Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
06
"ඔහුගේ මිතුරන් සමඟත් ලිංගිකව හැසිරෙන්න බල කරමින් මට පහර දුන්නා.." - චීන තරුණයන් හා විවාහ වන පාකිස්තාන යුවතියන්ට අත්වන අවාසනාවන්ත ඉරණම - Photos

- "ඔහුගේ මිතුරන් සමඟත් ලිංගිකව හැසිරෙන්න බල කරමින් මට පහර දුන්නා.." - චීන තරුණයන් හා විවාහ වන පාකිස්තාන යුවතියන්ට අත්වන අවාසනාවන්ත ඉරණම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36,293 Views
චීනෙට ගියාට පස්සේ දැනගත්තා මගේ විවාහය ව්‍යාජ එකක් කියලා..
 
මාව මරලා මගේ අවයවත් විකුණගන්න බවට තර්ජනය කළා...
 
පාකිස්තානයේ පිටිසර ගම්මානයක ක්‍රිස්තියානි පල්ලියක සිදුවන විවාහ මංගල්‍යයකි. යුරෝපීය ඇඳුමින් සැරසුණු විසි දෙහැවිරිදි කඩවසම් මිත්‍රශීලී පොහොසත් චීන තරුණයා අලුත හඳුනා ගත් පාකිස්තාන් නෑදෑයන් හා මුසු වන්නේ කලක සිට දැනහැඳුනුම් ඇති අයකු ලෙසය. අංග සම්පූර්ණ මංගල ඇඳුමින් සැරසුණු දාසය හැවිරිදි සුකුමාල පාකිස්තාන් මනමාලිය දෙස ඇගේ දුප්පත් මවුපියන් බලා සිටින්නේ ‘අනේ කෙල්ලගෙ වාසනාව. දුර බැහැරක වුණත් කාලා ඇඳලා කුමාරියක් වගේ සන්තෝසෙන් ඉන්න පුළුවන්’ සිතමින් ඉහ වහා යන ප්‍රීතියෙනි. පල්ලියේ පූජක උත්තමයන් හරහා යෝජනා වූ කටයුත්ත තීන්දු කෙරුණේ හදිසියෙනි. ඔවුන්ට කිසිම බරක් නොදී මනමාලයා අත දිගහැර හැම දේටම වියදම් කිරීම ලොකු සහනයකි.

එහෙත් මේ සුරංගනා කතාවක් බඳු කතාන්දරයේ ඊළඟ පරිච්ඡේදය පුරා ගලා යන්නේ දුක් කඳුළු බව කිසිවකු ඒ මොහොතේ දැන නොසිටී.
 
2018 ඔක්තෝබර් මාසයේ සිට මේ වන විට දහසකට අධික පාකිස්තාන් යුවතියන් පිරිසක් චීන තරුණයන් හා විවාහ වී චීනයට පැමිණ ඇත. ප්‍රධාන වශයෙන් මුස්ලිම් රටක් වන පාකිස්තානු ජනගහනයෙන් සුළු ප්‍රතිශතයක් වන ක්‍රිස්තියානි පවුල්වල, අඩු වයස් යුවතියන් ඔවුන්ගේ ඉලක්ක වී ඇති බව පෙනේ. ඔවුන් දැල එළන්නේ ඒ දැරියන්ගේ මවුපියන්ටය. ජීවිතේ ගැට ගසා ගැනීමට දුක් විඳ හෙම්බත් වුණු ඔවුන් මත ඩොලර් සිය දහස් ගණන් වැටෙන විට මේ නම් කුමන වාසනාවක්දැයි ඔවුන්ට හැඟීම පුදුමයක් නොව්.
 
දශක කිහිපයකට පෙර චීනය ‘එක් පවුලකට එක් දරුවෙක්’ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා මිලියන ගණනක් චීන පවුල්වල ලොකු මහත් වූයේ එකම පිරිමි ළමයකු පමණි. ඔවුහු අද තරුණ වියට පත්ව සිටිති. මිලියන ගණනක් වන මෙම තරුණයන්ට ඔවුන්ට ගැළපෙන සමකාලීන චීන තරුණියන්ගේ විශාල හිඟයක් පවතී. ඒ නිසා වියට්නාමය, උතුරු කොරියාව, කාම්බෝජියාව, මියන්මාරය ආදී රටවලින් විවාහයට මනමාලියන් ගැනීමට ඒ චීන තරුණයන්ට අවසර ලැබිණි.
 
