Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
06
"බස් එකක යද්දී තමයි මල්කාන්ති එක්ක මම යාළු වුණේ.." - තුන්වෙනි බිරිඳගේ අක්කා කළ දේ නිසා බිරිඳගෙන් සහ නැන්දම්මගෙන් පළිගත් හිටපු හමුදා සෙබළා සිදුකළ මහා අපරාධය

- "බස් එකක යද්දී තමයි මල්කාන්ති එක්ක මම යාළු වුණේ.." - තුන්වෙනි බිරිඳගේ අක්කා කළ දේ නිසා බිරිඳගෙන් සහ නැන්දම්මගෙන් පළිගත් හිටපු හමුදා සෙබළා සිදුකළ මහා අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,192 Views
උඹ ගෙදර එන්න එපා.. තෝ ආවොත් මරනවා...
 
අම්මටත් පොරවෙන් පාරවල් දෙකක් ගැහුවා..
 
බණ්ඩාරගම පොලිස් වසමේ රයිගම, බැල්ලන්තුඩාව ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයෙකු සැරිසරමින් සිටින බව බණ්ඩාරගම පොලීසියේ රථවාහන අංශයේ සැරයන් සම්පත්ට තොරතුරක් ලැබෙන්නේ පෞද්ගලික ඔත්තුකරුවෙක්ගෙන්. ඒ පසුගිය 23 වන දිනයි.

එදින ජංගම මුර සංචාරයේ නිරතව සිටි සැරයන් සම්පත් තමාට ලැබුණු එම තොරතුර සමඟ සබඳකම් පවත්වන 'ඔත්තුකරුවන්' කීප දෙනෙකුට පවසන්නේ එම තොරතුරින් කියැවුණු පුද්ගලයා අපරාධයක් සිදු කර සැඟවී සිටින පුද්ගලයෙකු බැවින් ඔහු කොටු කර ගැනීමට 'දැලක් එලා ගැනීම' සඳහා යි.
 
සැරයන් සම්පත්ට ඔහු සොයන පුද්ගලයා ගැන නැවත තොරතුරක් ලැබෙන්නේ පසුදින (24) හවස බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ නිරතව සිටින අතුරතුරයි.

"සර් දැන් මිනිහා ඉන්නේ වීදගම හන්දියේ හොරණ පැත්තට තියෙන බස් හෝල්ට් එකේ. බස් එකක් ආවොත් මිනිහා යන්න යයි. ඉක්මනට ආවොත් අල්ලගන්න පුළුවන්. සර් ඒ මිනිහා මේ වෙලාවේ ඇඳලා ඉන්නේ කලු පාට ඩෙනිම් කොට කලිසමකුයි, නිල්පාට සුදු ඉරි තියෙන ෂර්ට් එකකුයි. තව කලුපාට පොලිතින් බෑග් එකකුත් අතේ තියනවා..."
 
ඔත්තුකරුගේ පණිවිඩය අනුව වහා ක්‍රියාත්මක වූ සැරයන් සම්පත් සහාය පිණිස කොස්තාපල් නාලකද සමඟ විදාගමට පැමිණියා. බස් නැවතුමේ සිටි පුද්ගලයාට තරු පෙණුනේ පොලිස් නිලධාරින් දෙදෙනා දුටු විටයි. ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් වී කලබලකාරි ගතියක් මතුවනු පොලිස් නිලධාරින්ට පෙණුනා. ඔහු තමන් මඟහැර යාමට උත්සහ කරන බව දුටු පොලිස් නිලධාරින් වහා කළේ සැකකරු පරීක්ෂා කිරීමයි.
 
එම අවස්ථාවේ ඔහු සතුව ජාතික හැඳුනුම්පතක් නොතිබූ බැවින් ඔහු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින්ට හැකිවුණා.
 
මීට දින කිහිපකට පෙර රත්නපුර, ඉහළ මල්වල මවක් හා දියණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරු මොහු බවට අනාවරණය වන්නේ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන පසුව සිදු කළ ප්‍රශ්න කිරීමවලදී යි.
 
පසුගිය 17 දා සිට රත්නපුර පොලීසියට කට්ටි පනිමින් සිටි මේ සැකකරු තමා සිදු කළ සියල්ල පොලිස් නිලධාරින් හමුවේ වමාරන්නට වූයේ තවදුරටත් ඔහුට පොලිස් නිලධාරින්ට සැඟවීමට යමක් නැති බව වටහා ගැනීම නිසා විය යුතුයි.
 
1976 මැයි 23 උපත ලද මේ සැකකරු සහෝදරියන් තිදෙනෙකු හා එක් සහෝදරයෙකුගෙන් සමන්විත පවුලේ සිව් වැනියා වුණා. අම්පාර මධ්‍ය මහා විද්‍යාලයෙන් අට වසර වන තෙක් අධ්‍යාපනය ලබන මොහු ඉන්පසු එකතු වන්නේ දෙවන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මහනුවර, රජවීදිය හමුදා කඳවුරේ සාමාන්‍ය සෙබළෙකු ලෙසයි. ඒ විසි හැවිරිදි වියේ දීයි.
 
