට කිට්ටුව තියෙන උතුරු ග්‍රීන්ලන්තයට අනවසරයෙන් ඇතුළු වන පුද්ගලයින් ගැන හොයන්න. ඒ වගේම මේ සුනඛයන් ඉන්නෙ ඉතාම අඩු උෂ්ණත්වයක් තියෙන හිමෙන් වැසුණු ප්‍රදේශයක. ඒ වගේම මේ අය හිම වලසුන් සහ මේ ප්‍රදේශයේ ඉන්න මිනිසුන් 29 දෙනා හැරුණහම අනිත් අයට සලකන්නේ ගොඩාක් දරුණු විදියට.


 
5. යෝධයින්ගේ හමුදාව
 
මේ හමුදාව නිර්මාණය කරන්නේ 18 සියවසේ පර්සියාවේ රජු වුණ ෆෙඩ්‍‍රික් විලියම් රජතුමා. මෙයා මේ හමුදාව හදන්නේ අනිත් රටවල හිටපු අති දක්ෂ යුද සෙබලුන් මුදලට අරගෙන ඒ අයව පර්සියානු ස්ත්‍රීන් සමඟ සංවාසයේ යොදවලා. ඒකෙන් මොහු බලාපොරොත්තු වෙලා තියෙන්නේ හැමදාමත් මේ වගේම යෝධ හමුදාවක් පර්සියාවේ තබා ගැනීමයි. නමුත් අවාසනාවකට 1740 විලියම් රජු මිය ගියාම රජ වන ඔහුගේ පුත්‍රයා මේ හමුදාව නොසලකා හැරලා. ඒකෙන් මේ හමුදාව අඩපණ වෙලා තියෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  120 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,641 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  6,229 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,905 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  338 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,055 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  368 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  543 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  730 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,515 Downloads



Top 10 Commenters

Latest Comments

Top