Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
06
''මම එක පාරක් එලොව ගිහින් මෙලොව ආව කෙනෙක්.." - වයස අවුරුදු 102ක තවම කවි කියන පැරණිම කවිකාරිය කියයි - Photos

- ''මම එක පාරක් එලොව ගිහින් මෙලොව ආව කෙනෙක්.." - වයස අවුරුදු 102ක තවම කවි කියන පැරණිම කවිකාරිය කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,319 Views
"කාර් එහෙම තිබුණු පොහොසත් පවුල්වල අයට විතරයි ඒවා තිබුණේ."

"ඒත් මේ කව්රුවත් දැන් ජීවතුන් අතර නැහැ..."

කොළඹ කවියේ රුව ගුණ හා සුවඳ විහිදුවන ඒ කවිය, ඇගේ අත්අකුරු මිහිරද විඳිමින් ඈ අබියස සිට කියවන විට, අඩසියවසරක අතීතයට සැබැවින් පිවිසුණාක් බඳු අපූරු හැඟීමක් දැනිණි. ප්‍රේමවතී රාජකරුණා කිවිඳිය, මා කවි රසවිඳිනයුරු බලා සිටින්නී, තව බොහෝ කතන්දර කීමේ නොඉවසිල්ලෙනි. එකසිය දෙවසරක දිවියෙහි පරිණත බවද, මව් ගුණයද, කිවිඳියකගේ සුවිසල් මානව දයාවද එකට කැටි කළ මූර්තියක් බඳු ඈ අසල සිටින විට මට මා කුරුමිට්ටකු සේ හැඟිණි. ඇය අද වන විට ජීවතුන් අතර සිටින කොළඹ යුගයේ පැරණිම කිවිඳිය බවට සැක නැත.

''මම එක පාරක් එලොව ගිහින් මෙලොව ආව කෙනෙක්. මම එහෙම ආයෙ මේ ලෝකෙට ආවේ මගේ චූටි දූට මඟුලක් කරලා දෙන්න ඕනෑ නිසයි. පුතාට බැරිද සුරා සූදුවෙන් තොර හොඳ කොලු ගැටයෙක් මට හොයල දෙන්න?" ඈ විනෝදකාමීය. පිළිවෙළය, උද්‍යෝගිමත්ය. නිතරම ඇගේ මුවේ සිනා රැල්ලකි.

ලියන අතුකෝරලගේ ප්‍රේමවතී රාජකරුණා 1917 ඔක්තෝම්බර් මස විසිපස්වන දින වේයන්ගොඩ උදම්මිට "සිරිමැදුර" නිවසේ උපත ලැබුවාය. ඇය දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක සිව්වැන්නියයි. රටේ ප්‍රදේශ රැසක ජීවත්ව මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හාල්දඬුවන මවුන්ට් කාර්මෙල් ප්‍රදේශයේ ජීවත්වන ප්‍රේමවතී මාතාවට, ඥාතීන් මෙන්ම ගම්වැසියන්ද ආමන්ත්‍රණය කරන්නේ "චූටි හාමිනේ" යන ආදරණීය නාමයෙනි.

චූටි හාමිනේ නොහොත් ප්‍රේමවතී මාතාවගේ පවුලේ සාමාජිකයන් සියල්ලගේම නම් 'ප' අක්ෂරයෙන් ආරම්භ වීම විශේෂත්වයකි. 'ප' අක්ෂරය නමකට තැබීම තුළ ඔහු හෝ ඇය සමාජයේ කැපී පෙනෙන චරිතයක් වන බවට එදා පැවති සමාජ මතය හා මේ පවුලේ වැඩිමහල්ලන් වූ ලියන අතුකෝරල දොන් ගෝමින් රාජකරුණා මහතා හා දෝන මැන්සි නෝනා සමරදිවාකර හාමිනේ යන දෙපළ 'ප' අක්ෂරයට තිබූ දැඩි කැමැත්ත තම දරුවන් පස් දෙනාටම මෙලෙස නම් තැබීමට හේතුව වී තිබේ.