"මට දැන් අවුරුදු 42ක් වෙනවා. තෙල්දෙණිය සෙනරත්වෙල, කිතුලේමඩ, නො 35 මගේ ලිපිනය. දැනට අවුරුදු එකහමාරක පමණ ඉඳලා මම පදිංචි වෙලා ඉන්නේ රත්නපුර, ඉහළ මල්වල මගේ බිරිඳගේ නිවසේ. මම 96 මහනුවර, රජවිදිය හමුදා කඳවුරේ දෙවන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට සාමාන්‍ය සෙබළෙකු ලෙස බැඳුණා. 99 දී ලාන්ස් කෝප්‍රල් නිලයට උසස්වීමක් ලැබුණා. 1996-12-31 මම හොරණ, කුඹූක ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වුණා..."
 
"ඉන්පස්සේ කාරියවසම්පුර ප්‍රදේශයේ පදිංචි වුණා. පසුව අපට දරුවන් දෙදෙනෙක් ලැබුණා. ඒ දුවයි පුතයි. ඊට වසර කිහිපයකට පස්සෙ දරුවන් දෙදෙනා සමඟ බිරිඳ මාව දාලා ගියා. එයාලා ඉන්න තැනක් මම දන්නේ නෑ. ඊට අවුරුදු තුනකට පස්සෙ මිල්ලනිය පොලිස් බල ප්‍රදේශයේ පරගස්තොට නිහාල් යන අය ළඟ මම වැඩ කළා. ඒ කියන්නේ තැඹිලි කැපුවා. එයාලා මට ගෑණු කෙනෙක් හොයලා දුන්නා. එයාගේ නම නයෝමි. එයත් එක්ක හිටියට එයාව කසාඳ බැන්ඳේ නෑ. අපිට ළමයි හම්බුණෙත් නෑ..."
 
"මම ආමි එකෙන් 2009 අවුරුද්දේ ඇබ්සන්ට් වුණා. දැනට අවුරුදු දෙකකට කලින් අවිස්සාවේල්ල ප්‍රදේශයේදී බස් එකක යනකොට රත්නපුර, ඉහළ මල්වල ලලනී මල්කාන්ති පුෂ්පලතා එක්ක මම යාලු වුණා. 2017 අපි විවාහ වුණා. විවාහ වෙලා කහතුඩුව ප්‍රදේශයේ නිවසක කුලියට හිටියා. එහි ලිපිනය මතක නැහැ. පස්සේ මම පවුලත් එක්ක මිල්ලනියට ඇවිත් 'රයිගම මංගල' ළඟ තැඹිලි කැපුවා..."
 
"අපි එහේ හිටියේ කුලී ගෙදරකයි. පසුගිය අවුරුද්ද අවසානයේ මගේ බිරියගේ රත්නපුර, මල්වල ගෙදරට අපි පදිංචියට ගියා. ඒ ගෙදර බිරියගේ පුතෙක් හිටියා. එයා මගේ නෙවෙයි. එයාට වයස අවුරුදු 17ක් විතර ඇති. පවුල මල්වල ඉන්නකොට මම බණ්ඩාරගම රස්සාව කරලා ගෙදර යන්න එන්න තියාගත්තා.."
 
"20119-05-17 වන දින මම හවස හතයි තිහට විතර මල්වල ගෙදර ගියා. එහිදි මගේ පවුලගේ චූටි අක්කයි එයාගේ ළමයි ටිකයි මට ගැහුවා, උන් ගහන ගමන් කිව්වේ, උඹ ගෙදර එන්න එපා.. තෝ ආවොත් මරනවා... අපි නංගිට කන්න දෙන්නං... උඹ මෙහේ එන්න එපා කියලයි.."
 
"එතකොට වෙලාව රෑ 8විතර ඇති. මම ගෙදරින් දොට්ට බැහලා ආවා. ඇවිත් එයාලාගේ වත්තේ හැංඟිලා හිටියා. එහෙම බලන් ඉන්නකොට පාන්දර 4.30ට විතර නැන්දම්මා කුස්සියේ දොර ඇරියා. මම කුස්සියේ තිබුණ පොරව අරගෙන ගේ ඇතුළට ගියා. පවුල පුටු සෙටියේ නිදාගෙන හිටියා. මම එයාට කතා කළා. එයා එකපාරටම නැගිට්ටා. එතකොට මම පොරවෙන් එයාගේ ඔලුවට පාරක් ගැහුවා.."
 
"එතකොට.. අම්මේ.. කියාගෙන එයා වැටුණා... එතකොට අම්මා දුවගෙන එතනට ආවා. අම්මටත් පපුව හරියට පොරවෙන් පාරවල් දෙකක් ගැහුවා. එයාටත් සිහිය නැතුව වැටුණා. එතනම මම පොරව තියලා බස් එකකින් රත්නපුරේට ආවා. ඇවිත් පානදුර බස් එකකින් බණ්ඩාරගමට ආවා. ඇවිත් උදේ රස්සාවට ආවා. මේ දවස් ටිකේම ඒක තමයි කළේ.."
 
පසුව එදිනම අළුයම රත්නපුර නීතිය බල ගැන්වීමේ ඒකකයේ පොලිස් පරීක්ෂක ලයනල් ගුණවර්ධන මහතාට සැකකරු බාරදීමෙන් පසුව රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.
 
'විනිතා මානෙල් ගමගේ'
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,851 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,902 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,411 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  294 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,567 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  329 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  694 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,421 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,629 Downloads



Top 10 Commenters

Latest Comments

Top