පසුගිය කාලයේ චීන ජාතිකයන් දහස් ගණනකට පාකිස්තානයට ගලා එන්නට ඉඩ සැලසෙන්නේ දෙරට අතර ඇති ආර්ථික ගිවිසුම් නිසාය. ඩොලර් බිලියන හැටකට අධික වියදමින් සිදුවන චීන පාකිස්තාන් ආර්ථික කොරිඩෝරය (China Pakisthan Economic Corridor) වැඩසටහනට අනුව වරායන්, අධිවේගී මාර්ග දුම්රිය මාර්ග හා බලශක්ති ව්‍යාපෘති ආදී දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම රැසකට ‍දොර විවර විය. බලලෝභී, දූෂිත, අකාර්යක්‍ෂම දේශපාලනය නිසා අගාධයට යමින් පවතින කුඩා රාජ්‍යයන්හි ආර්ථික ගැටලුවලට අතපොවා, තම බල වපසරිය ව්‍යාප්ත කර ගැනීමේ කූට වැඩපිළිවෙළක චීනය සිටින බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන කරුණකි. අති විශාල ප්‍රමාණවලින් ණය ලබාදී දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කොට, ණය උගුලකට සිර කොට අවසානයේ චීනයටම එම සම්පත් හිමිවන තැනට කටයුතු සිදුවේ. ශ්‍රී ලංකාවද එහි ගොදුරුක් බවට පත්වෙමින් තිබෙන බව අප කවුරුත් දන්නා කරුණකි. මේ සඳහා ‘රට තුළට පැමිණි පසු වීසා ලබාගැනීමට අවසර දීම’ යන ක්‍රමවේදය මත විවිධ ව්‍යාපෘතීන්ට සම්බන්ධ ඉන්ජිනේරුවන්, කාර්මිකයන් ආදීන්ට ලබාදී ඇති අවස්ථාවට මුවාවී දූෂිතයන්ද මෙරටට පැමිණේ.
 
මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන මාධ්‍ය කණ්ඩායම් හා සමාජ ක්‍රියාකාරී සංවිධාන පවසන්නේ චීන තරුණයන්, පාකිස්තාන් ක්‍රිස්තියානි පූජකයන් හා පාකිස්තාන් තැරැව්කරුවන් කණ්ඩායම් ඉතා සූක්‍ෂ්මව සංවිධානගත වී මෙය සිදු කරන බවකි. මෙම විවාහ නිසා චීනයට ගිය බොහෝ යුවතියන් වැටී සිටියේ කබලෙන් ළිපටය. භාෂාව නොදැනීම, ආගම ඇදහීමට අවසර නොලැබීම, සැමියා යැයි පෙනී සිටි තැනැත්තාගෙන් වන වධහිංසා, අතවර මේ අඩු වයස් කෙල්ලන්ව දරාගත නොහැකි පීඩනයකට පත් කරයි. එවන් බොහෝ යුවතියන් තල්ලු වෙන්නේ ලිංගික වහල් සේවයේ ගොදුරු බවටය. මේ එවන් යුවතියක වූ මීනා හැඬු­ කඳුළින් පවසන දෙයයි.
 
"අපි බැඳලා ලාහෝර්වල ලොකු ගේකට ගියා. එහිදී මම වගේම චීන අය එක්ක විවාහ වූ ගොඩක් ජෝඩු හමුවුණා. අපේ වීසා කඩදාසි සකස් වනතුරු අපි එහි ඉඳගෙන චීන භාෂාව ඉගෙන ගත්තා. මේ විවාහයට මගේ මවුපියන් බල කළ නිසායි මට කැමැති වෙන්න වුණේ. චීනෙට ගියාට පස්සේ දැනගත්තෙ මගේ සැමියා ක්‍රිස්තියානි අයකු නොවන බවත්, මෙම විවාහය ව්‍යාජ එකක් බවත් ඔහුගේ මිතුරන් සමඟත් ලිංගිකව හැසිරෙන්න බල කරමින් මට පහර දුන්නා. එය නොකළොත් මාව මරලා මගේ අවයවත් විකුණගන්න බවට තර්ජනය කළා...."
 
ඇය විසින් පාකිස්තානු තානාපති කාර්යාලය හරහා චීන බලධාරීන්ගේ උදවු ඇතිව නැවත මවුරටට පැමිණ සිටියේ පස් මසක දරු ගැබකුත් සමඟය.
 
මේ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වන පාකිස්තාන් අපරාධ පරීක්‍ෂණ අංශයේ (FIA) නිලධාරියකු බීබීසී සේවයට පැවැසුවේ ලිංගික කටයුතුවලට පොලඹවා ගත නොහැකි කාන්තාවන් අවයව ජාවාරමට ගොදුරුවීමේ අවදානම බොහෝ දැඩිව පවතින බවය.
 
චීනය ඔවුන්ට එරෙහි චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන්නේ අපරාධකරුවන් පිරිසක් නිසා දෙරට අතර කලක සිට පවතින මිත්‍රත්වයට හානි කරගත යුතු නොවන බවය. පාකිස්තානයද ඔවුන්ට ඇති ආර්ථික ප්‍රතිලාභ හමුවේ චීනයට චෝදනා කිරීමට ඉක්මන් නොවේ. ඒත් Human Right Watch වැනි මානව හිමිකම් සංවිධානවලින් වන බලපෑම නිසා මෙම අපරාධකාරයන් සොයා මෙහෙයුම් දියත්වීම ආරම්භවී ඇත. පාකිස්තාන් කාන්තා ක්‍රියාකාරිනියන් එරට ජනාධිපති ඉම්රාන් ඛාන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම චීන විවාහ තහනම් කර දෙන ලෙසය. එහෙත් වර්තමානයේ පවතින තත්ත්වය අනුව දෙරට සංකීර්ණ දේශපාලන තීරණ අතර තැළී පොඩි වන මල් කැකුළු බඳු මෙම යුවතියන්ගේ ඉරණම සුබවාදීව විසඳෙනු ඇතැයි සිතිය හැකිද?
 
වෛද්‍ය ලංකා සිරිවර්ධන
'මව්බිම'



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,035 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,082 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  10,393 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  785 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  466 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,207 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,367 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  977 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,411 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,191 Downloads



Top 10 Commenters

Latest Comments

Top