"මගේ ලොකුම අයියා පියසේන රාජකරුණා. එයා රජයේ හිටපු විමර්ශන නිලධාරියෙක්. දෙවැනියා පියතිලක රාජකරුණා. එයා නාවික හමුදාවේ වාගේම තවත් ආයතන කීපයක වැඩ කළා. තුන්වැන්නිය ප්‍රේමසීලි රාජකරුණා. මට වගේම තමයි රැකියා අකැප වූ කාන්තාවක්. හතරවෙනියා මම ප්‍රේමවතී. පස්වැන්නා පියරත්න රාජකරුණා. එයා ප්‍රසිද්ධ කවිකාරයෙක්. එයා ගැනනම් ගොඩක් කියන්න දේවල් තියනවා. කියන්නම්කො ... ඒත් මේ කව්රුවත් දැන් ජීවතුන් අතර නැහැ... ලස්සනයි නේ නම් ටික. 'ප' පයන්න.. නයාගේ තියෙන්නෙත් 'ප' යන්න නේ..." චූටි හාමිනේ සිනාසෙමින් කීවාය.

එදා භාෂාවෙන් කීවොත් චූටි හාමිනේ කනිෂ්ඨය සමත් කාන්තාවකි. එදා කනිෂ්ඨය සමත් වීම ගුරු පත්වීමක් හෝ රජයේ වෙනත් රැකියාවක් ලබා ගැනීමට සුදුසුකමකි. "මම ගියේ වේයන්ගොඩ පත්තලගෙදර රජයේ බාලිකා විදුහලට. ඒ දවස්වල ඉස්කෝලේ යන්න වයසක් තිබුණෙත් නැහැ, ඉස්කෝලෙන් අස් වෙන්න වයසක් තිබුණෙත් නැහැ. මම අවුරුදු 21දී තමයි 'ජූනියර් ස්කුල් සෙටිපිකට්' එක ගත්තේ. මම ඉතිහාසය, භූගෝලය ඇතුළු විෂයන් පහක් සමත් වුණා. මේ එක්කම මට ගුරු පත්වීමක් ලැබුණා. නමුත් මගේ අම්මා කැමති වුණේ නැහැ මං රැකියාවකට යනවට. ඒ වෙද්දී තාත්තා නැහැ. නමුත් අපිට කිසි අගහිඟයක් තිබුණේ නැහැ. මොකද ඉඩකඩම් වතු පිටි වගේම සැලකියයුතු දේපොළක් අපිට තිබුණා.
ලේක් හවුස් ආයතනය හා අපේ කතානායිකාවගේ පවුල අතර මනා සම්බන්ධයක් තිබී ඇත. මීට වසර අසූවකට එපිට ලේක් හවුස් ආයතනයෙන් පළ කළ 'දිනමිණ සූප ශාස්ත්‍රය' පොත අදටත් ප්‍රේමවතී මාතාව සතුව තිබේ. ඇය එය මට පෙන්වූයේ සුරැකිව තබා ගෙන තිබූ මහාර්ඝ වස්තුවක් මෙනි. "1930 අවුරුද්දේ තමයි මේකේ පළමු මුද්‍රණය පළ වෙලා තියෙන්නේ. මට මේක ලැබුණේ 1959දී. මගේ මහත්තයා තමයි මට මේක ගෙනල්ලා දුන්නේ. ඒ දවස්වල ඉතින් මම මේක දිහා බලාගෙන කෑම හදනවා. මට මේ කෑම හදන්න උදව් කරන්න බක්කරේ කෙනෙක් වෙනම හිටියා. ඒ වගේම අපේ ගෙදර ලොකු දර පෝරණුවකුත් තිබුණා."

