Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
06
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින්, තරුණියන් පැහැරගනිමින්, ඉන්දියාවම භීතියට පත් කළ දාම ඝාතකයා, "ආටෝ ශංකර්"ගේ කතාව - Photos

- මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින්, තරුණියන් පැහැරගනිමින්, ඉන්දියාවම භීතියට පත් කළ දාම ඝාතකයා, "ආටෝ ශංකර්"ගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,266 Views
Serial killer එහෙම නැත්තම් දාම ඝාතකයින් ගැන ඔබ කොතෙකුත් කතන්දර අසා ඇති. යම් අරමුණක් වෙනුවෙන් හෝ නැතිනම් මානසික රෝගී තත්ත්වයන් හේතුවෙන් ඝාතන වැලක් එක පෙළට සිදු කරන මෙම දාම ඝාතකයින් පිළිබඳව ලෝකයේ විවිධ රටවලින් අහන්න දකින්න ලැබෙනවා.
 
අපි මේ ඔබට කියන්න හදන්නෙත් එවැනි දාම ඝාතකයෙකුගේ කතාවක්. ඔහු අපේ අසල්වැසි රටේ, එහෙම නැත්තම් ඉන්දියාවේ චෙන්නායි හොල්ලගෙන හිටපු අතිබිහිසුණු ඝාතකයෙක්. සාමාන්‍යයෙන් අපි චිත්‍රපටි රූපරාමු ඇතුළේ දකින්නට ලැබෙන සමහරක් ප්‍රබන්ධ කතාවලට සමාන කතන්දරයක් මේ පුද්ගලයටත් තියනවා.
 
ඔහු නමින් ගෞරි ශංකර්. නමුත් ඔහුව අපි හඳුනාගන්නේ 'ආටෝ ෂංකර්' කියන නමින්. සිංහලෙන් කිව්වොත් 'ත්‍රීවිල් ශංකර්' කියන අදහස. වෙල්ලූර් නගරයේ ගම්මානයක 1955 උපත ලබන ආටෝ ශංකර් තමන්ගේ ජිවිකාව කරගෙන යන්න 'පෙරියනගර්' වලට පැමිණෙනවා.

ඔහු මුලින්ම කරපු රැකියාව තමයි තීන්ත ගෑම. පස්සෙ තමයි ඔහු ත්‍රීරෝද රථ රියදුරෙක් විදිහට රැකියාව කරන්නේ. ඇත්තටම ත්‍රීරෝද රථ රියදුරෙක් කියලා කිව්වට, ඔහුගේ ඇත්තම රැකියාව වුණේ මත්ද්‍රව්‍ය ජාවාරම හා ගණිකා වෘත්තිය. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වගේම ගණිකා වෘත්තියේ යෙදෙන තරුණියන් අලෙවිය සඳහා ඔහු තමන්ගේ ත්‍රීරෝද රථය උදව් කරගත්තා.
 
තිරුවාන්මියුර් හා මල්වානපුරම් කියන ප්‍රදේශ අතර ඔහු විසින් සිදු කළ මෙම ජාවාරම් සඳහා උදව් කරපු පිරිසකුත් හිටියා. එක්කෙනෙක් ඔහුගේම සහෝදරයා, මොහන්, ඒ වගේම ඔහුගේ මස්සිනා කෙනෙකුත් මේ ගොඩේ හිටියා. රවී, රාජරාමන්, වගේ බොහෝ පිරිසකගේ සහයෝගයෙන් 'ආටෝ ශංකර්' එක්තරා විදිහක 'ඩෝන්' කෙනෙක් විදිහටයි හැමෝම හැඳින්නුවේ.
 
මේ අයගේ සහයෝගයෙන් ඔටෝ ෂංකර් ගණිකා නිවාස කිහිපයක්ම පවත්වාගෙන ගියා. එල්බී මාවතේ ඔහු විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයට පොලීසියේ සහය ලැබුණු බවත් සඳහන්. 80 දශකයේ මැද භාගයේදි "ආටෝ ෂංකර්" ගේ කෙරුම් රැසක් එළියට එනවා. මුලින්ම ඔහු විසින් ඝාතනය කරනු ලැබු පුද්ගලයින් 6ක් ගැන දැනගන්න ලැබෙනවා.
 
මෙතනින් එක්කෙනෙක් කාන්තාවක්. ඇය නමින් ලලිතා. ලලිතා කියන්නේ ෂංකර්ගේ ගණිකා නිවාසයක සේවයේ හිටපු කෙනෙක්. 1987 දී ලලිතා මේ ගණිකා නිවාසයේම සේවකයෙකු වුණු සුදලයිමුත්තු එක්ක පැනලා යනවා. මේ දෙයින් කෝපයට පත්වෙන ෂංකර් ඇතුළු සඟයින් ලලිතවත් සුදලයිමුත්තුවත් හොයාගෙන ඇවිත් ඝාතනය කරනවා.
 
මුලින්ම ලලිතා මරා දැම්මට පස්සෙ, සුදලයිමුත්තුව පණපිටින් පුච්චන මේ පිරිස එම සිරුරේ ඉතුරු කොටස් බෙංගාල බොක්කට මුදා හැරලා තියනවා. ෂංකර් ඝාතනය කරන අනිත් පිරිසත් මේ කණ්ඩායමේ ඉඳලම ගැටුම් ඇති කරගත්ත අයයි. මේ අයගේ සිරුරත් කුඩා ඉඩමක වළ දාලා තිබිලා පොලීසියට හම්බවෙනවා.
 
'ආටෝ ෂංකර්' ගැන හැමෝගෙම අවධානය යොමු වෙන්නේ 1988 මාස හයක් ඇතුළත් තරුණ ගෑණු ළමයින් 6 දෙනෙක් අතුරුහන් වීමත් සමඟයි. මේ ගෑණු ළමයින්ගේ දෙමව්පියන් පොලීසියට මේ ගැන පැමිණිලි කළත් පොලීසිය කිව්වේ, දෙමව්පියන් මේ ළමයින්ව විකුණලා ඇති කියලයි.
 
මේ කියන දිනවල ඇලෙක්සැන්ඩර් කියන ආණ්ඩුකාරවරයා ළඟට යන මේ දෙමව්පියන් තමන්ට සිද්ධ වුණූ අසාධාරණය ඔහුට කියනවා. ඊට පස්සෙ තමයි පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායමක් නිර්මාණය කරලා මේ දේට යොදවන්නේ.
 
ඒ වගේම සුබාලක්ෂ්මි කියන ගෑණු ළමයා තමන්ව ත්‍රීවිල් ධාවනය කරන කෙනෙක් පැහැර ගෙන යන්න හැදුවා කියලා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ විදිහට තමයි මේ හැමදේකම පිටිපස්සෙ ඉන්න මහමොළකරුවා 'ආටෝ ෂංකර්' කියලා පොලීසිය දැනගන්නේ.
 
ෂංකර් අත්අඩංගුවට ගන්න පොලීසිය ඔහුට විරුද්ධව නඩු පවරනු ලබනවා. මේ විදිහට අත්අඩංගුවට ගත්තට පස්සෙ ශංකර්ගේ නිවසත් දැඩි පරීක්ෂා කිරීමට ලක්වෙනවා. එතනදී තමයි ශංකර් ගණුදෙනු කරපු පොලීසියේ මහත්වරු ගැන එහෙමත් තොරතුරු එළියට එන්නේ. මේ පොලිස් නිලධාරින් සියලු දෙනාගේ වැඩ තහනම් වෙන්නේ මේ දේවල් හෙළිදරව් වුණාට පස්සෙ.
 
බන්ධනාගාරගත කරන ෂංකර් වරක් කාන්තාවකගේ උදව්වෙන් බන්ධනාගාරයෙන් පැන යනවා. හැබැයි වැඩි කල් නොගිහින් ඔහුව ආයෙම අත්අඩංගුවට ගන්න පොලීසිය සමත් වෙනවා. එහෙම අල්ලගත්ත ෂංකර්ව ඔහුගේ මස්සිනා සමඟම එල්ලා මරා දමා තිබෙනවා.
 
කෙසේ වෙතත්, ආටෝ ෂංකර්ගේ මෙම කතාන්දරය වෙබ් සීරියස්, එහෙම නැත්තම් ටෙලිකතා මාලාවක් විදිහටත් විකාශනය වෙලා තියනවා.
 
උපුටා ගැනීම: 'Tech වැද්දා' පිටුවෙනි

ආටෝ ෂංකර්ගේ ඡායාරූප කිහිපයක් පහතින්.....


 
පහත ජායාරූප ඔහුගේ සැබෑ ඡායාරූප නොවන අතර AUTO SHANKAR නම් ටෙලි කතා මාලාවේ එන දර්ශන කිහිපයකි...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,851 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,902 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,411 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  294 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,567 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  329 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  694 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,421 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,629 Downloads



Top 10 Commenters

Latest Comments

Top