ප්‍රේමවතී මාතාවගේ පියාගේ සහෝදරයෙකු වන පත්තලගෙදර රාජකරුණා මහතා සේවය කර ඇත්තේද ලේක් හවුස් ආයතනයේය. "ඉස්සර මම ලේක් හවුස් පත්තරවලට කවි ලිව්වා. මගේ කවියක් පළ වුණාම මට තිබුණ සතුට කියා ගන්න බැහැ. ඒ වගේම තමයි මගේ සහෝදරයා, පියරත්න රාජකරුණාත් ප්‍රසිද්ධ කවි කාරයෙක්. හිටිවන කවි කියන්නත් දක්ෂයා. එයාට එයාගේ නෝනා ලැබුනෙත් දිනමිණ පත්තරේට කවි ලියලා. ඒ නිසා ලේක් හවුස් ආයතනයත් එක්ක ලොකු සම්බන්ධයක් අපේ තියෙනවා. "

තමා ලියූ කවි අඩංගු පොතක් ඈ සතුව තිබේ. ඒ එකිනෙකෙහි වග විස්තර අසමින් ඇය සමඟ තවත් දවසක් ගතකරන්නට ආසා හිතෙයි. ලිපියේ මුලින්ම උපුටා දැක්වුණේ එහි සඳහන් කවියකි. මේ තවත් කවියකි.
 
මිහිරාණියේ ඔබ හා එකිනෙකට ගැටී
සිහි කොට කඳුළු සැලුවෙමි දුක් සයුරෙ ගැටී
නිදහස ලබාගෙන නොහෙළා කඳුළු කැටී
එන්නෙමි ඔබෙ පැලට සොම්නස් සුවයෙ ගැටී

රටේ වැඩි ප්‍රදේශයක විදුලිය නොමැති වකවානුවක ආහාර කල් තබා ගැනීම සදහා ශීතකරණයක් භවිත කළ නිවසක ජීවත් වූ අපේ කතා නායිකාව, එම ශීතකරණය ක්‍රියාකරවීම සදහා යොදාගත් බලශක්තිය පිළිබඳවද කීවාය. "මට මතක විදිහට අපේ ගෙදර තිබුණේ ඉලෙක්ට්‍රෝලක්ස් ශීතකරණයක්. මේ ශීතකරණයේ විශේෂත්වය, මේක භුමිතෙල්වලින් හා විදුලි බලයෙන් යන දෙකෙන්ම වැඩ කරන්න පුළුවන්. අපට විදුලිය තිබුණේ නැති නිසා අපි මේ ශීතකරණය පාවිච්චි කළේ භූමිතෙල් දාලා. මේ ශීතකරණයේ තිබුණා තට්ටුවක්. ඒකට තමයි භූමිතෙල් දාන්න තිබුණේ. පිටිපස්සේ පොඩි පහනක් තිබුණා. ඒක පත්තු කළාම ශීතකරණය වැඩ. මස්, මාළු ඕනෑ දෙයක් කල් තියා ගන්න පුළුවන් උණා. මේ වගේ ශීතකරණ අද වගේ හැම ගෙදරකම තිබුණේ නැහැ. කාර් එහෙම තිබුණු පොහොසත් පවුල්වල අයට විතරයි තිබුණේ."

උදම්මිට "සිරිමැදුර" නිවස එදා ප්‍රදේශයේ නමක් දිනා සිටි පවුලක් ජීවත් වූ නිවසක් බවද කී ඇය 'මට හොඳට කාර් එලවන්නත් පුළුවන්' යැයිද කීවාය.

අවුරුදු විසි එකේදී අධ්‍යාපනය හමාර කළත් චූටි හාමිනේට මංගල සීනු හැඬවෙන්නේ අවුරුදු 34දී, එනම් 1951 වර්ෂයේදීය. ඇයගේ මනාලයා වූයේ වතු පාලකවරයකු වූ අප්පුහාමි කොස්තා මහතාය. මේ යෝජනාව ගෙනවිත් ඇත්තේ එවකට වතු ක්ෂේත්‍රයේ නමක් දිනා සිටි පුද්ගලයෙකු වූ චූටි හාමිනේගේ සීයාය.

"එයා වතු පාලකයෙක් හින්දා රටේ ප්‍රදේශ කීපයක ජීවත් වෙන්න යන්න සිදු වුණා. කුරුණෑගල රොක්කෙව් වත්ත, මීරිගම දික්ලන්ද වත්ත, දුම්මලසූරිය කොවුල්වැව වත්ත, පල්ලම මණ්ඩලාන පොතුවල වත්ත අපි හිටපු වතු කීපයක්. ඒ දවස්වල මට අතට පයට වැඩ කාරයෝ හිටියා."

මේ දෙපළගේ එකම දරුවා වන්නේ මොහාන්දාස් රන්ජිත් ද කොස්තා මහතායි. ප්‍රේමවතී මාතාව තම එකම දරුවාගේ ගති ගුණ පිළිබඳවද කීවාය. "මගේ රත්තරන් පුතා තමයි මේ ඉන්නේ. මේ එයාගේ නෝනා, උත්‍රා වික්‍රමසිංහ. එකම මිනිපිරි හරි ලැජ්ජාකාරී. මේ තුන්දෙනා තමයි මගේ ජීවිතේ. මේ මගේ ලේලි කිව්වට එයා මගේ දුව වගෙයි. ඒ තරම් බැදීමක් අපේ තියනවා." ඇය සිය ලේලියගේ අත ගෙන ඇගේ කර වටා දමා ගත්තාය.

"මගේ පුතා ලොකු තනතුරක් දරපු කෙනෙක්. එයා ඒවා කියන්නේ නැහැ. එයා හිටපු බාලදක්ෂ කොමසාරිස්වරයෙක්"

ප්‍රේමවතී මාතාව හොඳ සූපවේදිනියකි. ඇය කැමතිම ආහාර වට්ටෝරුවක් රැස පාඨකයන් වෙනුවෙන් බෙදා ගැනීමට ඇය ඉතා කැමති වූවාය. ඒ 'ඉඳිආප්ප දොදොල්'ය.

"මේකට අවශ්‍ය වෙන්නේ ඉඳි ආප්ප අටක් හෝ දහයක්, හකුරු රාත්තල් එකක්, පොල් කිරි කෝප්පයක්, කුරුඳු පොතු අඟලක කැබැල්ලක්, යාන්තම් බැද කුඩු කරගත් මාදුරු ස්වල්පයක්. මුලින්ම කරන්න තියෙන්නේ පොල්කිරි ටිකක් ඉදිආප්පවලට වක් කරලා ඉඳිආප්ප කැබලිවලට කඩා ගන්න එක. පස්සේ හකුරු, පොල්කිරි, කුරුඳු එක බඳුනකට දාලා හොඳට උකුවෙනකම් හැඳි ගා ගන්න ඕනෑ. ඊට පස්සේ මේකට කඩා ගත් ඉඳිආප්ප දමනවා. අවසානයේ අපි ළඟ තිබෙන කුළු බඩු ටික උඩින් ඉහලා හොඳට උකු වෙනකම් හැඳි ගා ගන්න ඕනෑ. අවසානයේ බටර් තවරපු දීසියකට මේ ටික දාලා බටර් හෝ ගිතෙල් ගෑ කෙසෙල් කොළ කෑල්ලක් අරගෙන මේ මිශ්‍රණය හොඳට මට්ටම් කරගෙන අලුවා කෑලි හැඩේට හරි, හතරැස් හැඩේට හරි කපා ගන්න පුළුවන්. හදලා බලන්නකෝ, මාව මතක්වෙන්නත් එක්ක..."


ප්‍රේමවතී මාතාව ගමනක් බිමනක් යන විට හෝ නිවසට අමුත්තෙකු පැමිණි විට සාටකයක් පැළඳ සිටීම සිරිතය‍ි. උත්‍රා වික්‍රමසිංහ මහත්මිය, තම නැන්දනියට වර්ණ කීපයකින් සාටක ඇති බව කීවාය. ඇය ඇගේ ජීවිතයෙන් වැඩි කාලයක් වූ වසර හැත්තෑවක් පමණ ඇඳ ඇත්තේ ඔසරියයි. වයසට යෑමත් සමග ඔසරියෙන් ගවුමට මාරු වූ ඇය, සාටකයක්ද ඊට එක් කර ගත්තාය. එය ඇයට අනන්‍ය වූ කලාත්මක ඇඳුමකි. ඒ ඇඳුම ඇගේ සුවිශේෂත්වය අඟවයි.

ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න
රැස



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  114 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,633 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  6,206 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,893 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  338 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,048 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  368 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  543 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  730 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,514 Downloads



Top 10 Commenters

Latest Comments

Top